වර්තමාන අග්රාමාත්යවරයා මීට සුළුමොහොතකට පෙර සාමාන්ය ජනතාවගේ බෙල්ල මිරිකා රාජ්ය සේවකයන් නිහඩ කිරීමට තීරනය කරන ලදී. ඒ නව අයවැය යෝජනාවලින් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමයි.
නමුත් අරගලය ආරම්භ වුයේ ගොවි කම්කරු ජනතාවගෙනි. එම අරගලයේ ආරම්භය වුයේ පොහොර නොමැති වීමෙනි. මෙරට රාජ්ය සේවය යහමින් තිබුනේ නම් ශ්රී ලංකාවට මෙවැනි අභාග්ය සම්පන්න යුගයක් උදා වන්නේ නැත.
අහස උසට ගිය බඩුමිල හේතුවෙන් මිනිසුන්ට එදා වේලවත් නැතිව ගොස් තිබේ. ඒ අස්සේ රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමෙන් එම බදුද ගෙවන්නට වන්නේ මෙරට අසරණ ජනතාවටයි.
රාජ්ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමෙන් මේ ප්රශ්නය සමනය වන්නේ එය ඉතාම හොද වැඩකි. නමුත් රාජ්ය සේවය දෙස දැන් මෙරට ජනතාව බලනුයේ වෛරී දෑසිනි. මේ අවස්ථාවේ කල යුත්තේ කිසිම පාර්ශ්වයක වැටුප් වැඩි කිරීම නොවේ. සියලුම දෙනාට යහපත් රටක් නිර්මාණය කර දීමයි.
















































