English
සිංහල
03:30 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බන්ධනාගාර සිරකරුවන් “වහල් වෙළදාමේ” යොදවලා. “නැවක් සහිත අතක් සිරකරුවන් කුණු කොල්ලයට” ගෙන නිලධාරීන්ට ලක්ෂ ගනනාවක් ගෙවලා.  

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සිරගතව සිටින පුද්ගලයන්ට සැබෑ මුදල් නොහොත් පුද්ගලයෙකු සත්‍ය ලෙසම උපයන මුදල ඉපයීමට ඉඩ නොදෙන විට ඔවුන් බන්ධනාගාරගත කිරීමේ මූලික අවශ්‍යතාවය ඉටු නොවනු ඇත. ඉන් සිදුවන්නේ හිර ගෙදරින් එලියට එන ඔවුන්ට සාර්ථකතත්වයේ අවස්ථාවන්ට මුහුණ දීමට නොහැකි වීම සහ ඒවාට හානි සිදුවීමයි. ඉතුරුම් නොමැතිව, ආහාර, නිවාස, සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය, ළමා ආධාර ඇතුළු විවිධ සහ  ක්ෂණික වියදම් ඔවුන්ට දරාගත නොහැකි වනු ඇත. එසේම සමහර රටවල් වල සාපරාධී වැරදි සහිත පුද්ගලයන්ට සුබසාධන සහ ආහාර මුද්දර වැනි රජයේ ප්‍රතිලාභ වැඩසටහන් ලබා නොදේ. එබැවින් ස්ථාවර නිවාස සහ රැකියාවක් සොයා ගැනීමට ඔවුන්ට බාධක වලට මුහුණ දීමට සිදු වේ.  ඔවුන්ට වෙනත් ඉතුරුම් නොමැති නම්, බස් ටිකට් පතක් සහ “ගේට්ටු මුදල්” පමණක් රැගෙන සිරෙන් පිටව යාමට සිදු වේ. එබැවින් සිරගෙදර “වැඩ පැවරුම්” වලින් ලැබෙන සොච්චම් ඉපැයීම් වුවද පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට සහ පැවැත්මට පවා අත්‍යවශ්‍ය වේ.

    බොහෝ බන්ධනගාරවල සිරගතව සිටින පුද්ගලයන්ට ඔවුන් නිදහස් කිරීමෙන් පසු නැවත සම්බන්ධවන සමාජයේ තිබෙන ශ්‍රම වෙලදපොලට අදාළ සුළු කුසලතාවයන් පමණක් උගන්වයි. එබැවින් උපයන වැටුප ඔවුන් උපයන එකම ප්‍රතිපලය පමණක් විය හැකිය. සිරකරුවන්ට ලබා දෙන අඩු වැටුප් නිසා ඔවුන් කලකිරීමට පත්වන්නේ නිදහස්ව පැමිණීමෙන් පසුව මුහුණ දෙන වැඩි වියදම් සලක බැලීමේදීය. නමුත් සිරකරුවන්ගේ වැටුප් කිරීම යනු සමහර විට දේශපාලනික වශයෙන් දැඩි ලෙස විකිණීමක් විය හැකිය. නමුත් ප්‍රතිපත්ති සම්පාධකයන් මෙන්ම මහජනතාවද පිළිගත් යුත්තේ ඔවුන් අවසානයේ සිර ගෙදරින් නිදහස් වන බවයි.

