“සිව්වන ආණ්ඩුව ලෙස” ක්‍රියාත්මක වන තවත් ජනමාධ්‍ය ආයතනයක් වන “ ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය” ආරම්භ කර මේ වන විට අවුරුද්දක් පමණ වන අතර බලපත්‍රය ලැබී ගතව තිබෙන්නේ මාස හතරකටත් වඩා අඩු කාලයකි. ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම ආයතනය ආරම්භ කිරීමද විශේෂත්වයකි.
දේශපාලන අධිකාරිය තුල, රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් තුලින් මෙන්ම මහජනතාව විසින් මහජනතාවම පීඩා කිරීමට එරෙහිව අප වෙත ලැබෙන ඕනෑම පුවතක් මාධ්‍ය ආචාරධර්ම වලට ගරු කරමින් පලකිරිම සිදුකරනු ලබයි “මම ලෙස සිතීම ආත්මාර්ථකාමී බවත්, අපි ලෙස සිතීම පරාර්ථකාමී බවත්, මම ලෙස සිතීම සිතට පීඩා දෙන, වද දෙන, නිදහසක් නොමැති කාරණාවක් සේම ආත්මාර්ථකාමී බව නිසා තමාගේ මතු පරපුර පීඩා විඳින බව ද මා ලෙස සිතීමෙන් සමාජයටත්, රටටත් සිදුවන්නේ හානියක් බවද යන තේමාවෙන් විමර්ශනාත්මක පුවත් පළකිරීම අපගේ ප්‍රමුඛතම කාර්ය වේ.
එහි අරුත නම් පරාර්ථකාමී සිතුවිලි තුළින් වගකීම, අපේකම ලැබෙනවා සේම එයින් සමාජයේත්, සකල ලෝ වැසියන්ගේත් සමාදානය, සතුට, සහජීවනය සිදුවන බවද අප මනාව වටහාගෙන ලක් දිව පහල උණු බවට විශ්වාස කරන “ ශ්‍රී රාවණා රජුන්ගේ” දර්ශනය සකල ලෝ වැසියන්ගේ යහපත් වෙනුවෙන් නැවත ස්ථාපනය කිරීමේ දීර්ඝකාලින සැලසුමක් ඔස්සේ අදාළ සංවිධානය ක්‍රියාත්මක වන අතර “ ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයද” හැකි තාක් යුක්තිය උදෙසා ක්‍රියාත්මක වේ.
අප පුවත් පලකිරීමේදී අනෙක් පාර්ශ්වයෙන් විමසීමක් සිදු නොකරන අතර අපගේ පුවත පළකිරීමෙන් පසු අනෙක් පාර්ශ්වයට පිළිතුරු ලබා දියහැකි අතර එයද විමර්ශනාත්මකව පල කරනු ලබන අතර එය පළකිරීමෙන් පසු අනෙක් පාර්ශ්වයටද අවශ්‍ය නම් පිළිතුරු දිය හැකිය. පිළිගත් නීතියද එයයි.
එසේම ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිලිබඳව සෘජුවම අදාළ ආයතන වලට මෙන්ම රේඛීය අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කරනු ලබයි. එසේම අප පලකරන පුවත් පිලිබදව කිසිම පාර්ශ්වයකට පිළිතුරු නොදෙන අතර අප පලකරන පුවතෙහි අඩංගු කරුණු මත අනෙක් පාර්ෂවය ක්‍රියාත්මක වීම හෝ නොවීම ඔවුන්ගේ වගකීම වේ.
ලංකාවේ කිසිම මාධ්‍යවේදියෙක් අපට පුවත් සපයන්නේ නැති අතර අප විසින්ම සොයාගනු ලබන පුවත් පිලිබඳව ගැබුරු විමර්ශනයකින් අනතුරුව පළකරයි. ඒවා විමර්ශනය කිරීම සඳහා ඒ ඒ වෘත්තීන් පිලිබදව පළපුරුදු නිලධාරීන් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය තුල සිටි. එහි සාමාජික සංඛ්‍යාව 4000 කට ආසන්න වේ. ඔවුන් ස්වේචාවෙන් එම කටයුතු සිදුකර දෙන අතර අප සමග විශාල ලෙස සම්බන්ධව සිටින්නේ ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය උසස් නිලධරීන් සහ භටයන්ය. මේ වන විට අප ලෝකයේ රටවල් 86 ක් සමග සබඳකම් පවත්වමින් ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් වැඩකටයුතු රාශියක් සිදුකරන්නේ ඉතාම නිහඩවය. අපට ද අරගලයක් ඇත. ඒ යහපත් පරපුරක් බිහිකිරීම පමණි.
