English
සිංහල
03:10 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාට ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ බලවත් කණගාටුව පලකරයි .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප ඊයේ (07) උදෑසන “ පොලිස් මාධ්‍ය කොඨිඨාශය මැජික් පෙන්නයි” යනුවෙන් පුවතක් පලකරන ලද්දේ , පසු ගිය 09 වැනිදා ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේඛ්ම්වරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ නම සදහන්ව නොතිබීම පිලිබඳවත් විවේචනාත්මකව ලිපියක් පලකරන ලදී.

    අප පුවත් සහ ලිපි පළකරනුයේ පලකරනුයේ එම පුද්ගලයා හෝ ආයතනය දෙස සමාජය බලන ආකාරයට සහ පවතින නීති රාමුව තුල සිටය. එසේම අරගල භූමියට පහර දීමට පැය දෙකකට පමණ පෙර අරගලයට පහරදීමෙන් ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම දැවැන්ත විනාශයක් සිදුවන බව ද අප වාර්තා කර තිබේ. එසේම දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙන්ම එම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම තවමත් සිදුකර නොමැතිව තිබීම මෙන්ම පවතින ගැටළු වලට පිළිතුරු ලබා දීමට රජය තවමත් අපොහොසත්වීම නිසා  ජනතාවගේ කෝපය දිගින් දිගටම වැඩිවෙමින් තිබේ. එවැනි අවස්ථාවක ජනමාධ්‍ය ආයතනයක් ලෙස දුර්වල පැත්තේ සිට ගැනීමට සිදුවන අතර කිසිම බලාධිකාරයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් ලිවීමට හැකියාවක් නැත. මෙම සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුව පවා දුර්වල වුවත් ඒ සියලුම ස්ථානවලදී අප පොලිසිය වෙනුවෙන්ද ලිපි ඕනා තරම් ලියා තිබේ. එසේම අපට ජනතාවක් ලෙස දේශපාලකයන් මෙන්ම පොලිසිය ඇතුළු සියලුම පුරවැසියන් අපේ රටේ අපේම මිනිසුන් වේ. අපගේ වචන භාවිතය  විරුද්ධව හෝ උසුළු සහගත හෝ නින්දා සහගත හෝ ලෙස භාවිතා කරනුයේ පවතින සමාජමය අවශ්‍යතාවය මත සහ සමාජයෙන් ඔවුන් දෙස බලන කෝණය අදාළ බලධාරීන්ගේ සහ පුද්ගලයන්ගේ අවධානයට පමණි. එම භාවිතය කල යුතු අකාරයද මාධ්‍යවේදය තුල ඉතාම මැනවින් උගන්වන අතර අපගේ ලිවීමද සිදුකරනුයේ ඒ අනුවය. ඒ හැර කිසිම පුද්ගලයෙකුට  හෝ ආයතනයකට සෘජුවම නින්දාවක් හෝ අපහාසයක් සිදු  කිරීමට එසේ වචන භාවිතා නොකරයි.  

    එම පුවතට ප්‍රතිචාර දක්වමින් ඊයේ රාත්‍රියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා අප වෙත දුරකතනයෙන් ආමන්ත්‍රණය කරමින්  එසේ නම්  සඳහන් නොකිරීමට  හේතුව පැහැදිලිකර තිබේ. පෙරලා පිළිතුරු ලබා දෙමින් අප ඒ පිලිබඳව නීතිමය සහ පවතින තත්වය පිලිබඳව සහ එසේ නම් සඳහන් නොකිරීමේ ප්‍රතිපලය ආදියද, පොලීසිය දෙස ජනතාව තව දුරටත් සැකයෙන් බලන අකාරය පිළිබඳවද දීර්ඝ වශයෙන් පැහැදිලි කර දීමටද වගකිව යුතු පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස අප කටයුතු කර තිබේ. කෙසේ නමුත් මෙම සියලුම සිද්ධීන් වලදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අසරණ බවද, දේශපාලනීකරණය වූ පොලිසියක ඉරණමද අප මීට පෙර ලිපිවල ඕනා තරම් පැහැදිලි කර තිබේ. මේ කිසිදු දෙයකට වරද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොවන බවද, වගකිව යුත්තේ කවුරුන්ද යන්නද අප මනාව වාර්තා කර තිබේ.

