ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් පහත වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩබ්ලිව්. ටී.අයි. වර්ගයේ බැරලයක නව මිල ඩොලර් 103.2 ක් වන සේ පහත වැටී ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (11) දිනයේ සදහන් වූයේ ඩොලර් 105.7 ක් වශයෙනි.
ලෝක වෙළඳපොළ තුළ පසුගිය මස දී බොරතෙල් බැරලයක මිල සදහන් වූයේ අමෙරිකානු ඩොලර් 120 ඉක්මවා යමිනි.













































