English
සිංහල
03:40 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට ගැනීමට සැලසුම්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර යනු, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩි කිරීම උදෙසා විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් බොහෝ කර්තව්‍යය වල නියැලුණු සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු බැසිල් රාජපක්ෂ සමග ගෝඨාභය ජනාධිපති කරවීමට අවශ්‍ය මාධ්‍ය මෙහෙවර සදහා ගිවිසුම් ගත වන්නේ යහපාලන රජය ආරම්භ වීමත් සමගය.

    ගෝඨාභය ජනාධිපති වීමෙන් දේශබන්ධුද ගොඩ ගියේය. මැයි 9 වැනිදා රට ගිනි තැබීමේ මහා මොලකරු වුයේද දේශබන්දු බව අප වාර්තා කලේ එදිනමය. එසේම දේශබන්දු තෙන්නකෝන් මහතා එක්ෂත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේද දැඩි හිතවතෙකි. මේ ගනුදෙනු එසේම තිබියදී දේශබන්ධු සහ ටිරාන් අලස් එකතු වී දිලිත් ජයවීර අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා කරන්නේ “ ඊ තලය සඟරාව “ වෙනුවෙන් මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත විසිනි. ඔහුගේ වාර්තාව පහතින් කියවන්න.    

    “ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර යනු, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩි කිරීම උදෙසා විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් බොහෝ කර්තව්‍යය වල නියැලුණු සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයට පත්වූ පසුව දිලිත් ජයවීරව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සහ ජනාධිපති කොමිසන් වල තනතුරු ලබාදෙමින් තවත් ව්‍යාපාරික වශයෙන් ඉහළට එසවීම සඳහා ප්‍රතිලාභ ලබාදීමට පියවර ගැනිණි.

    ඒ තුළ ගෝඨාභය රාජපක්ෂ සහ දිලිත් ජයවීර අතර තිබුණේ ඉතාමත්ම කිට්ටු විශ්වාසවන්ත සබඳතාවයකි. මෙය ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව වලට එතරම් හිතකර වූයේ නැත.ඔවුහු නිතරම උත්සාහ කළේ ගෝඨාභය හා දිලිත් අතර කිසියම් ප්‍රශ්නයක් මතු කර විරසකයක් ඇති කිරීමටය.

    එහෙත් එය එතරම් ලෙහෙසි පහසු වූයේ නැත.අඩුම තරමින් දිලිත් ජයවීරව කිසියම් නීතිමය කරුණකට හෝ නතුකර හිර කිරීමේ උත්සාහයක් දියත් කිරීමට එම පිරිස් මාන බැලූහ.

    එම සැලසුම සකස් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ ද සිල්වා එකතුවය.

    මෙම මෙහෙයුම ඉතාමත් සාර්ථකව දියත් කිරීම සඳහා ඔවුහු බාර දුන්නේ කොළඹ 01,සෙලින්කෝ මන්දිරයේ, අතුරු මහලේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන වෙතය.

    ඔහු පදිංචි වී සිටින්නේ අංක බී 2, පොලිස් පාර්ක්, ඩී .එස්. ෆොන්සේකා පාර, කොළඹ 05, යන ලිපිනයේය.

    මෙම මෙහෙයුම දියත් වූයේ ඉතාමත් අපූරු ආකාරයටය. එහි ඇරඹුම දියත් වූයේ කටුනායක අපනයන ආයෝජන සැලසුම් කලාපයේ ,දෙවන අදියරේ පිහිටි ආර්.කේ.එස්.පුද්ගලික සමාගම කේන්ද්‍ර කරගෙනය.එහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කරන්නේ ජර්මන් ජාතිකයකු වන රෝලන්ඩ් කාල් සොයිඹේය.

    වයස අවුරුදු 81 ක් පමණ වන ඔහු පදිංචි වී සිටින්නේ අංක 123, දෙවන පටුමග, ලයන් සිටි, සීදූව යන ලිපිනයේය.1999 දී ජර්මනියේ සිට ලංකාවට පැමිණ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත වී ඔහු මෙම සමාගම ආරම්භ කරනු ලැබීය.