    කෙසේ නමුත් ඔහු අප ආයතන ප්‍රධානියා සමග කතාකිරීම ආරම්භ කර තිබෙන්නේ  “ මේ පිලිබඳව ඔබෙන් ප්‍රශ්න කිරීමට මට අයිතියක් නෑ. නමුත් එම පුවත පිලිබඳව අදහසක් දැක්වීමට මට හැකියාවක් තිබේද?.” යන්න ඉතාම නිහතමානී ලෙස විමසමිනි. එසේම අපට ලැබෙන පුවත් සහ විමර්ශනාත්මක ලිපි පළකරනුයේ අනෙක් පාර්ශ්වයෙන් විමසීමක් නොකරය. නමුත් ඕනෑම පුවතකට ප්‍රතිචාර දැක්වීමේ ඉඩකඩ මෙන්ම, ඒ පිලිබඳව දක්වන ඕනෑම අදහසක් පළකර දීමටද අප සදාචාරාත්මක ලෙසම බැදී සිටින අතර සෑම පුවතකම යටින් එය ප්‍රදර්ශනය කර තිබේ.  

    කෙසේ වුවත් නීතියට අනුව යම් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව නිවේදනය කිරීම අත්‍යාවශ්‍යම කටයුත්තක් නොවන නමුත් මේ අවස්ථාවේ පොලීසිය සහ ජනතාව අතර තිබෙන ගැටලුව දැඩි හානිදායක නිසා ජනතාව අතර විශ්වාශය ඇතිවන ලෙස සිද්ධියට අදාළ නිවේදන නිකුත් කරගැනීමේ අවශ්‍යතාවය මත එම පළකිරීම සිදුකල බවද අප ආයතනයේ හිමිකරු විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත  පැහැදිලිකර දී තිබේ.

    අප මාධ්‍ය ආයතනයේ හිමිකරු සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා අතර ඉතාම සුහඳ අයුරින් එම දුරකථන සාකච්චාව පවත්වා තිබේ. එසේම කිසිම ආකාරයක තර්ජනයක් හෝ බහින් බස් වීමක් සිදුව නැති අතර එම ලිපිය තුලින් නිහාල් තල්දුව මහතාගේ නාමයට කිසිදු කැළලක් ඇතිවන සටහනක් හෝ තබා නැත. නමුත් වක්‍රාකාරයෙන් එහි වගකීම ඔහුට පැවරෙන බැවින් ඔහු එසේ අපව ආමන්ත්‍රණය කරමින් කරුණු පැහැදිලි කර දී තිබේ.  

    එම පුවත පලකිරීමේ අපගේ අර්ථය වුයේ යම් තොරතුරක් සහිත නිවේදනයක් ඉදිරිපත් කිරීමේදී එම නිවේදනයේ සියල්ලම සත්‍ය ලෙස ග්‍රහණය කරගැනීමට හැකි ලෙස නිවේදනය කිරීම  තුලින් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතා විශ්වාශය ඇති කරවීමය. පොලිස් දෙපාර්තමේන්තුව යනු අප සැමටම අයත් ආයතනයකි. එසේම දේශය සුරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම ස්ථානයක යම් අඩුවක් දුටුවේ නම් එය විවේචනය කිරීමෙන් පමණක් නිවැරදි වීමක් සිදු වේ. එසේ නොමැතිව පුවතක් පමණක් පළකිරීමෙන් අඩු පාඩු හෝ නිවැරදි කිරීම් සිදු නොවේ. අපට අවශ්‍ය වන්නේ වඩාත්ම නිවැරදි යයි විද්‍යාත්මකවත්, සදාචරාත්මකවත් පිළිගත් දේ පමණක් මුල් කරගෙන මව් බිම සුරැකීමේ කටයුත්ත සිදුකිරීම සදහා පුවත් සහ ලිපි පළකිරීම පමණි.

    නමුත් පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස “පොලිස් මාධ්‍ය කොඨිඨාශය මැජික් පෙන්වයි” යන වචනයෙන් නිහාල් තල්දුව මහතාට හෝ ඔහුගේ පවුලේ යම් කෙනෙකුට හෝ යම් අපහසුතාවයක් සිදු වුයේ නම් අපගේ බලවත් කණගාටුව සදහන් කරන අතරම ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව යනු අප දන්නා තරමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී කිසිදු චෝදනාවකට ලක් නොවූ, දේශපාලනික වශයෙන් හෝ ප්‍රකාශ නිකුත් නොකළ පොලිස්  නිලධාරියෙකු බවද ඉතාම මැනවින් තම කොටස සිදුකල නිලධාරියෙකු බවද සඳහන් කල යුතුය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version