අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට අද සිට නැවත COVID-19 එන්නත් මාත්‍රාව කොළඹ නගර සභාවට අයත් එන්නත් මධ්‍යස්ථානවලින් ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගුරුගේ දන්වා සිටී.
එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් වයස අවුරුදු 20 ට වැඩි විය යුතු අතර ඔවුන් අවසන් කොවිඩ් මාත්‍රාව ලබා මාස තුනක් සම්පූර්ණ කර තිබිය යුතු බව ඇය පැවසුවාය.මෙහිදී ලබාදෙන්නේ ෆයිසර් එන්නත බවද පැවසේ.
පළමු, දෙවන, තෙවන සහ සිව්වන ෆයිසර් කොවිඩ් ලබා ගැනීම සඳහා ජින්තුපිටියේ MOH කාර්යාලය, MCH සහ ඩීන්ස් පාරේ MOH කාර්යාලය, නව බසාර් මාතෘ නිවාසය, වැල්ලවත්තේ MOH කාර්යාලය, කැම්බල් පාර්ක් සහ කිරුළ පාරේ MOH කාර්යාලය වෙත පැමිණෙන ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ. අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා මෙම ස්ථාන විවෘතය.
















