    සිරගෙදරින් එලියට එන ඔවුන්ගෙන් සමාජයට හානියක් සිදු නොවන්න නම් සිරගෙදර සිටින කාලය තුල ඔවුන් සාර්ථක විය යුතුය. එය රඳා පවතින්නේ ඔවුන් සිරගෙදරදී උපයන වැටුප් මතය. ඒ සඳහා සිරගෙදරින් පිටත වැඩ සදහා ඔවුන් යොමුකළ යුතුය. නමුත් සිරගෙදරින් පිටත වැඩ සඳහා යොමුකරමින් කෝටි ප්‍රකෝටිපති මෙන්ම දූෂිත පුද්ගයන්ගේ ආයතනික වැඩ සදහා සිරකරුවන් කුණු කොල්ලයට විකුනන්නේ නම් එයින් සිරකරුවන්ට මෙන්ම රජයටද කිසිදු සෙතක් නොලැබෙනු ඇත. නමුත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැදවියන් එසේ කුණු කොල්ලයට විකුණන බව අනාවරණය වන්නේ පසුගිය මැයි මස 9 වැනිදා පොදුජන පෙරමුණේ මැරයන් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් විසින් ගාලු මුවදොරට සාමකාමී අරගලයට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරයත් සමගයි. එහිදී අනාවරණය වන්නේ බන්ධනාගාර රැදවියන් කෝටිපති ව්‍යාපාරිකයන්ට කුණු කොල්ලයට විකුණා තිබෙන බව අනාවරණය වන්නේ පහත සදහන් වන වීඩියෝවත් සමගය.

    2022 මැයි 09 වැනිදා ප්‍රහාරයෙන් පසු රට පුරා කුපිත වූ ලක්ෂ ගනනාවක් ජනතාව ගාලුමුව දොර සාමකාමී අරගලයට පැමිණි ප්‍රහාරකයන් සොයා බස් රථ පරික්ෂා කිරීමේදී ග්‍රහණයට පත් වූ බන්ධනාගාර රැඳවියන්

    කෙසේ වෙතත් මෙසේ පිටතට ලබා දීමත් සමගම ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලැබෙන නමුත් ඔවුන්ගේ ශ්‍රමය සුරාකෑමක් මෙහිදී අනාවරණය වෙයි. මෙසේ වැටුප් ලබා දෙන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල ක්‍රියාත්මක වීම පිලිබඳව අගය කල යුතුය. නමුත් මෙම ක්‍රමවේදය පැරණි ක්‍රම සහ මුදල් ඒකක මත එය යල් පැන ගොස් තිබුනි. එහෙත් ඒවා යාවත්කාලින කරමින් සිරකරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට බන්ධනාගාර කටයුතු භාරව සිටි ඇමතිවරු හෝ සිටි ජනරාල්වරුන් හෝ කටයුතු කර නොතිබුණි.

    එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් පුද්ගලික  ආයතනයක් බන්ධනාගාර මූලස්ථානය සමඟ එක්ව “සේවකයින් වෘත්තිය පුහුණු කිරීම් සහ වැඩ වැඩ බිම්වලට යෙදවීම” යන සංකල්පය යටතේ රැඳවියන් ආයතන වලට යෙදවීම ආරම්භ කර තිබේ. එය කුමන පුද්ගලික ආයතනයක් සිදුකලද “ වැඩේ හොදය”.එහෙත් එහි දූෂිත කටයුතු රැසකි.

    සාමාන්‍යයෙන් සේවකයෙකු බාහිර කොන්ත්‍රාත් සමාගමකට සේවයේ යෙදවූ විට ඔහු දෛනික වැටුපකට හිමිකම් කියනු ලබයි. මේ වකවානුව වන විට එය රුපියල් 2000කට අධික වැටුපකි. විවිධ ක්ෂේත්‍ර සඳහා රුපියල් 5000ක් උඩද වැටුප් හිමි වනු ලබයි.  )උදාහරණය  – හිල්ටි මැෂින් ක්‍රියාකරු ). නමුත් ශ්‍රී ලංකාවේ ඇති සෝචනීය තත්වය වනුයේ රැඳවියාට  ලැබෙනුයේ  රුපියල් 500 කි (වාර්තාවන ආකාරයට). එයින්ද රුපියල් අසූවක් සුබසාධනයක් ලෙස පෙන්වා අඩු කිරීමක් කරනු ලබයි. සියල්ල අවසානයේ රැඳවියගේ  අතට ලැබෙන්නේ රුපියල් 420 කි. දැන් තිබෙන ගැටලුව ඉතිරි ඉතිරි රුපියල් 1500 යන්නේ කාගේ සාක්කුවටදැයි  සොයා බැලීමයි.

