English
සිංහල
18:32 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    (වීඩියෝ) විශේෂ කාර්ය බලකාය මිනි මරණ හැටි. STF –  ASP සම්පත් ඇඹිලිපිටිය පොලිසියට කඩා වදී. මත්ද්‍රවය පිළිබඳ සාක්ෂිකරුවන් සහ ඔත්තුකරුවන් මරණ හැටි .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මත් ද්‍රව්‍ය  ජාවාරමට තිත තැබීම බොහෝ පිරිසක් ගේ සිහිනයක් වී තිබේ. එයට හේතුව එම මත්ද්‍රව්‍ය මරුවා ලාංකික තරුණ ප්‍රජාව විනාශ මුඛයට ගෙන යන්නේ  ඉතාමත් වේගයෙන් බැවිනි.   මත්ද්‍රව්‍ය වැටලීමට විවිධ උපක්‍රම භාවිතා  කරනු ලබන අතර ප්‍රධානම ලෙස ඔත්තුකරුවන්ගේ තොරතුරු පාදක කර ගැනීම සිදු කරයි. මේ දිග හරින්නේ විශේෂ කාර්ය බලකායේ සමහර නිලධාරීන්ගේ නින්ධිත ක්‍රියාවලි කිහිපයකි. විශේෂ කාර්ය බලකායත් නින්දිත අකාරයේ, දූෂිත අකාරයේ වැඩ කරමින් “රාජ්‍ය ත්‍රස්තවාදීන්” ලෙස කටයුතු කරන්න නම් ශිෂ්ඨ සමාජය කිසිදා අනුමත නොකරන අතර සමාජයට අපරාධ කල්ලි බිහිකරන ඔවුන් අලුතින් නීති සකසා එල්ලා මරා දැමිය යුතු බොහෝ දෙනෙකු ප්‍රකාශ කරයි. එවිට කිසිම දිනයක රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි නොවනු ඇත.

    පසුගිය කාලේ වේයන්ගොඩදී මත්ද්‍රවය පිලිබඳව පොලිසියට ඔත්තු ලබාදුන් පුද්ගලයෙකුගේ අතපය කපා දැමීමක්  වාර්තා විය. පසුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකදී අවසන් ගමන් ගිය බව අපට මතකයේ තිබේ. එම පුද්ගලයා  පොලිසියට තොරතරු ලබාදුන් බව පොලිසිය තුළින්ම ජාවාරම් කරුවන් හට පවසා තිබූ බව පසුව අනාවරණය වු නමුත් ඒවා කාලයේ වැලි තලාවෙන් යටවී ගියේය . එහෙත් සෑම අපරාධයක්ම පාහේ  වාර්තාවූයේ ශ්‍රී ලංකා පොලිසිය තුළ ය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ වැඩ නිසා විශිෂ්ඨ නිලධාරීන් රාජකාරිය කරනුයේ දැඩි කලකිරිල්ලෙනි.

    පොලිසියේ වැරදි නිසා මහජනතාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත යොමු වුයේ  ඔවුන්ගේ රාජකාරිය පිළිබඳව ඇති ගෞරවාන්විතව සිතුවිල්ලකිනි. මොවුන් පොලිස් විශේෂ කාර්ය බලකාය දුටුවේ තමන් රැකීමට පැමිණි මුර දේවතාවන් ලෙසටයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එම බලකාය තුළටද බහිරවයන් රිංගා ඇති බව මෑත කාලයේ වු සිදුවීම් වලින් පෙනී යයි. ශ්‍රී ලංකාව ගිනි තැබීමේ ප්‍රථම පියවර ප්‍රසිද්ධියේම ඔවුන් ආරම්භ කරන්නේ පසුගිය මාර්තු 31 වැනිදා මිරිහානෙන්ය. ඔවුන්ගේ ම්ලේච්ඡ හැසිරීමේ අවසාන ප්‍රතිපලය ලෙස රට ගිනි ගෙන අපරාධකරුවන් ලෙස විශාල ජනතාවක් හංවඩු ගසා තිබෙන අතර තවත් විශාල පිරිසක් රෝගීන් වී සිටිති.

