ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අසු ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කරගැනීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු කටයුතු කලේ මර්ධනය සදහා බවයි.
එහදී මන්ත්‍රීවරයා දීර්ග විස්තරයක් කරමින් ජනතාවගේ ප්‍රශ්නවලට දිගින් දිගටම පෙනී සිටින බවද, තෙල් ප්‍රශ්නයට විසදුමක ලෙස රුසියානු සමාගමකින් දිගු කාලිං ණය පහසුකම් යටතේ අවශ්‍ය වැඩ පිළිවෙලක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බිය වූ බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූ බවද සදාහන් කරන ලදී. සම්පූර්ණ වීඩියෝව බලන්න













