    මේ කටයුත්ත සිදුකිරීම සදහා පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කරගත්තේ අයි?. සිරකරුවන් දුක් විදිමින් උපයන මුදල් වුවත් ඒවායේ අයිතිය ඇත්තේ සිරකරුටය. ඔවුන් සිරගත කරන්නේ යහපත් වැසියන් කරන්නටය. නමුත් මේ අසාධරණය ඔවුන් නොදන්නේ යයි බන්ධනාගාර මූලස්ථානයේ මේ දූෂිත ගනුදෙනු පිටුපස සිටින දූෂිත නිලධාරින් සිතුවත් ඔවුන් “ නටන්නේ එලිපිටය”. ඔවුන් විශ්‍රාම ගිය දිනයක ඔවුන්ගේ දරුවන්ද, දරුවන්ගේ දරුවන්ටද සිරගෙදරට පැමිණීමට සිදුවිය හැකිබව සිට්න්නේ නම් මැනවි.

    බන්ධනාගාර බේකරිය ද මෙවැනි ඇබැද්දියකට යොමුවී තිබේ. පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය සමඟ ගෑස් පුද්ගලික ආයතනයක් විසින් සපයා දෙනු ලබයි. රුපියල් පන්සියක වැටුපක්ද රැදවියාට ගෙවනු ලබයි. එහෙත් විදුලිය වතුර බන්ධනාගාර මූලස්ථානයෙන්ය. ඒවා අවධානයට යොමු වන්නේ නැත. වසර කිහිපයකට පෙර බන්ධනාගාර බේකරිය මුළු කොළඹටම පාන් බනිස් බෙදාහැරීම  සිදුකළ බව බන්ධනාගාර නිලධාරීන් පවසයි. එහෙත් මේ වන විට එය පුද්ගලීකරණය වීමෙන් සියලු කටයුතු අඩාල වී ඇත.

    බන්ධනාගාර මූලස්ථානයේ  නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙම සිරකරුවන් විකුණා අතරමැදියකු ට මුදල් ගසා කෑමට ඉඩ ලබා දීමට කටයුතු සලසා දීමෙන් කියවෙන්නේ ඔවුන්ට සිරකරුවන් යනු වෙළද භාණ්ඩයක් පමණක් බවයි. අප පෙර ලිපියකද පලකල ආකාරයට “නැවක් සහිත අතකින්” මේ ක්‍රියා සිදු කරන බවත් ඒවාට ආධාර අනුබල දෙන බන්ධනාගාර උසස් නිලධාරීන් තිදෙනකු මාසිකව රුපියල් ලක්ෂ 10 බැගින් ගත මනාවක් ලබා ගන්නා බවත් තතූ දත් බන්ධනාගාර නිළධාරීන් පවසති. මේ රට විනාශ කිරීමේ මූලිකවම කටයුතු කල එක පුද්ගලයෙක් වන්නේ මේ පුද්ගලයා වන අතර ගෝඨාභ්යගේ රජයේ ආරක්ෂක මණ්ඩල රස්වීමටද මේ ව්‍යාපාරිකයා සහභාගි වූ බැව් ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසයි. පෞද්ගලික ව්‍යාපාරිකයෙකු ආරක්ෂක මණ්ඩලයට පැමිණීම, ඔහුගේ අනෙකුත් විස්තර ආදියද අප ඉදිරියෙදී අනාවරණය කරනු ඇත.

