ඊයේ වන විටත් ජාත්‍යන්තරය අවධානය යොමු කලේ ශ්‍රී ලංකාව දෙසටයි. ඊයේ (14) සමස්ත ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලංකාව දෙස අවධානය යොමු කල සියලු ලෝ වැසියන් කතා බහට ලක් කලේ ගෝටාභයගේ ගුවන් ගමන සහ ඉල්ලා අස් වීමේ ලිපිය දෙසයි. ඔහු ඊයේ සිංගප්පුරුව දක්වා ගිය ගුවන් යානය ශ්‍රී ලංකාවට ඉහලින් පියාසර කල බවද විවිද වාර්තා පෙන්වා දී තිබුණි.
ශ්‍රී ලංකාවේ අවුරුදු 35 ට වැඩි බොහෝ දෙනෙකුගේ ආදරණියම නවකතාව වුයේ ගම්පෙරලියයි. ශ්‍රී ලංකාවේ එම පරපුර ආදරයේ පිවිතුරු බව ඉගෙන ගත්තේ එම නවකතාවේ පියල් – සහ නන්දා යන චරිත දෙකෙනි. ආදරය, විරහව, විවාහය, දරුවන් නැති බැරි කම් ආදි සාමාන්‍ය ජීවිතේ පැවැත්ම අපුරුවට ගලපා දීමට මහා ගත් කතුවරයා සමත්ව තිබුණි.
එදා ගම්පෙරළියේ “නන්දාගේ” ලිපිය සේ මෙදා කතා වන්නේ “නන්දේ’ ගේ ලිපිය ගැනයි. ශ්‍රී ලාංකිකයන් ඒ තරමටම එම ලිපියට ආදරය කරයි. සමහරු එය නම් කර තිබෙන්නේ ” ආදරයේ හසුන” ලෙසයි.
” ආදරයේ අරගලයේ” ” ආදර හසුන” තවමත් නිල වශයෙන් නිවෙධනය කර නැත. නමුත් සමාජ මාධ්‍ය වල අත්සන සහිත ලිපියත්, නැති ලිපියත් සංසරණය වෙමින් තිබේ. අප ඊයෙම එය වාර්තා කරන ලදී. ඒ අතරේ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් සැකසු බවට වන ලිපියක්ද සමාජ මාද්‍ය ආක්‍රමණය කරමින් ” ඉල්ලා අස් වීම පිලිබදව වනසමාජ මාද්‍යයේ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් ” ලෙස සදහන් විය.














































