සැබවින් ම දැනට මාස 03කට අධික කාලයක් පුරාවට ගෝල්ෆේස් පිටියේ සිදුකරමින් පවතින අරගලයේ සැබෑම අර්ථයන්,අභිලාෂයන් මොනවාද?ඔවුන් මීළඟට සූදානම් වන්නේ කවුරුන් පන්නා දැමීමට ද?මේ ආගාදයෙන් රට බේරාගත හැකිද?යන ගැටලු මේ වන විට රටේ සියලුම මහජනතාව විසින් නගන පැනයන්ගෙන් කිහිපයකි.
මේ සම්බන්ධයෙන් නිෂ්චිත,නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ෙජ්‍යෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා, නිර්පාක්ෂික අරගලකරුවන්ගේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සුසන්ත කොඩිතුවක්කු මහතා සමග සාකච්ඡාවක් පසුගියදා සිදුකරන ලදී.
එහිදී සුසන්ත කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ නම් කිසිසේත් මෙම අරගලකරුවන් අතර පාට පක්ෂ භේදයක් නොපවතින බවත්, දේශපාලන අරමුණු පාදක කර ගනිමින් මෙය සිදු නොකරන්නක් බවත් ය.
ඔවුන්ගේ මීළඟ ඉලක්කය ලෙස පත්ව ඇත්තේ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඔහු ද අගෝස්තු මස 09 වනදාට ප්‍රථම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි මොවුන්ගේ මතය වී ඇත්තේ.
මොහු සෘජුවම සඳහන් කළේ මර්දන ජනාධිපති පත්වුණාට පසු නිෂ්චිත වශයෙන් අරගල භූමියට ප්‍රහාරයක් එල්ල වන බවට අපේක්ෂා කළ බවයි.කෙසේ නමුත් එල්ල වූ එම ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා නාමයට විශාල කැළලක් එක් වූ බව නම් අපට ද මනාව පැහැදිලිව පෙනී ගිය කරුණකි.
කිසිදු අධිකරණ නියෝගයකින් තොරව ගෝල්ෆේස් පිටියට එල්ල කළ ප්‍රහාරය නීතියෙන් පිට සිදු වූවක් බව ඔවුන් මෙහි දී ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් මෙම අරගලකරුවන්ගේ පළමු අපේක්ෂාව නම් රාජපක්ෂ පාලනය මර්දනය කිරීමයි.මේ වන විට එය සිදුවෙමින් පවතින නමුත් යළිත් වරක් මොවුන් අරගල කරමින් ඉල්ලා සිටින්නේ කුමක් ද?
ඒ අන්තර්වාර ආණ්ඩුවකි.අන්තර්වාර ආණ්ඩුවක් ගෙනවිත් ඡන්දයක් තිබිය යුතුය යන්න ඔවුන්ගේ මතයයි.ඉදිරියේ දී අප බලා සිටිමු මොවුන්ගේ මෙම අරගලය කෙසේ අවසන් වේද?රට මෙම අර්බුද තත්ත්වයෙන් බේරා ගැනීමට හැකි වේවිද කියා.
ආගම් භේද, ජාති භේද සැබවින්ම නිර්මාණය කරන ලද්දේ දේශපාලුවන් විසිනි.ඒ ඔවුන්ගේ දේශපාලන පටු අදහස්, ඕන එපාකම් සඳහාය.යළිත් එවැනි දේශපාලන තුරුම්පුවලට හසු නොවී, එකමුතුව මේ පුංචි රටතුළ ජීවත්වීමට අප කටයුතු කරමින් අනාගත පරපුරට ද එම ආදර්ශය ලබා දී අනාගත පරපුරට විසීමට රටක් ආරක්ෂා කර දීම අප සැමගේ එකම අභිලාෂය විය යුතුව ඇත.
රට වැටී තිබෙණ ආගාදයෙන් ගොඩ ඒමේ සටනේදී පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කළ යුතු වන අතර සුසන්ත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන අයුරින් මෙම අරගලකරුවන් අතර ඇත්තේ එමක අපේක්ෂාව නම් ඔවුන් එය පක්ෂ භේදයකින් තොරව මුදුන්පත් කර ගනු ඇත.නමුත් මොවුන් අතර ඇත්තේ විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සැපිරීමේ අධිඨනක් නම් තව දුරටත් ඇති වන්නේ කැරළි කෝලාහළ පමණක් ම වනු ඇත.














































