English
සිංහල
19:08 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාධිපති කෝටියක සැපක් ගන්න සූදානම් වෙයි. – තවත් ගුවන් හමුදා නායකයෙක් සැපට හවූල් වේ.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    අපගේ ප්‍රධානතම ඉලක්කය නම් වංචා, දූෂණ, අක්‍රමිකතා මෙන්ම විවිධ අකටයුතුකම් වලට එරෙහිව සාධාරණ සාක්ෂි ඔස්සේ අදාල පුද්ගලයන්ට එරෙහිව ලිවීම සහ ඔවුන්ගෙන් සමාජයට සිදුවන හානිය පිලිබදව පෙන්වා දීමයි.

    අප මේ සිදුකරන්නට යන්නේද, ගුවන් යානා විශාල ප්‍රමාණයක්  පියාසර තත්වයේ නැති 38000 කට ආසන්න සාමාජිකයන් ප්‍රමාණයක් සිටින, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැප පමණක් විදින, ජනතාව ගැන තියා තමන්ගේ හමුදාවේ සාමාජිකයන් ගැනවත් නොහිතන වර්තමාන ගුවන් හමුදා නායකයන් දෙදෙනෙකුගේ තවත් අසෝභන ක්‍රියාවක් එලි දැක්වීමටයි.  

    අපට ලැබුණු තොරතුරට අනුව ශ්‍රී ලංකාව ගුවන් හමුදාව කොළඹ නමැති කඳවුරක සැරයන්වරුන්ගේ නිවස්නයේ අරක්කු සාධයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ මේ මස 23 වැනිදාය. රත්මලානෙ තිබෙන ගුවන් හමුදාවට අයත් උත්සව ශාලාවක එය පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ වන විට එහි අහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සදහා වියදම රුපියල් ලක්ෂ 90 ක් බවට අප වෙත ලැබී තිබෙන ලේඛනවල සදහන් වේ. ඊට අමතරව ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම අනෙකුත් සියලුම දෙනා රත්මලානට ගමන් කරන්නේ හමුදාවට අයත් නිල රථ මෙන්ම බස් රථ වලිනි. එම වියදම්ද සමග ගත් විට එහි වියදම කෝටි එක හමාරකට වැඩි විය හැකිය. මෙම කොළඹ කඳවුරේ අණදෙන නිලධාරියා වන්නේ ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂක වන ඩිල්ෂාන් වාසගේ නමැති පාලනයේ යම් දක්ෂතාවයක් ඇති පුද්ගලයෙකි. නමුත් රාජපක්ෂවරුන් සමගද සමීප සබඳතා ඇති පුද්ගලයෙකි.

    වර්තමාන ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ යනු ජනතාවගේ නායකයා ලෙස පත්ව ජනතාව වෙනුවෙන් සියලු බලතල ලබාගෙන පාර්ලිමේන්තුව රූකඩ මඩුවක් බවට පත් කල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු මිත්‍රයෙකි. නමුත් ඔහුගේ බොහෝ වැඩ වලින් සවුත්තු වුයේ ද ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා අසාර්ථකම නායකයෙක් බවට පත්කලේම ඔහුගේම නෑදෑයන් මෙන්ම හිතවත් හමුදා නායකයන්ය.

    වර්තමාන ගුවන් හමුදාධිපතිවරයා පිලිබදව බොහෝ කතා තිබේ. නමුත් හමුදාධිපතිවරයෙකු ලෙස පත් වූ විට ඔහු දක්ෂ විය යුත්තේ පාලනයට වේ. වර්තමාන ගුවන් හමුදාධිපති අණදෙන නිලධාරි තනතුරකටවත් නුසුදුසු පුද්ගලයෙක් බවට තිරණය කර තිබුනේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වූ ගඟන් බුලත්සිංහලය. නමුත් ඔහුට අහිමි වූ ඔහුගේ ජේෂ්ඨ තත්වය නැවත ලබා දී ගුවන් හමුදාධිපති තනතුරට පත් වීම සදහා මග සකසා දී තිබෙන්නේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන කපිල ජයම්පතිය. අපට වාර්තා වන ආකාරයට පසු ගිය කාලවකවනුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කපිල ජයම්පතිව අත් අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කලද, එය ව්‍යර්තව ගොස් තිබුණි.

    ඩිල්ෂාන් වාසගේ නමැති ගුවන් කොමදෝරුවරයා වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටි සමයේ වීරවිල කඳවුරේ අරමුදල් යොදවාගෙන සිතුල්පව්වේ බුදුමැදුරක් සාදා එය රාජපක්ෂවරුන් ලවා විවෘත කරවා තිබේ. තතු දත් ආරංචිමාර්ග සදහන් කරන්නේ එම බුදු මැදුරේ ඔහුගේ සහ ඔහුගේ බිරිදගේ නම යොදා තිබෙන බවයි.

