ශ්‍රී ලංකාව යනු වාසනාවන්ත රටකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජ වාදී පක්ෂයන් විසින් ජුලි 9 වැනිදා අරගලයේ ජයග්‍රහණය සමරමින් තම තමන් වෙනුවෙන් අයිතිවාසිකම් කියාගැනීමත් සමග එය දේශපාලන කණ්ඩායමක කොටසක් වීම නිසා “ ආදරයේ අරගලය” පවා දීමක් සිදු විය. එයින් සිදු වුයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ජීවිත අනතුරකට වැටීමයි.
මෙම ආරගල මෙසේ තිබියදීත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 20% ක් පමණ වන ජනතාවක් කුසගිනේ සිටිති. නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයන්ට ඒවා ඇසෙන බවක් පේන්නට නැත. විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමානයක් එකතුව ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ කුසගින්නේ සිටින ජන්තව් වෙනුවෙන් ආහාර එවීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතී. නමුත් දැන් ඇත්තේ තම තමන්ගේ දේශපාලන බල පෙරේතකම්වලින් මිරිකී සිටින පාලකයන් කොටසකි.
ඔවුන් කල යුත්තේ ඉතාම ඉක්මනින් රට යතා තත්වයට පත් කිරීම සදහා එකතු වීමයි. එහෙත් ඔවුන්ට ඒ ගැන කිසිම තැකීමක් ඇති බවක් පෙනෙන්නට නැත. කිහිප දෙනෙකුගේ බලතන්හාව සමස්ත ජනතාවම අදුරට ඇද දමමින් කුස ගින්නේ මිය යන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරමින් සිටීම පිලිබඳව අපටද ඇත්තේ කනගාටුවකි.













