    2022 මාර්තු 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස ඉදිරිපිට සිදු වූ සිදුවීම.

    සති කීපයකට උඩදී ඇඹිලිපිටිය පොලීසිය විසින් හෙරොයින් කිලෝ 38 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේය. ඉන් දින කිහිපයකට පසු එම කුඩු කිලෝ 38 පිලිබඳව ඔත්තුව දුන් බව කියවෙන පුද්ගලයා විශේෂ කාර්ය බලකාය ඇඹිලිපිටිය  පොලිසියට කඩා පැන එහිදී අත්අඩංගුවට ගන්නේ  “ගිනි අවියක්” ඉනේ සඟවාගෙන සිටි බව පවසමිනි. පසුපස සාක්කුවෙ පතුරම් අටක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පවසයි. එහි ඇති ගැටලුව වන්නේ අරුන සම්පත් නොහොත් කජ්ජු නැමති මෙම පුද්ගලයා  උදෑසන 6:00 ට පමණ විශේෂ කාර්ය බලකාය විසින් පැහැරගෙන යාමයි.

     එම පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම අරුණ සම්පත් නමැත්තාට හොඳහැටි පහරදී “ඇඹිලිපිටිය”  පොලිසියේ ස්ථානාධිපතිට හෙරොයින් කිලෝ එකක් ලබා දුන් බවට වීඩියෝවක් රැගෙන තිබෙන්නෙන් ඔවුන්ගේ රථය තුළදීය. ඉන් අනතුරුව මිද්දෙණියේ සිට ඇඹිලිපිටියට රැගෙන එන ඔහු පොලිසියට යවන්නේ OIC ට දුන් කුඩු කිලෝ එක රැගෙන එන ලෙස නියෝග කරමිනි.  එහිදී එම වාහනය අසලට පැමිණි සහකාර පොලිස් අධිකාරි සම්පත් නමැති විශේෂ කාර්ය බලකා නිලධරියෙකු අරුණ සම්පත්ට පවසා තිබෙන්නේ  “වැඩිය දැඟලුවොත් හරක් කටාට කියල මරලා දානවා” යනුවෙනි. නමුත් එම කුඩු පිලිබදව තමන් ඔත්තුව ලබා දුන් බවට කියවෙන ප්‍රකාශය අසත්‍යයක් බව අරුන සම්පත් ප්‍රකාශ කරන අතර ඔහු සැක කිරීමට හේතුවද ඔහුම ප්‍රකාශ කරන්නේ මරණය තමන්ට හිමිවන බව දැනෙන අවසාන මොහොතේය.

    ඉන් පසු අරුණ සම්පත් නැමති පුද්ගලයා පොලිසියට ගොස් ස්ථානාධිපති හමුවේ තමාට මුහුණ දීමට වූ සිද්දි සමුදාය ඔහුට දැනුම් දී තිබේ. එහිදී  පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කිරීමට ඔහුට ඉඩ දී තිබේ. පැමිණිල්ල යොදා පොලිසිය තුලම කාමරයක ඔහු සැගවී මාධ්‍යවේදීන්ට කතා කර සියල්ලම පවසා තිබෙන අතර මාධ්‍යවේදීන් එය පටිගතකර තිබේ. තවත් මාධ්‍යවේදියෙක්ට තර්ජනය කිරීමටද අදාල නිලධාරීන් කාට්යුතු කර තිබේ. විශේෂ කාර්ය බලකාය සැලසුම් කර තිබෙන්නේ එදින රාත්‍රියේ ඔහු සතුව තිබෙන බව කියවෙන ගිනි අවි පෙන්වීමට ගොස් “ මරා දැමීමටයි”. නමුත් එය කිරීමට STF එකට නොහැකි වූ අතර ජාතියේ වාසනාවකට STF එක අපරාධකරුවන් සමග තිබෙන සබඳකම මෙන්ම අපරාධකරුවන්ගේ “අපරාධ කොන්ත්‍රාත්” සිදු කරන්නේ විශේෂ කාර්ය බලකාය විය හැකි බවට සැක කිරීමට කැරුණු යෙදුනු අතර කුඩු ඇතුළු තහනම් මත්ද්‍රවය ප්‍රවාහනය කිරීම සදහා විශේෂ කාර්ය බලකායේ සමහර නිලධාරීන් නිල ඇදුමෙන්ම ආරක්ෂාව සලසන බවටද තොරතුරු අප වෙත වාර්තා වී තිබේ. නමුත් ඒවා තව දුරටත් විමර්ශනය කරමින් තිබෙන අතර ඒවා සියල්ලම තහවුරු වූ පසු ජනගත් කිරීමට අපගේ කණ්ඩායම් කටයුතු කරමින් සිටි.