    එසේම වීරවිල ඔහු සිටින සමයේම සැපයුම් ප්‍රවාහයට සම්බන්ධ ගබඩාවක භාණ්ඩ හොරකමක් සිදු කිරීම නිසා එම හොරකමට සම්බන්ද නැතිව සිටි, සහ ඔහුගේ උපදේශ මත කටයුතු කර තිබෙන ගුවන් කාන්තාවන් දෙදෙනෙකු ගුවන් හමුදාවෙන් නෙරපා හැර තිබේ. එසේම කිසිදු වරදක් නොකළ සැරයන් වරයෙක් සහ විශ්‍රාම යාමට මාස 6 ක් පමණ තිබු බලලත් නිලධාරිවරයෙක්ද ගුවන් හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබේ. එසේ කටයුතු වන තෙක් නීති අධ්‍යක්ෂකද උඩ බලාගෙන සිට තිබේ. එකල ගුවන් හමුදාධිපතිව සිට තිබෙන්නේ කෝලිත ගුණතිලකය. වරද කිරීමට ආධාර අනුබල දුන් අණදෙන නිලධාරීවරයා සහ එය කිරීමට ඉඩ හැර රූකඩයක් සේ බලා සිටි නීති අධ්‍යක්ෂක තවමත් සැප ජීවිතයක් ගත කරති. නමුත් නීති විරෝදී ලෙස ඉවත් කල පුද්ගලයන් දැඩි පීඩාවකින් ජීවත් වන්නේ මෙම වාසගේ, රූකඩ නීති අධ්‍යක්ෂකට මෙන්ම හිටපු ගුවන් හමුදාධිපති කෝලිත ගුණතිලකගේ දෙමාපියන් මතක් කරමින් ඔවුන්ට සාප කරමිනි. අප ලග තිබෙන තොරතුරු මත තව බොහෝ දේ ලිවිය හැකිය.

    එවන් අකාරයෙන් කටයුතු කල ගුවන් හමුදා නායකයන්ට රටක ජනතාවක් දුක් විදීමෙන් පලක් නැත. එසේම ලජ්ජා නහරද කපා දමා තිබේ. මේ ලක්ෂ ගානක මුදල වියදම් කර පාරවල් වල දුක් විදින ජනතාව වෙනුවෙන් අහාර වේල් ගනනාවක් ලබා දිය හැකිය. එසේම මේවා මේ අවස්ථාවේ සිදුකිරීම සුදුසු නැති බව සිතන්නට ගුවන් හමුදාධිපතිට, එහි අණදෙන නිලධාරියාට, එම ස්ථාන භාර නිලධාරින්ට නොපෙනේ නම් ඔවුන් තරම්වත් දැනුමක් නැති අනෙකුත් අයට දැනේවිද?.  අපට ලියන්නට තිබෙන්නේ ගුවන් හමුදාවේ බහුතරයක් නායකයන් ජීවත් වන්නේ සැප ගොඩක බැවින් ඔවුන්ට ජනතාවගේ දුක ගැන කිසිදු දැනුමක් නැති බවයි. ජනතාව ගැන කෙසේ වෙතත් බහුතරයකට තමන්ගේ භටයන් වෙනුවෙන්වත් පෙනී සිටීමට අවශ්‍ය නැත. දැනුමක් තිබුනත් ඔවුන්ට එය පලක් නැති අතර එවන් හමුදාවක අනාගත ඉරණම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටත් වඩා පහලට වැටුණු දූෂිත ආයතනයකි. එය මේ වන විටත් සිදුව තිබේ. ඒ පිලිබඳවත් සම්පූර්ණ වාර්තාවක් අප නුදුරේදීම ඔබට ඉදිරිපත්කරන අතර ගුවන් හමුදාව යනු හමුදා නායකයන්ගේ බූදලයක් නොවන බවද, එය ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට හිමි, ඔවුන්ගෙන් වැටුප් ලබන ආයතනයක් බවද නීතිවිරෝදී වැඩ කරන, කිසිදු සාධාරණ මානසික හැගීමක් නැති නිලධාරින්ගේ දැන ගැනීම පිණිස සටහන් කරමු. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතාම විශිෂ්ඨ මානව වාදී ජේෂ්ඨ නිලධාරින් ඉතාම අතලොස්සක් සිටින බවද මෙම ලිපිය මෙන්ම අප වාර්තා කරන සියලුම දේ සඳහන් කරනුයේ ඔවුන් වැනි නිලධාරීන් තව තවත් ගුවන් හමුදාවට බිහි වීම සඳහාය .

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version