ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ වන විට දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් නෞකාව අදාළ මුදල් සොයා ගැනීමෙන් අනතුරුව හැකි ඉකමනින් නිදහස් කර ගැනීමට උත්සාහ කරන බවත් මෙය යථා තත්ත්වයට පත්වන විට සෙනසුරාදා, ඉරිදා පමණ වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.












