    මුලින් සේවකයන් තිදෙනෙකු ගෙන් ඇරඹි මෙම ආයතනය තුළ මේ වනවිට සේවකයන් 80 ක් පමණ සේවය කරනු ඇත. ඒ තුළ සිදුවන්නේ මැණික් ගල් ඹප දමා ඒවා විදේශ රටවලට අපනයනය කිරීමය. සාමාන්‍යයෙන් යුරෝ මිලියන 1.5 ක පමණ මැණික් මාසිකව අපනයනය කරනු ඇත.

    මෙම ආයතනයේ අයිතිකරු වන ජර්මන් ජාතික රෝලන්ඩ් කාල් සොයිඹේට 2018 දී පමණ පත්තිනි කුට්ටිගේ රොෂෙල් දේවිකා නෝනිස් නැමැත්තිය දැන හඳුනා ගනීමට ලැබී තිබේ. ඒ ජර්මන් ජාතිකයාගේ හිතවතෙකු වන ජයන්ත ධර්මදාස මාර්ගයෙනි.

    විවාහක එක් දරු මවක් වන ඇයගේ සැමියා දනිත් ප්‍රියශාන්තය. ඔවුන්ගේ විවාහය දෙදරා යමින් මේ වනවිට සැමියා පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. ඇය පදිංචි වී සිටින්නේ අංක 560 /12 ,13 වන පටුමග, මිහිඳු මාවත, මාළබේ යන ලිපිනයේය.

    ඇය ජර්මන් ජාතිකයා සමග ඇති කරගත් හිතවත්කම මත 2019 දී පමණ ඔහුට අයත් කටුනායක පිහිටි ආර්.කේ.එස්. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන් පත්වී ඇත. ඇයගේ මාසික වැටුප රුපියල් 5,43,000 කී.එම සබඳතාවය තවත් වැඩි දියුණු වෙමින් 2020 දී පමණ ඇය එහි උප සභාපති ධූරයටද පත් වී ඇත.

    එතැන් සිට ඇය ඉතාමත් උපක්‍රමශීලී ලෙස ජර්මන් ජාතිකයාව එම ආයතනයෙන් ඉවත් කරමින් එහි අයිතිය ලබාගැනීමට ප්‍රයත්න දරා ඇත.ඒ තුළ ගැටුම් සහ ආවේගශීලී වචන හුවමාරුවීම්ද දෙදෙනා අතර නිරතුරුව සිදුවී ඇත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු හා ඉහළ නිලධාරීන් ඇතුළු පොලිසිය අය හඳුනන බවට පෙන්වමින් ඇය ජර්මන් ජාතිකයාව බිය වැද්දීමටද කටයුතු කර ඇත.

    ඇය එය තවත් තියුණු කරමින් තම හිතවත් පොලිස් නිලධාරියකු ආර්.කේ.එස්. ලංකා ආයතනය තුළට ගෙන්වා ජර්මන් ජාතිකයාව බිය වැද්දීමට පියවර ගෙන ඇත.කොළඹ පොලිස් හදිසි අනතුරු අංශයේ සේවය කරන ඔහු පොලිස් පරීක්ෂක හේවගේ කසූන් මධූරංගය.

    ඔහු පදිංචි වී සිටින්නේ දෙමටගොඩ ,මහවෙල පටුමග ,අංක 57/01/02/2, දරන ස්ථානයේය .2008 අප්‍රේල් මස 29 වැනිදා පොලිසියට බැඳී ඇති ඔහු කොළඹ ,පොලිස් හදිසි ඇමතුම් අංශයේ මෝටර් රථ කාර්යභාරය මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරනු ඇත.

    එම පොලිස් පරීක්ෂකවරයා සහ කටුනායක ආර්.කේ.එස්. ලංකා පුද්ගලික සමාගමේ උප සභාපතිවරිය ලෙස කටයුතු කළ රොෂෙල් දේවිකා නෝනිස් ඉතාමත් සමීප සබඳතාවක් ඇත. ඔවුන් දෙදෙනා නිරතුරුව ජංගම දුරකථන හරහා  කතාබහ කිරීමද සුලභ සිදුවීමකි.