    පණිවිඩ කරු මරා දැමීමට සැලසුම් කරන විශේෂ කාර්ය බලකාය ( හඩපටය අහගන්න) – ඇඹිලිපිටිය පොලීසිය විසින් හෙරොයින් කිලෝ 38 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේය

     බොහෝ වේලාවක් ඔහු පොලිසිය තුල සැඟව සිටින අතරතුර ඇඹිලිපිටිය පොලිසියට කඩා තුළට කඩා වැදුණු  විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔත්තුකරුවා අත් අඩංගුවට  ගන්නේ ගිනි අවියක්ද සමගින් බව සදහන් වේ. නමුත් මෙම සිදුවීම් තුළ ගැටලු රැසක් තිබේ. පොලීසියේ උසස් නිලධාරීන් සියලුම දෙනා දැනුවත්ව සිදු වූ එම වැටලීම සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකාය ආවේ කෙසේද?. කාගේ වුවමනාවටද ?. අදාළ ඔත්තුකරු බව කියවෙන පුද්ගලයා පොලිසියට ඇතුලත් කර තිබෙන්නේ පොලිසිය ඉදිරිපස ගේට්ටුවේ සිටි නිලධාරියාගේ  “ශරීර පරීක්ෂාවකින් අනතුරුව” ස්ථානාධිපතිවරයා වෙතට යොමු කර තිබේ. නමුත් පරික්ෂා කිරීමේදී නැති ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ට හසු වූයේ කෙසේද?. හරක් කටා නැමැති දැනට විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහකාර පොලිස් අධිකාරි සම්පත් යන අයගේ  මිතුරෙක්ද?. යන්න සාධාරණ සැකයක් මෙම සිද්ධියේදී දැක ගන්නට තිබේ. තවද දින කිහිපයකට පෙර මෙම කුඩු පිලිබදව ඔත්තුව ලබා දුන්නා යයි සැකකරන පුද්ගලයාට ඇඹිලිපිටිය තොරකොලයායේදී වෙඩි තබා තිබේ. මොහුට වැඩි තැබුවේද STF එකෙන්මද?. STF එකෙන්ම ඝාතන සිදුකර හරක් කටා වැනි අපරාධකරුවන්ගේ ගිණුමට දමන්නේද?. ගැටළු රාශියක් ඉතිරිව තිබේ.

    STF එකේ ASP සම්පත් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා ජනසමාජයට මෙන්ම විවිධ අපරාධ කණ්ඩායම් වල නායකයන්ට මෙන්ම අපරාධ ලෝකයේ “ ගෝඩ් ෆාදර්” වරුන් වීමට දගලන සියලුම දෙනාට පාඩමක් කියා දීමට මෙම සිද්ධිය සමත්ව තිබේ. එනම් අපරාධකරුවන්ගෙන් මුදල් අරගෙන, අපරාධකරුවන්ටම වෙඩි තබා මරා දැමීම විශේෂ කාර්ය බලකාය සිදුකරන බවයි.

