ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තුවරයෙකු වන ආර් දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජානාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (31) අත්හිටුවා තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනයට ලක්ව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මවවන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31 විභාගයට ගෙන තිබේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියනිය වේ.
එහිදී එම නඩු දෙකම ඉදිරියට ගෙන යාමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වසර ලබා දී ඇති අතර දුමින්ද සිල්වාට විදේශ ගමන් තහනම් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. එසේම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙසද ඉල්ලා තිබේ.
ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් නීතිඥ එරාජ් ද සිල්වා පෙනී සිටි අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පෙනී සිටියේය.
එසේම මෙම නඩුව සුවිශේෂී නඩුවක් බවට පත්වෙන අතර ශ්‍රී ලංකාවේ තවත් සිවිශේෂී නඩු තීන්දුවක් බවට මෙම නඩුවේ අවසන් තීන්දුව පත්වනු ඇත. එම නඩු තීන්දුව කුමන අකාරයේ තීන්දුවක් වුවත් එය විශිෂ්ඨතම නඩු තීන්දුවක් වනු ඇත.














