    ඇයගේ ජංගම දුරකතනයේ අංකය 077-7639138 වන අතර පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථනයේ අංකය 077-2681341 ලෙස සඳහන් වෙයි.එහි දුරකථන දත්ත ලේඛන පරීක්ෂා කිරීමේදී ඔවුන් අතර තිබූ සබඳතාවය අනාවරණය වනු ඇත.

    එම සබඳතාවය මත පොලිස් පරීක්ෂකවරයාද ඇය සමඟ එම ජර්මන් ජාතිකයාව එම ස්ථානයෙන් පලවා හැර එහි අයිතිය ලබාගැනීමට හවුල් වී ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා සිය නිල ඇඳුමින් සැරසී ඇය සමඟ මෝටර් රථයෙන් කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායකට ගොස් එම ආයතනයට ඇතුල්වී ඔහුට බලපෑම් කර ඇත.

    එම පොලිස් පරීක්ෂකවරයා එම අවස්ථාවේ ජර්මන් ජාතිකයා ඉදිරියේ පෙනී සිට ඇත්තේ ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු ලෙසය.   .” මාව මෙතනට එව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඔබව රටින් පිටුවහල් කරන්න හදන්නේ.ඒකට මට මෙතන පරීක්ෂා කර බලා වාර්තාවක් ලබා දෙන්න කියලා එතුමා කිව්වා. එකටයි මම ආවේ.”  යනුවෙන් එම පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කරමින් ජර්මන් ජාතිකයාව තවත් බිය ගන්වනු ලැබීය.

    එම අවස්ථාවේ ජර්මානු ජාතිකයාද ඉතාමත් උපක්‍රමශීලී ලෙස තම ජංගම දුරකථනයෙන් ඒ සියල්ල වීඩියෝ කරනු ලැබීය. පසුව ඔහු ආරක්ෂක නිලධාරියකු වන ජයවීර නැමැත්තාට දැනුම් දුන්නේ මෙය වහාම කටුනායක පොලිසියට දැනුම් දෙන ලෙසය.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් කටුනායක ඔරලෝසු කණුව අසල සේවය කරමින් සිටි කටුනායක පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝරළාගේ රාජිත සමීර කන්නන්ගර සිය රාජකාරි යතුරුපැදියෙන් වහාම ආයතනය තුළට පැමිණියේය.

    ඒ පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමට හැකියාව ලැබිණි.ඒ දෙදෙනාම එකට පොලීසියට බැඳී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනකු වූ බැවිනි. එම අවස්ථාවේ රථ වාහන පොලිස් ස්ථානාධිපතිවරයා එම පොලිස් පරීක්ෂකවරයා සමග සුහදව කතා කරමින් දැන් සේවය කරන්නේ කොහෙද යන්න විමසීය.

    එවිට ඔහු ප්‍රකාශ කර සිටියේ තමා කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ සේවය කරන බවය. ජර්මන් ජාතිකයා ඉදිරියේ ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි අතර තම මිතුරා ඉදිරියේ ඔහු පෙනී සිටියේ කොල්ලුපිටිය පොලිසියේ සේවය කරන අයකු ලෙසය. නමුත් ඔහු සැබෑ ලෙසම සේවය කරන්නේ කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශයේය.

    දෙදෙනා අතර සිදු වූ පුද්ගලික කතාබහෙන් පසු කටුනායක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් බැහැරව ගියේ ආරක්ෂක නිලධාරී ජයවීර විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ කිසිදු වග විභාගයක් ,විමර්ශනයක් , හෝ කරුණු විමසීමකින් තොරවය.

