පවතින අර්බුධයට විසදුම් සෙවීම සදහා ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම අනෙකුත් සියලුම පක්ෂවලට අරාධනා කලත් පැහැදිලිවම රට බාරගැනීමට විවිධ කොන්දේශි ඉදිරිපත්කරමින් කල් මරමින් සිටියහ.
ඒ අතර අප මීට පෙර පුවත ඉදිරිපත් කරනවිට රනිල් වික්‍රමසිංහ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්චා පැවැත්වෙමින් තිබිණි. ඒ අනුව රට ගොඩනැගීමේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගෙන තිබේ. ඒ කොන්දේශි තුනක් යටතේය.
- මාස හයකින් මැතිවරණයක් පැවැත්වීම
- 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත බලාත්මක කිරීම
- කිසිදු අමාත්‍යංශයකට ජනාධිපතිවරයා බලපෑම් නොකිරීම
යන කොන්දේශි මත අභියෝගය බාරගෙන තිබේ. ඒ අනුව ඒ මහතාට සහයෝගය පිණිස දමිල පක්ෂද සූදානමින් සිටි. ඊට අමතරව සජිත්ගේ පිලෙන්ද 20 කට වැඩි මන්ත්‍රී කණ්ඩායමක් ඔහු සමග එකතුවීමට තීරණය කර තිබේ.
එසේම මේ වන විට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද යම් කැළඹීමට පත්ව සිටින බව වාර්තා වන අතර සමගි ජන බලවේගයද රට බාරගැනීමට කොන්දේශි ලිහිල් කර තිබේ.
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවන බවට නිල වශයෙන් නිවේදනය කර නැති නමුත් මේ වන විට අප ඉහතින් සදහන් කල කාරනාව තහවුරු වී තිබේ. එසේම විවිධ දේශපාලන න්‍යායපත්‍රයන් මත මේවා වෙනස් වීමටද ඉඩකඩ තිබේ.













































