ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුධය සහ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිකම සහ දේශපාලන කුලල් කා ගැනීම නිසා වාමාංශික දේශපාලන පක්ෂවල ආත්මාර්ථකාමීතත්වය නිසා යුරෝපය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවෙමින් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී විෂා ලබා ගැනීම පවා දුෂ්කර වනු ඇති අතර අඩුම තරමේ ශිෂ්‍ය විසාවක් වත් ලබා ලබා ගැනීමට නොහැකි වනු ඇත. ගත්තත් එය අසීරු වනු ඇත.
ඒ අනුව GSP ප්ලස් මෙන්ම සංචාරක කර්මාන්තය ද අවසන් වනු ඇත. මේ සියල්ලම සිදුවන්නේ චීනයේ සුක්ෂම මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ විසින් යුරෝපය තුල ගොඩනගන ලද කටයුතුවල ප්‍රතිපල ලෙස බවද වාර්තා වේ.
ඊට අමතරව ඒ සදහා යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ව්‍යපාරද වගකිව යුතු අතර ඔවුන්ගෙන් පසු ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන්ට උසස් අධ්‍යාපනය ලැබීමට යුරෝපයට යාමට නොහැකි වනු ඇතිබව වාර්තා වේ.
දේශපාලඥයන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කඩේ යන දේශපාලන බත් බැලයන්ටද මේවාට වඩා අවශ්‍යව තිබෙන්නේ තමන්ගේ ආණ්ඩුවක් සකසා ගැනීමටය.














