    කෙසේ නමුත් මෙම පුද්ගලයා ඔත්තුකරුවෙකු බවට සමජ ගත වුයේ කෙසේද?. අප ඒ පිලිබදවත් සොයා බැලුවේය. අධිකරණයට ඉදිරිපත් කළ එම ඔත්තුකරු සම්බන්ධව මහෙස්ත්‍රාත්වරයා දැඩි දෝෂාරෝපණයක්  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත එල්ල කර තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා යන්නෙකු හට ඇඹිලිපිටිය පොලිසියේ  ස්ථානාධිපතිවරයාගෙන් මේ ගැන සියල්ලම දැනගත හැකිය. සියලු තතු අප සතුව් තිබේ. එදින ඔහුගේ “ආයුධ” තිබෙන බවත්, ආයුධ පෙන්වීමට ගොස් රාත්‍රියේ ඔහුව මරා දැමීමත් විශේෂකාර්ය බලකායේ සැලසුම වී තිබුණි. නමුත් “අපරාධකරුවන්ද මිනිසුන් ලෙස දකින, මාකදුරේ මදුෂ් වැනි අය මෙන්ම පාතාල ලෝකයේ කෙරුමන් මරා දැමීමට විරුද්ධව කතා කරන, ලියන මානව හිතවාදී මාධ්‍යවේදීන් “ කිහිප දෙනෙකුට ඔහුගේ වීඩියෝ සහ හඩපට ලැබෙන්නේ ඇඹිලිපිටිය පොලිසිය ඇතුලෙමිනි. “ හරක් කටාගේ” අවශ්‍යතාවයට මිනීමැරුමක් කිරීමට ගිය ASP සම්පත් නමැති නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමට සියල්ලම වැරදුනු අතර, මෙම පුද්ගලයා මරා දමා හරක් කටාගේ ගිණුමට දමා අත පිස දමා ගැනීමට උත්සාහ කල ක්‍රීඩාවද වැරදුනි. රාත්‍රියේ ගිනි අවි පෙන්වීමට ගොස් “ඝාතනය කිරීමට කල සැලසුමද” වැරදුනි. 

    එසේනම් කුඩු ඇතුළු මත්ද්‍රවය වලට අදාලා නඩුවල සාක්ෂිකරුවන් මරා දමන්නේ විශේෂ කාර්ය බලකායද?. මෙම ගැටළු යටපත් කරමින් මේ සිදුකරන නීතිවිරෝදී ක්‍රියාවන්  අවසන් කිරීම රාජ්‍ය බුද්ධි අංශයේ ශ්‍රී ලංකා පොලීසිය සතු දැඩි වගකීමකි. එසේම ඒවා කාලයත් සමග යටපත්කිරීම පොලිසියේ නාමය පරිහානියට අත් උදව් ලබා දීමකි.

    මේ අතර මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියකු දකුනු පළාතේ දී  තොරතුරු කරුවෙකු  ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගන්නේ සැකසහිත තැන්  ගොඩක් ඉතිරි කරමින්ය. එම කතාව කරළියට නොපැමිණියත් “බෝල්ට්  කතාව” කුමක්දැයි සොයන්නෙකුට ඉතාමත් ලෙහෙසියෙන් එම කතාව සොයා ගත හැකිය.

    එසේම කැලණි ගඟෙන් එහා පැත්තේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීයකු පාතාලය සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග බොහෝ වැඩ කිඩ දැමුවේය. තව ටික දිනක් ඔහු එම ස්ථානයේ රාජකාරි කළේ නම් තමන්ට ද වැඩ වරදින බව දැනගත් උසස් නිලධාරීන් ඔහුව  ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබුණි. ඔහුගේ දුෂිත  ක්‍රියා සම්බන්ධව පොතක් ලිවිය හැකි බව විශේෂකාර්ය බලකායේ විශිෂ්ඨ නිලධාරීන් ම පවසති. 

