English
සිංහල
15:31 බදාදා, ඔක්තෝබර් 29, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වික්‍රමසිංහ දිවුරුම් දෙයි. රතිඥ්ඥා පත්තු නොවේ. නගරයක් නගරයක් ගානේ කිරිබත් නැත. ජනතා සුබ පැතුම් නැත.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනතාවගෙන් 20% ක් කුස ගින්නේ සිටිමින්, දැඩි දුක් පීඩා විදින බහුතර ශ්‍රී ලාංකිකයන්ට  අද අදුරු වූ තවත් එක් දිනයක් පමණි. මාස කිහිපයකට පෙර ජනාකීර්ණ වූ නගරවල වාහන හෝ ජනතාව ඇත්තේ සුළු ප්‍රමාණයකි. ඉන්ධන ෂෙඩ් අසල හිමිකරුවන් නොමැති බොහෝ රථ වාහන දුහුවිල්ලෙන් වැසි ගොස් තිබේ.

    මේ සියල්ලම් මෙසේ වෙද්දී ජනතාව ප්‍රතික්ෂේප කල නායකයෙකු ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස නීත්‍යනුකූලව දිවුරුම් දුන්නේය. වෙනදා පත්වන නායකයන් පිළිගන්නේ නගරයක් නගරයක් ගානේ කැවුම්, කිරිබත් උයා රතිඥ්ඥා පත්තු කරමිනි. එහෙත් අද ඔහු වෙනුවෙන් අනුගාමිකයන් නැත. ඔහුට බනිමින් වුවත් ජනතාව ඔහු ගැන විශාල බලාපොරොත්තුවක් තබාගෙන තිබේ.

    1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා ඊයේ (20) තේරී පත්විය.

    1949 මාර්තු 24 වැනිදා කොළඹ කුරුඳුවත්තේදී උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහුගේ පියා වන්නේ එඩ්මන් වික්‍රමසිංහ සහ මව් වන්නේ නාලනී වික්‍රමසිංහයි. 1972 දී ලංකා නීති විද්‍යාලයෙන් අධි නීතිඥයෙකු ලෙස සුදුසුකම ලබා නීතීඥවරයෙකු බවට පත් විය.

    ධනවත් දේශපාලන පවුලක උපත ලද ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා 1972 දී ලංකා නීති විද්‍යාලයෙන් අධිනීතිඥයෙකු ලෙස සුදුසුකම් ලබා ගත්තේය. 1970 දශකයේ මැද භාගයේදී එක්සත් ජාතික පක්ෂය සමඟින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ බියගම ආසනයෙන්. 1977 පාර්ලිමේන්තු මැතිවරණය සහ ඔහුගේ මාමා සහ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී . ඉන් පසුව ඔහු යෞවන කටයුතු හා රැකියා අමාත්‍යවරයා ලෙස පත් වූ අතර, ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා බවට පත් විය.

    1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා සහ සභානායකවරයා ලෙස වික්‍රමසිංහ මහතා පත් කරන ලදී . ප්‍රේමදාස ඝාතනයෙන් පසු 1993 දී ඩී.බී.විජේතුංග මහතාගෙන් පසු ඔහු අගමැති ධුරයට පත් වූ අතර විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත් විය. 1994 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී ගාමිණී දිසානායක මහතා ඝාතනය වීමත් සමඟ 1994 නොවැම්බර් මාසයේදී ඔහු විපක්ෂ නායක ධූරයට පත් විය . වික්‍රමසිංහ 1999 සහ 2005 ජනාධිපතිවරණවලදී එජාප අපේක්ෂකයා වූ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග විසින් පරාජයට පත් කරන ලදී .

    නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹූ ඒ මහතා 1977 මහ මැතිවරණයට බියගම ආසනයෙන් තරග වදිමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කරමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. ඒ මහතා ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා විය.

    ජේ. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,  තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා සුවිශාල කාර්යභාරයක් ඉටුකළේය.

    මහරගම ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිසම පිහිටුවීමට පෙරමුණ ගත් ඒ මහතා කාර්මික සංවර්ධන පනත ගෙනඑමින් කර්මාන්ත ශාලාවලට පස් අවුරුදු බදු සහන දීම, කාර්මික කොමිසම පත්කිරීම ආදී පියවර රැසක් ගත්තේය.

    1989 මාර්තු 06 සිට 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

    ප්‍රථම වතාවට 1993 මැයි 7 වනදා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 වනදා දක්වා එම තනතුර හෙබවීය.

    වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

    ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වනදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.

    දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රට අස්ථාවරවෙමින් පැවති අවස්ථාවක ඉකුත් මැයි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇරයුමෙන් යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. එම පත් වීමේ විශේෂත්වය වන්නේ එවකට අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට ශ්‍රී ලංකාවේ කිසිම දේශපාඥයෙකු ඉදිරිපත් නොවීමයි. කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා ජනතාවගෙන් ප්‍රතික්ෂේපව සිටි ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාරගන්නා ලදී.

    ඔහු අගමැති වනවිට ඔහුගේ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරීපත්ව නොසිටියේය. ඔහු අගමැති වන්නේද තනිවමය. ඔහු සහ ඔහු නායකත්වය දරු පක්ෂය එකම ආසනයක්වත් දිනා ගැනීමට පැවති මහා මැතිවරණයෙන් නොහැකි විය. නමුත් ඔහු ජනාධිපති ලෙස තෝරාපත් කරගත්තේද ඔහුට විපක්ෂව සිටි මන්ත්‍රීවරුන් 134 දෙනෙකි. ඔහුගේ පක්ෂය අන්ත පරාජයකට පත් කිරීමට පත් කිරීමට මූලිකව වූ අයම ඔහු ජනාධිපති ලෙස තෝරාගැනීම ලෝක ඉතිහාසයට යන අලුත් කතාවකි.  

    අද (21 ) ඔහු ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදීය.  ඔහු පරාජිත නායකයෙකු වුවත්, බොහෝ ජනතාවක් ඔහු ගැන විශ්වාසය තබාගෙන සිටි. ඔහුගේ විරුද්ධවාදීන්ද පවසන්නේ “ කල හැක්කේ ඔහුට පමණක්” බවයි. නමුත් අරගලයේ යෙදී සිටින දේශපාලන කණ්ඩායම් දෙකක තරුණයන් ඔහුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. නමුත් අරගලයේ යෙදී සිටින සැබෑ “ නිර්පාක්ෂික අරගලකරුවන්” තවමත් මේ පිලිබඳව නිවේදනයක් නිකුත් කර නැත.

    කෙසේ වෙතත් අරගලයේ මුල් සාමාජිකයන් වෙමින් රාජපක්ෂ පාලනය අවසන් කිරීමටදැවැන්ත මෙහෙයක් සිදු කලේ එම දේශපාලන පක්ෂ නියෝජනය කරන තරුණ කණ්ඩායම් විසිනි. ජුලි 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලා යාමත් සමගම අරගලයේ සිටි බොහෝ පිරිස් එම අරගලයෙන් ඉවත් විය.

    ඒ අනුව මෙවර රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නේ බරපතළ දේශපාලන, සමාජ සහ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවධියකයි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version