අද (01) සිට දිවයින පුරා ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හෙවත් QR ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1,140ක මෙම ක්‍රමවේදයට අනුගත වී එය අත්හදා බලා අවසන් බවයි.
එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (31) රාත්‍රී 08.00 පමණ වන විට QR ක්‍රමවේදය යටතේ වාහන මිලියන 05ක් ලියාපදිංචිව තිබූ බවයි.
විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින්, අද (01) සිට QR කේතය සඳහන් අංකය සහ වාහන අංක තහඩුවේ සඳහන් අංකය පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමණාකාරිත්වයෙන් ඉල්ලීමක් කර ඇත.














































