අද (31) නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවර ෙඑතිහාසික ශ්‍රී දළදා මාලිඟාව වැඩ පුදා ගත්තේය.
මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී දළදා වහන්ස්දේ වැද පුදාගැනීම සදහා නිල වශයෙන් පැමිණෙන සෑම අවස්ථාවකම මහනුවර ශ්‍රී දළදා මාලිගාව උත්වශ්‍රීයෙන් වැජබුණි . එය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඔවුන්ව පිළිගැනීම දියවඩන නිලමේ ප්‍රමුඛ සතර දේවාලවල නිලමේවරුන්ගේද සහබාගීත්වයෙන් ඔවුන් පිළිගැනිම සිදුකර තිබේ.
නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා නව අගමැති ලෙස පැමිණි අද (31) ඔහුව පිළිගැනිම වෙනුවෙන් වෙනදා අග්‍රාමාත්‍යවරුන්ට මෙන් කටයුතු නොකළ බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සේවකයෝම දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංගට එරෙහිව චෝදනා කරති.
කීර්තිමත් නිලමේවරයෙකු වන මහේන් රත්වත්තේ මහතා පමණක් ගොස් අග්‍රාමාත්‍යවරයා පිළිගෙන තිබේ. රටේ දෙවෙනියා ආශිර්වාද ලබා ගැනීම සදහා පැමිණෙන විට දියවඩන නිලමේවරයා “ හැංගිලා” ලෙස මහනුවර වැසියන් ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් සමහර විට අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් තිබී ඒ සඳහා යොමු වුයේද යන්න අප නොදන්නා නමුත් වෙනදා අගමැතිවරුන්ට සැලකු ආකාරයෙන් සිදු නොකිරීමෙන් අපට පෙනී යන්නේ ඔහු අග්‍රාමාත්‍යවරයා නොසලකා හැර ඇති බවයි. එසේ නොමැති නම් එවැනි උත්සවයක් නොතබන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදේශ දුන්නාද විය හැකිය. උත්සවයක් පැවැත්වුයේ නැති වුවත් වෙනදා සිදුකල කටයුතු සිදුකලේ නම් දියවඩන නිලමේවරයාට මෙවැනි චෝදනාවක් එල්ල නොවනු ඇත.
දියවඩන නිලමේවරයාගේ සහචරයන් වන්නේ රාජපක්ෂවරුන් වුවත් දිනේෂ් ගුණවර්ධන යනු මෙරට අග්‍රාමාත්‍යවරයාය. ඔහු රටේ දෙවෙනි පුරවැසියා වෙයි. තමන්ගේ ආගමේ මුදුන්මල් කඩට පැමිණෙන විට බෞද්ධයාගේ ගිහි භාරකරු නොසිටියේ නම් අප සියලුම දෙනා එය දකින්නේ එලෙසිනි.