ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදී තවමත් තමන්ගේ බලය රක ගැනීමට දගලන මැති ඇමතිවරු කිහිප දෙනෙකුම අපට දක්නට ලැබේ.
ඒ අතරින් මේ දිනවල ඉහලින්ම සිටින්නේ අමාත්‍ය කාංචන විජේසේකරයි. මීට දින කිහිපයකට පෙර ඉන්ධන හිගය ගැන කියා අද පෙරවරුවේ ප්‍රකාශ කලේ හෙට සිට නොකඩවා ඉන්ධන බෙදා හරින බවයි.
ඊටත් පෙර රුසියාවෙන් ඉන්ධන ලබා නොගැනීම පිලිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කල විට ඔහු පවසා සිටියේ රුසියාවෙන් ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කල බවයි. එදිනම රුසියානු තානාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ඉල්ලා නැති බවයි. ඒ පසුගිය 25 හෝ ඊට ආසන්න දිනකදීය.
පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ශ්‍රී ලංකාවට ආසන්නයේ ගැබුරු මුහුදේ නවතා තිබු බොරතෙල් නැව ගෙන්වා තිබෙන්නේ ඩුබායි සමාගමක් හරහාය . එදින සිට මාස දෙකකට ආසන්න කාලයක් එය ගැබුරු මුහුදේ නවතා දමා තිබුනේ එය ගැනීම සදහා ඩොලර් නැති නිසා බව කියැවිණි. නමුත් පසුගිය 27 වැනිදා අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කලේ රුසියාවෙන් ඉන්ධන ලබා ගත් බවයි. එසේ ප්‍රකාශ කරමින් ගැබුරු මුහුදේ නවතා තිබු නැවට මුදල් ගෙවා ලංකාවට ගන්නා ලදී.
මේ අකාරයෙන් බොරු ගනනාවක් ප්‍රකාශ කල කාන්චන විජේසේකර අමාත්‍යවරයා මීට දිනකට පමණ පෙර සදහන් කලේ දැඩි ඉන්ධන හිඟයක් තිබෙන බවයි. ඒත් සමගම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ සති තුනක් යන තෙක් ඉන්ධන හිඟයක් පවතින බවයි.
අගමැතිගේ ප්‍රකාශයෙන් විනාඩි කිහිපයකට පසුව ඛනිජ තෙල් ඇමති කාංචන විජේසේකර ප්‍රකාශ කලේ හෙට සිට හිගයකින් තොරව ඉන්ධන නිකුත් කරන බවයි.
කවුරු කවුරුත් තම බලය වෙනුවෙන් ජනතාව දවස් ගනනාවක් පෝලිම් වල තබාගෙන මේ පළිගන්නේ කාගෙන්ද යන්නවත් ඔවුන්ගේ මොළ ගෙඩි වලට නොදැනෙන්නේ නම් එහි ප්‍රතිපලය දැවැන්ත විනාශයකින් කෙළවර වනු ඇත.














































