යම් අමාත්‍යවරයෙකු සිටියදී ඔහුගේ විෂය පථයට අයත් කටයුත්තක් කරගැනීමට නොහැකි නිසා ජනතාව දුක් විදින්නේ නම් ඔහු පමණක් නොවේ, එම කටයුත්තට අයත් සියලු රාජ්‍ය නිලධාරින්ද මහජන පීඩාවක් සහ මහජන කැළඹීම ඇති කර තිබෙන අතර ඔවුන්ට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකිය. නමුත් නීතීඥ සංගමයෙන් හෝ එවැනි දෙයක් සිදුකර තිබේද යන්න අපට වාර්තා වී නැත.
ඒ කෙසේ වෙතත් කාංචන විජේසේකර අමත්‍යවරයාගේ නවතම ඉන්ධන පිලිබදව මෘදුකාංගය ප්‍රසිද්ධ කර පයක් යන්නත් පෙර අසාර්ථක එකක් බවට සනාත විය. කෙසේ වෙතත් මෘදුකාංගයක් අංග සම්පූර්ණ වන්නේ එය පළකිරීමෙන් පසු ලැබෙන විවිධ චෝදනා සහ යෝජනා මතය. නමුත් මෙම මෘදුකාංගය අඩු පාඩු සකසා අංගසම්පූර්ණ කලත් එයින් සාර්ථක ප්‍රතිපල ලැබෙන්නේ නාගරික ජනතාවට පමණි.
කාංචන විජේසේකර මහතා බොරු කීමට උපන් හපනෙක් බව මේ වෙද්දීත් සමස්ත ශ්‍රී ලංකාවම වටහාගෙන තිබේ. නමුත් තරුණ ඇමතිවරයෙකු මෙන්ම දේශපාලනයේ හොද අනාගතයක් ගොඩනගා ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙකුගේ එම හැසිරීමෙන් ඔහු කරගන්නේ අපරාධයකි. පසුගිය මැයි 26 වැනිදා සිටම දිගින් දිගටම කල කි දේ මෙරට මහජනතාව පමණක් නොව දේශපාලන අදිකාරිය පවා විවේචනය කළේය. එම විවේචන සිදු වුයේ ඔහුගේ යහපතට නොවේ. අයහපතටය. ඔහුගේ ක්‍රියාකලාපයන් තුලින් ලැබුණු ප්‍රතිපලය නම් ඔහුට මෙන්ම අනෙකුත් දේශපාලඥයන්ට ජනතාව වෛර කිරීමයි.
මෙයින් වැඩ කිරීම සදහා සෑම නිවසකම පාහේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබිය යුතුය. සෑම ප්‍රදේශයකම් ප්‍රධාන නගරවලින් කිලෝ මීටර් 12 ක් පමණ ඇතුලට ගිය විට 4 G සංඥා තියා 2 G සංඥාවත් නැත. එවැනි ප්‍රදේශ වල අඩුම තරමින් සන්නිවේදන පියසක්වත් නැත. එසේම මේ දිනවල සන්නිවේදන කුලුණුද විශාල ප්‍රමාණයක් අක්‍රීය තත්වයේ පවතී.
මිනිසුන්ට ඉන්ධන අවශ්‍ය වන්නේ එදිනදා ක්‍රියාකාරකම් කරගනිමින් තම කුස පුරවා ගැනීමටයි. “ තාත්තේ මට බඩගිනි”, “තාත්තේ හෙට ඉස්කෝලේ ගිහින් ලියන්න පෑනක් ගන්න සල්ලි ඕනි”. දුක් විදින පියවරුන් සහ මව් වරුන් කුසගින්නේ සිටින්නේ දරුවන්ටද වතුර පොවමිනි. මේ තත්වය කාන්චන විජේසේකර අමාත්‍යතුමාට දැනෙන්න විදියක් නැත. ඔහුගේ පියා හිටපු ඇමති කෙනෙකි. ඇමතිකෙනෙකුගේ සැප විදි පුතෙකුට සාමන්‍ය මිනිසුන්ගේ ජීවිතය ගැන දැනෙන්නේ නැත. එබැවින් මේ මෘදුකාංගය සාර්ථක වන්නේ සම්පූර්ණයෙන්ම දියුණු රටකටයි. මේ මෘදුකාංගය තුලින් තව තවත් පීඩාවට පත්ව සිටින්නේ සාමාන්‍ය ජනතාවයි.
සියලු අසාර්ථක ක්‍රම නොහොත් ජනතාව කලුකඩෙන් ඉන්ධන ලබා ගැනීමට පවා කටයුතු කලේ කාංචන විජේසේකර මහතාගේ අසාර්ථක රාජ්‍ය පාලන ක්‍රමය නිසාය. ඒ අකාරයෙන් රටක් පාලනය කිරීමට නොහැකි බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙසේ මෘදුකාංගයක් හදුන්වා දීමට වඩා වෙනත් ක්‍රම මගින් මෙය මනාව පාලනය කිරීමට හැකියාව තිබුණි. කාලයක් ජනතාවට ගින්දර දුන්නේ “ටෝකන්” ක්‍රමයක් හදුන්වා දීමෙනි. දැන් ජනතාවට ගින්දර දී තිබෙන්නේ “ මෘදුකාංගයක්” හදුන්වා දීමෙනි. මේ සියල්ලම දෙස බලා සිටින පීඩිත ජනතාව පවසන්නේ කාංචන විජේසේකර මහතාගේ මෘදුකාංගය “ අතීසාරෙට අමුඩේ ගහන්න කල වැඩක් වගේ “ කියාය . කල යුත්තේ දැන්වත් තම තමන්ගේ පටු කොමිස් මුදල් අත් හැර ජනතාව වෙනුවෙන් වැඩ කිරීමයි. නැත හොත් කාට කාටත් සිදුවන්නේ ජනතාවගේ දුක් ගින්දරේ සාපය තුලින් මේ ආත්මයේම පිස්සන් පෙරේතයන් සේ වි එහි ප්‍රතිපල විදීමටයි. ජනදුකේ ගින්දර දස දහස් ගුණයකින් වැඩි වී තම තමන්ටම ලැබෙන බව තම තමන්ගේ ආගම දහම තුලින් හෝ වටහා ගන්නේ නම් යහපති.













