    බොහෝ වේලාවකට පසු පොලිස් පරීක්ෂක කසුන් මධුරංග , රොෂෙල් දේවිකා නෝනිස් සමග එම ස්ථානයෙන් බැහැරව මෝටර් රථයට නැගී කොළඹ  බලා ගියේ සිද්ධියට අදාළ පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබා දී ඒ පිළිබඳව සාකච්ඡාවක් සිදුකර ජර්මන් ජාතිකයාව රටින් පිටුවහල් කරන බවට ප්‍රකාශ කරමිනි.

    මේ ගැන දැඩි ව්‍යාකූලත්වයට පත් ජර්මන් ජාතිකයා සිද්ධිය නීතිඥවරයෙකු වෙත ප්‍රකාශ කර ඔහුගේ උපදෙස් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව පැමිණිලි කර ඇත. එවිට ජනාධිපතිවරයා මේ පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිඛිතව දැනුම් දී ඇත.

    එවිට ඔහු මේ ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිඛිතව දැනුම් දී ඇත. ඒ STAFF /05/I G P/P S /OUT/995/ අංක දරන ලිපිය මගිනි.

    පසුව ඔහු මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ 01,සෙලින්කෝ මන්දිරයේ, අතුරු මහලේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන වෙත භාරදී ඇත. ඒ S / D I G / W P / S 4 ( k ) 11127 / අංක දරන ලිපිය මගිනි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන පියවර ගෙන ඇත. ඒ බව අනාවරණය වන්නේ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ W P / S I U / O U T / 121/ අංක දරන පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කිරීමේදීය.

    ඔහු මෙහි පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එහි වාර්තා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දී ඇත. එවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් මේ පිළිබඳ කරුණු ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන ගෙන් විමසා ඇත.

    එම අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දේශබන්දු තෙන්නකෝන් වෙත ප්‍රකාශ කර ඇත්තේ රොෂෙල් දේවිකා නෝනිස් නමැති කාන්තාව දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සමඟ සමීප සබඳතා පවත්වන තැනැත්තියක් බවය.

    එම සමීප සබඳතාවයට අදාළ කරුණුද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දේශබන්දු තෙන්නකෝන් වෙත ප්‍රකාශ කර ඇත. එහෙත් එම කරුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අදාළ පරීක්ෂණ වාර්තාවල සඳහන් කර නැත.ඒ එම කාන්තාව සහ දෙරණ අධිපතිවරයාගේ අතිශය පුද්ගලික සබඳතා කරුණු බැවිනි.

    මෙම අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ එම කරුණුද මෙම වාර්තාවට ඇතුළත් කර නැවත පරීක්ෂණ වාර්තාව සකස් කරන ලෙසය. එහෙත් එයට නිසි පිළිතුරක් නොදී ,ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත.

    මෙම සිද්ධිය පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම් දී ඇත. ඉන් දින කිහිපයකට පසු ටිරාන් අලස්ට අයත් බම්බලපිටිය, විශාඛා විද්‍යාලය අසල නිවසක ප්‍රිය සාදයක් තිබී ඇත.

    එයට ටිරාන් අලස්, දේශබන්දු තෙන්නකෝන්, හිරු මාධ්‍ය ජාලයේ අධිපති රේනෝ ද සිල්වා,පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    මෙම ප්‍රිය සාදය අතරතුර ටිරාන් අලස්, දේශබන්දු තෙන්නකෝන් සහ රේනෝ ද සිල්වා පුද්ගලිකව කටුනායක සිද්ධිය පිළිබඳව කරුණු කාරණා කතාබහට ලක් කෙරිණි. එම අවස්ථාවේ ටිරාන් අලස්ගේ ඉල්ලීම මත දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පරීක්ෂණ සිදුකළ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශනව එතනට ගෙන්වා ගැනීමට පියවර ගැනිණි.

    එවිට චන්දික ප්‍රියදර්ශනව බොහෝම සුහදශීලීව පිළිගෙන ඔහුටද මත්පැන් පානය කිරීම සඳහා ඉඩ සලසමින් කටුනායක සිද්ධියට සම්බන්ධ රොෂෙල් දේවිකා නෝනිස් සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර අතර ඇති ගනුදෙනුව පිළිබඳව පූර්ණ වශයෙන් කතාබහට ලක්වීනි.