    එසේම විශේෂ කාර්ය බළකායේම නිලධරීන් හට යම් තොරතුරක් ලබා දුනහොත් ඒවා පටිගත කරන නිලධාරීන්, රාජකාරි අවශ්‍යතාවය මත යැයි පවසා අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරයි. එහෙයින් මේ වෙනවිට පොලිස් විශේෂ බලකා  නිලධාරීන් හට දුරකථන ඇමතුමක් ද ලබාදීමට ජනතාව බිය වී සිටින්නේ ඔවුන් ඒවා අනවශ්‍ය අයුරින් විවිධ පුද්ගලයන් හට පත් කරන නිසාවෙනි . අසාමාන්‍ය ලෙස ධනවත් වූ නිලධාරීන් රැසක් සම්බන්ධව ද මේ වන විට තොරතුරු බුද්ධි අංශ  වෙත ලැබී තිබෙන බව වාර්තා වෙයි. ප්‍රංශයේ සහ එංගලන්තයේ ජීවත් වන ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු ගේ හොඳම හිතවතෙකු මේ වන විට මූලස්ථානයේ  මත්ද්‍රව්‍ය වැටලීම් අංශයක ප්‍රධාන භූමිකාවක් සිදුකරනු ලබයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අත හැර පලා යන විශේෂ කාර්ය බලකාය . විශේෂ කාර්ය බලකාය ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතබා පලා යන බවට සැක සිතිය හැකිය.

    අවංකව රාජකාරි කරන නිලධාරීන් පවසන්නේ මේ වන විට එම නිලධාරියා දිනකට කිහිප වරක් එම විදෙස් රටවල් වල සිටින ජාවාරම්කරුවන් සමග ජංගම දුරකතන මාර්ගයෙන් සම්බන්ධතා පවත්වන බවයි.  නිලධාරීන්ගේ හිතවත්කම් මත චෝදනාවට ලක්ව සිටින මේ නිලධාරියා මේ වන විට මූලස්ථානය තුල වැජබෙන  අයුරු ප්‍රහේලිකාවක් බවද පැවසේ.

    තවද පොලිස් විශේෂ කාර්ය බළකායේ හැඳුනුම්පත් භාවිතා කර අතුරුගිරිය පොලිසියේ බුද්දි අංශ  නිලධාරීන් දෙදෙනකු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහරදී අත් විලංගු දමා කප්පම් ගැනීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ. එහෙත් එම සම්බන්ධව විමර්ශන සිදුකිරීමට තමන්හට ප්‍රතිපාදන නොමැති බව මුල්ලේරියාව පොලිසිය පවසයි. එහෙත් සත්‍ය කරුණ නම් උසස් නිලධාරීන්ගේ හිතවතුන් වන මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා තිබෙන සමීප සම්බන්ධතා හේතුවෙන් එම විමර්ශන කුණු කූඩෙට ගොස් ඇති බව යි. ඔවුන් තිදෙනා මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති දෙදෙනෙකි .

    මේ  සියලුම සිදුවීම් වලට හේතුව වී ඇත්තේ  සුදුස්සාට සුදුසු තැන  නොලැබීමයි. අවංකව රාජකාරි සිදු කරන බහුතර නිලධාරීන් කුණු කූඩයට දමා තිබේ. නිසි පුද්ගලයින්ට උසස්වීම් ලබා නොදී මෙලෝ හසරක් නොදන්නා අයවලුන් හට රජයේ ලාංජන පැලදීම ද මේවාට  හේතු බවද නිලධාරීන් චෝදනා කරයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන, හඳහන් බලන පුද්ගලයින්ට උසස්වීම්  ලැබුනේ කෙසේදැයි විශේෂ කාර්ය බළකායේම විශිෂ්ඨ නිලධරීන් ප්‍රශ්න කරති. අමාත්‍යංශයේ හිතවතියන් මාර්ගයෙන් උසස්වීම් ලැබුණේ කෙසේදැයි සොයා ගැනීමට නොහැකිව උසස්වීම් නොලැබුණු නිලධාරීන් විශ්‍රාම ගොස් තිබේ. වැටලීම් වලදී තමන්ගේ ඒකකයේ නිලධාරීන් පුද්ගලයින් වටකර පහර දෙද්දී “බෝ ගස් වදිමින් පිරිත් කියූ” ස්ථානාධිපතිවරුන් හට උසස්විම් ලැබෙනවා නම් සුදුසු පුද්ගලයින් හට උසස්වීම් නොලැබුණේ ඇයි දැයි ප්‍රශ්න සහගතය.

