ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
මේ බව The Washington Post හි වාර්තා විය.
එම වාර්තා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා සෞදි එයාර්ලයින්ස් ගුවන් යානයකට ගොඩ වී ඇති බව ත් ඉන් ඔහු සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව ත් මාලදිවයින් රජයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ බව ය.
තොරතුරුවල ඇති සංවේදිතාව සැලකිල්ලට ගෙන එම නිලධාරියා සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජූලි 13) අලුයම මාලදිවයින් වෙත පළා ගොස් තිබුණු අතර මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ සිංගප්පූරුව බලා ගිය පසු ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇති බව ය.














