    එවිට ටිරාන් අලස්, රෙනෝ ද සිල්වා හා දේශබන්දු තෙන්නකෝන් , යන අය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශනට උපදෙස් ලබාදී ඇත්තේ ජර්මන් ජාතිකයාට අයත් කටුනායක ආර්.කේ.එස්. පුද්ගලික සමාගමෙන් ඔහුව පන්නා දමා එය අත්පත් කර ගැනීමට දිලිත් ජයවීරද සම්බන්ධ බවට පරීක්ෂණ වාර්තා වලට කරුණු ඇතුළත් කරන ලෙසය.

    ඒ අනුව බලහත්කාරයෙන් ජර්මන් ජාතිකයාව පලවා හැර ඔහුගේ දේපළ වංචනික ලෙස අත්පත් කර ගැනීමට දිලිත් ජයවීර ඇතුළු පිරිස ක්‍රියා කර ඇති බවට පරීක්ෂණ වාර්තා හරහා කරුණු ඉදිරිපත් කර ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට පියවර ගන්නා ලෙස චන්ද්‍රික ප්‍රියදර්ශනට දැනුම් දී ඇත.

    මෙම අවස්ථාවේ ඊට නිශ්චිත පිළිතුරක් ලබා දීමට ඔහු උත්සාහ කර නැත. ප්‍රිය සාදයේ කතාබහ මැද ඔහු හෙමින් සීරුවේ ඉන් පිටවී පැමිණ තිබේ. ඉන් දින කිහිපයකට පසු දේශබන්දු තෙන්නකෝන් ඔහුට කතා කර ප්‍රකාශ කර ඇත්තේ කතාබහ වූ පරිදි පරීක්ෂණ වාර්තා සකස් කර අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසය.

    එය දිගින් දිගටම ප්‍රමාද වනවිට දේශබන්දු තෙන්නකෝන් නිරතම  කතා කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශනට බලපෑම් එල්ල කර ඇත්තේ ” ඔය වැඩේ ඉක්මනින් කරනව ඕයි .මටත් කනක් ඇහිලා ඉන්න නෑ. නිතරම ලොක්කා කතා කරලා අහනවා වැඩේ හරිද කියලා. ඒක නිසා ඕක ඉක්මන් කරනවා.” යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් ඔහුට ප්‍රකාශ කර ඇත.

    නමුත් දිලිත් ජයවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ළඟම සිටින මිතුරකු බැවින් ,එවැනි කරුණු ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන කැමති වී නැත.එබැවින් ඔහු සිදු කර ඇත්තේ තමාට පරීක්ෂණවලින් හෙළි වූ සිද්ධියට අදාළ ප්‍රායෝගික කරුණු ගොනුකර නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා වාර්තාවක් නීතිපතිවරයා වෙත යැවීමට සකස් කිරීමය.

    එලෙස සකස් කරන ලද වාර්තාවේ අංකය ලෙස සඳහන් වන්නේ මගේ අංක W P / S I U / O U T / 130 / යනුවෙනි.

    නමුත් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමට දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන නැත. ඒ දිලිත් ජයවීරට අදාළ කරුණු එයට ඇතුළත් නොකිරීම නිසාය. ඉන් දැඩි අමනාපයට පත් දේශබන්දු තෙන්නකෝන් ඉතාමත් සැර පරුෂ ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දොස් පවරා ඇත.එමගින් දැන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී ඇත.

    එම ක්‍රියාවලිය නිසි ලෙස ඉෂ්ට කර ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දික ප්‍රියදර්ශන ගෙන් නොහැකි වූ නිසා දැන් වෙනත් ක්‍රමයකින් පරීක්ෂණ වාර්තා සකස් කර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා සූක්ෂම වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින බව ප්‍රකාශ වෙයි.”

    ග්‍රී ලාල් ප්‍රියන්ත

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version