මෙවර ගොවියන් කුඹුරු වල ගොයම් සිට වුයේ රසායනික පොහොර් අහෝ කාබනික පොහොර හෝ නැතිවය. එපමණක් ද නොව විවිධ අවශ්‍යතා සදහා යොදන කෘමි නාශක සහ වල නාෂකද ඔවුන්ට නොලැබුණි. ඒ හේතුවෙන් මෙවර බොහෝ ගොවියන්ගේ වී අස්වැන්න ඇත්තේ බාගයකට බාගයකි.
වෙනදා අක්කරයක ගොයම් කැපීමට ගොයම් කපන මැෂින් අය කලේ රුපියල් 14,000 .00 කි. නමුත් මෙවර එය රුපියල් 28,000 .00 ක් වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට බොහෝ ප්‍රදේශ වල ගොයම් කැපීමට නියමිතව තිබේ. නමුත් බොහෝ ප්‍රදේශවල ගොවියන්ට ඩිසල් නැති නිසා ඒවා කපා ගැනීමට නොහැකිව තිබේ. ගොයම් ගස් බිමට කඩා වැටුණු විට නැවත කපා ගැනීමට නොහැක. ඒවා අතින් කැපිය හැකි වුවත් එය දුෂ්කර කාර්යයකි.එසේ කාඩා වැටුණු විට එහි අස්වැන්න ලබා ගැනීමද ගැටළු සහගතය.
නමුත් සමහර ප්‍රදේශ වල ගොවියන් වෙනුවෙන් වෙනමම ඉන්ධන එවා තිබේ. සමහර ප්‍රදේශවලට ගොවියන්ට ලැබුණු ඉන්ධන ලබා ගැනීමට මුදල් තිබී නැත. සමහර ප්‍රදේශවල වැසියන් මේ අකාරයේ විවිධ ගැටළු ගනනාවකට මුහුනද දී තිබේ.













































