වැඩබලන ජනාධිපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චන්දයෙන් ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. සමාකමිව දේශපාලන බේදයකින් තොරව තිබු පිරිසිදු අරගලය කැඩී බිදී ගියේය. ඒ අනුරකුමාර දිසානායක මහතා සහ පෙරටුගාමී සමාජ වාදී පක්ෂයේ නායකයන් විසින් අරගලය මෙහෙය වුයේ තමන්ගේ කණ්ඩායම් විසින් බව පැවසීමත් සමගිනි. එහි ප්‍රතිපලයක් ලෙස “ ආදරයේ අරගලය “ කෑලි වලට බෙදී ගියේය. එසේ බෙදීම රටක් ලෙස ලැබූ දැවැන්ත පරාජයකි.
අරගලය පැමිණීමට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේතරුණ තරුණියන්ද රට වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරන ලදී. ස්වභාවික සම්පත් විනාශ කිරීම, විවිධ අයුරින් ජනතාව පීඩා කිරීම් ආදී අවස්ථාවලදී මේ තරුණ කණ්ඩායම් දෙකම රට වෙනුවෙන් විවිද අරගලවල යෙදෙන ලදී. නමුත් ඔවුන් සිදුකරගෙන ගිය නියම ජනතාවාදී අරගල දෙක එසේ විනාශ වුයේ නායකයන්ගේ වරදිනි.
නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් ගාලු මුවදොර අරගලකරුවෝ මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව කියා සිටියහ. ඔවුන්ගේ එම සාකච්චාව සජීවීව විකාශය වුයේ සමාජවාදී තරුණ පෙරමුණේ මුහුණු පොතේ පිටුවේය. ඒ අනුව අප තීරණය කලේ එම කණ්ඩායම නියෝජනය කරන්නේ “ සමාජ වාදී තරුණ පෙරමුණ “ බවයි.
පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ගාලු මුවදොර අරගලකරුවෝ ඔවුන්ට බිය නොවන බවද කියා සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද පවසන ඔවුන් අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.
නමුත් මෙරට සත්‍ය හොරුන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම පමණක් නොවේ. මෙම අරගලකරුවන් කුමක් ඉල්ලා සිටියත් ඇති දැවැන්ත හොරුන් රාජ්‍ය සේවයේ සිටී. ඔවුන්ට හොරුන් යයි, ඔවුන්ට විරුද්දව කතා කරන හඩක් හෝ අරගල තුලින් ඇසෙන්නේ නැත. අරගලකරුවන් කුමන පාලනයක් බලාපොරොත්තු වුවත්, ඔවුන්ගේ නායකයෙක් බලයට රැගෙන ආවත් දූෂිත රාජ්‍ය සේවකයන් ශ්‍රී ලංකාවේ පාලනයට බාධා ඇති කරයි. විවිධ ඉල්ලීම් සහිත වෘත්තීය සමිති පවා දසක කිහිපයක් තිස්සේ සිදුකරන්නේ තමන්ගේ දේශපාලන නායකයන් රජ කරවන්නටයි.
කෙසේ වෙතත් දියාරු වී ගිය අරගලය නැවත එකතුකරන්න ඔවුන්ට ලෙහෙසි නොවනු ඇත. නව ජනාධිපතිවරයා ජනතාවට සියලු පහසුකම් ලබා දෙමින් ජන පීඩනයෙන් ඔවුන්ව මුදවා ගතහොත් අරගලය තව තවත් දියාරු වී යනු ඇත. නමුත් අරගලයක් එසේ දියාරු වීමෙන් අවාසිය සිදුවන්නේ රටේ සමස්ත ජනතාවටමය. නමුත් සියල්ල සිදු වී හමාරය. දේශපාලනීකරණය වූ අරගලයක් “ ජනතා අරගලයක්” නොවේ. සිදුකල යුතුව තිබුනේ ජනතා අරගලයක් ලෙස එය පවත්වාගෙන යාමයි. අරගලය දේශපාලනිකරණය වී තව දුරටත් තරුණ ජීවිත විනාශ නොකර තරුණයන්ගේ ඉල්ලීම් සියල්ලම පාර්ලිමේන්තුව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත්කරමින් ඉදිරිකටයුතු කිරීම ඔවුන්ගේ වගකීම වේ.
















