    ගෞතම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුවද, සමාජය  විනාශ මුඛයට යමින් තිබූ අවධි කිහිපයක ධර්ම සංගායනා පවත්වා බුද්ධ ශාසනය රැකගැනීමට කටයුතු අතීතයේ සිටම කටයුතු කළ බව පොතපතෙහි සදහන් වේ.  එම අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ද අභ්‍යන්තරය පිරිසිදු විය යුතුය. එයට අවධානය යොමු නොකළහොත් මාධ්‍ය ඉදිරියේ විනාශ වී යන්නේ කීර්තිමත් ආයතනයක ගෞරවනීය නාමයයි .

    බැද්දගානේ සංජීවගේ සිට එතනින් එහා සිට ඉදිරියට පොට්ට නවුෆර්, කඩුවෙල වසන්ත,අංගොඩ ලොක්කා, අගුලානේ රොහා,ඇල්පිටියේ ජෝෂා, කළු තුෂාර, කුඩු ලාලිත, කොස්ගොඩ තාරක , මාකදුරේ මදුෂ් දක්වා මරා දැමුණු මිනිසුන්ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ය. මතුගම ෂාන්,  චින්තක අමරසිංහ, ගනේමුල්ලේ සංජීව, පොඩි ලැසි, කන්ජිපානේ ඉම්රාන්, නදුන් චින්තක නොහොත් හරක් කටා, කරන්දෙණියේ සුද්දා, මොරටුවේ ධර්මසිරි මතුගම සලිදු ආදී ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ අපරාධකරුවන් ද ශ්‍රී ලංකාවේ අපේම පුරවැසියන්ය.

    මොවුන් අපරාධකරුවන් බවට පත් වන්නේද, ඔවුන් අපරාධ ජීවිත ගත කරන්නේද පොලිසිය, බන්ධනගාර මෙන්ම අප සොයාගෙන තිබෙන ආකාරයට විශේෂ කාර්ය බලකායේද වරදින් නම් මේවා වෙනස් කල යුත් නොවේද?. අපරාධකරුවන්ගෙන් වැඩ අරගෙන අවසානයේ වැඩ ගත් ආරක්ෂක අංශම ඔවුන් මරා දමමින් තවත් අපරාධකරුවන් පිරිසක් සමාජය උරුම කර දෙන්නේ නම් මෙහි වරද වහ වහා සොයා යා යුතුව තිබේ. ඒවා නිවැරදි කල යුතුව තිබේ.  සියලුම අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ නවීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කල යුතුව තිබේ. අරුන සම්පත් නැමති පුද්ගලයාගේ ජීවිත ආරක්ෂාවද, මතු දිනයක හරක් කටා නොහොත් නදුන් චින්තක මරා දැමීම ආරක්ෂක අංශවලින් විවිධ උපක්‍රම යොදා දම ඇහැකි බැවින් මේ දෙදෙනාම මෙන්ම සියලු අපරාධකරුවන් සුරක්ෂා කිරීමේ නීති සහ ක්‍රමද ශ්‍රී ලංකාවේ ස්ථාපනය කල යුත්තේය. එයින් පමණක් අපරාධකරුවන් බිහිවීම වැලැක්විය හැකි අතර ඔවුන් මරා දැමීමෙන් සිදුවන්නේ තවත් එවැනිම කණ්ඩායමක් බිහිවීම පමණි.

    අපරාධකරුවන් සුරැකීම සදහා නෙදර්ලන්තයේ කටයුතුකරන ආකාරය පහතින් අහන්න.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version