රට ගිනි ගනිද්දී රටේ ප්‍රශ්න විසදීම වෙනුවට, ඒවා මගහරින, පාලකයන් පලවා හැරීමේ කටයුත්ත වෙනුවෙන් පැවැත්වෙන උද්ඝෝෂණය සදහා 43 වන සේනාංකය සහ එහි සාමාජිකයන් සක්‍රීයව දායක වන බවද, පාලකයන්ගේ බලපෙරේතකම හරියට “ මළමිනිය ගෙදර තියාගෙන බුරුවා ගහනවා වගේ” වැඩක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරන ලදී.
ඊයේ (07) 43 වන සේනාංකයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරමින්, අරගලයට පැමිණෙන ජනතාවට විරුද්ධව අනීතික ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙසත්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැපවෙන ලෙසත්, අනීතික නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මහජනයාට පහර දෙන්න මර්දනය කරන්නට සූදානම් නොවන ලෙසද, ඒ ක්‍රියාමාර්ග වලට අපි විරෝධතාව ප්‍රකාශ කර බවද සදහන් කරන ලදී. සම්පූර්ණ විස්තරය පහතින් බලන්න .













