ඒ අනුව අපගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වන්නේ ශ්‍රී රාවණා දර්ශනය, බෞද්ධ දර්ශනය ද, සමාජ විද්‍යාත්මක ඉගැන්වීම් සමග තරුණ සංවර්ධනය, මානව සංවර්ධනය යන ක්ෂේත්‍ර ගණනාවකම පුළුල් අධ්‍යන කටයුතු සමග “රාවණවංශ කතාව” ද ඊට අදාළ ව ලියැවුණු විවිධ පොත්පත් ද අධ්‍යයනය කරමින් අනුරාධපුරය, පොලොන්නරුව, රිටිගල, බදුල්ල ආදී විවිධ ප්‍රදේශවලට ගොස් ගවේෂණද සිදු කරමින් ද, යෝග සහ භාවනා ක්‍රම ද හදාරමින් ශ්‍රී ලාංකීය වංශ කතාව රාවණා වංශකතාවේ දර්ශනයන් මතින් නැවත ගොඩනැගීමේ භාරදුර කාර්යට අප සංවිධානයේ සාමාජිකයන් නිහඩව දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටි. ඒ අනුව ඉදිරියේදී මෙම වෙබ් අඩවිය තව දුරටත් සංවර්ධනය වෙමින් ඔබට අවශ්‍ය සියලුම දේ මෙම වබ් අඩවිය මගින් ලබා ගැනීමට හැකි වනු ඇත. 1 වසරේ සිට විශ්වවිද්‍යාල දරුවා දක්වා අවශ්‍ය පාඩම් ඇතුළු අධ්‍යාපනික දැනුමද ලබා ගත හැකි වෙබ් අඩවියක් ලෙසද තව දුරටත් වෙනස් වනු ඇත. දැනටමත් “නීතිය” ඉගැන්වීම මුල සිටම ආරම්භ කර තිබේ. එසේම මෙම පුවත් වෙබ් අඩවිය සමග යු tube නාලිකා 7 ක් ක්‍රියාත්මක වන අතර එම සියල්ලෙන්ම ඉලක්ක කර තිබෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය කායික, මානසික, දේශපාලන ඇතුළු දැනුමින් සන්නද්ධ කිරීමටය. නුදුරේදීම සජීවී විකාශයක්ද ආරම්භ වීමට නියමිතව තිබේ.
අප මාධ්‍ය ආයතනයක් ලෙස මෙම අවුරුද්දද ඇතුලත දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබේ. මේ සියලුම කටයුතු සදහා අප කිසිම පුද්ගලයෙකුගෙන් කිසිදු මුදලක් අයකර නැති අතර ඉදිරියේදීද එසේමය. ප්‍රචාරණ දැන්වීම්ද ලබාගෙන නැති බැවින් අප කටයුතු කරනුයේ දැඩි ලෙස ස්වාදීනවය. අප සමග රැදී සිටිමින් අපට නිරන්තරයෙන්ම තොරතුරු ලබා දෙන සියලුම පුද්ගලයන්ටත්, පාඨක ඔබටත් අපගේ විශේෂ ස්තුතිය පුදකරනුයේ හද පිරි සතුටිනි. ජනමාධ්‍ය අමාත්‍යාංශයට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටද විශේෂ ස්තුතියක් සටහන් කරනුයේ බලපත්‍රය ලබා ගැනීමේදී කඩිනම්ව කටයුතු කර දුන් බැවිනි.
ශ්‍රී ලාංකිකයන්ගේ සියලුම ප්‍රශ්න ඉතාම ඉක්මනින් විසදී සියලු ලෝ සතුන්ට සතුට උදා වේවා යයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. අප සමග රැදී සිටින ඔබ සියලුම දෙනාට අප නැවතත් ස්තුතිවන්ත වෙමු. අවුරුද්දක් ඇතුලත බැලීම් ලක්ෂ ගනනක් සම්පූර්ණ වුයේ ඔබ නිසා වන අතර තවත් නොබෝ දිනයකින් දැනට අප ඉදිරිපත් කරන ප්‍රමාණයට වැඩියෙන් පුවත් ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබේ. අපගේ ස්වෙච්චා සේවයට ඔබගේ ඇගයීම, චෝදනා, ගෝරනාඩු අතිශයින් වැදගත් බව ද සදහන් කරන්නෙමු. ඔබ අද කරන වරදට එරෙහිව ලියන “අපි හෙට ඔබට සිදුවන අසාධාරණයට එරෙහිවද ලියන්නෙමු”
ප්‍රධාන කතෘ














