    කෙසේ නමුත් මෙහිදී සිර කරුවන් පුහුණු කිරීම සඳහා පමණක් සඳහන් කර කැබිනට් පත්‍රිකාවක් යොදා අනුමැතිය ලබාගෙන ඇති අතර එහි යොදවන පුහුණුකිරීමේ ආයතනයක නමක් සඳහන් නො වීම ද විශේෂත්වයක් වී ඇත.  රැඳවියන් රජය මගින් නඩත්තු කරන පිරිසකි. එහෙත් වෙනත් ආයතනයකට වැඩට යවන්නේ නම් හෝ වැඩට යොදවන්නේ නම් රජයට මුදල් ලැබිය යුතුය. එහෙත් මෙතැන රජයට කිසිදු මුදලක් නොලැබීම ද සොයා බැලිය යුතු කරුණකි. වාර්තාවන අකාරයට රජයට කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. මෙසේ සිදුවීම තුලින් පෙන්නුම් කරන්නේ “ශ්‍රමික වෙළදාමකි”, නොහොත් එය “මිනිස් වෙළදාමකි”.

    දැනට පවතින ආහාර අර්බුදය මගහරවා ගැනීමට බන්ධනාගාර රැඳවියන් යොදා බන්ධනාගාරය සතු ඉඩම් වගා කිරීම සම්පූර්ණ කළ හැක. ඔවුන්ට ඉතා වටිනා වැටුපක් ගෙවමින් එය මනාව කල හැකිය. එවිට ඔවුන්ද සතුටින් වැඩ කරති. එසේම ඔවුන්ටත් නොදැනීම ඔවුන් පුනරුත්ථාපනය වන අතර දිනකට රුපියල් 1500 ක වැටුපක් ලබන සිරකරුවෙකු, ඔහුගේ සිරදඩුවම් කාලය අවුරුද්දක් නම් ඔහුට ඉතිරිවන මුදල රුපියල් 540,000 කි. ඔහු නැවත සමාජ ගතවන්නේ බොහෝ නැවුම් බලාපොරොත්තු ඇතිව විය හැකිය. ඒ සදහා ඔවුන්ට මාර්ගය සැලසිය යුතුය. අයර්ලන්තයේ සිරකරුවන් නඩත්තුකරන ආකාරය පිලිබදව නෙත් FM බැලුම්ගල මීට අවුරුද්දකට පෙර කල වැඩසටහනක් පහතින් අහන්න.

    අපරාධකරුවන් සහ තරුණ පරපුර සුරැකීම සඳහා ලංකාවේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට කියවෙන අනාවරණයක්

    කෙසේ වෙතත් මේ වනවිට දිවයින පුරා තිබෙන බන්ධනාගාරවල අච්චු සිරකරුවෙකු බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. හේතුව අච්චු සිර දඩුවම ලැබුණ විගසම  වටරැක  බන්ධනාගාරයට ගෙනවිත් එම රැඳවියන් ගාල් කිරීමයි.  එය සනාථ කරන්නේ දිවයින පුරා විසිරී සිටින බන්ධනාගාර අධිකාරිවරුන්ය. ඇත්ත වශයෙන්ම බන්ධනාගාර මූලස්ථානයේ මේ  සිදු වන්නේ  වහල් වෙළඳාම ද?. සිරකරු පුනරුත්ථාපනයක් ද යන්න දැන්වත් සෙවිය යුතුය. වර්තමාන ජනාධිපති අද (07) ප්‍රකාශ කලේ ද “ තරුණයන්ගේ “සිස්ටම් චේන්ජ්” එක පිළිගන්නා බවයි. එසේ නම් මේ දූෂිත ක්‍රමයන්ද සියල්ලටම විරුද්ධව කටයුතු කල යුතු අතර රටට බරක් වූ, ජනතාවට බරක් වී සමාජයට ගින්දර දෙන සියලුම බන්ධනාගර නිලධාරින්ද රාජ්‍ය සේවයෙන් පහ කල යුතුය. ඒ සදහා අභ්‍යන්තර විනය පරීක්ෂණ කිරීමෙන් පලක් නැත. ඔවුනොවුන් යහළුවන් බව අමතක නොකළ යුතුය.

    හිටපු ජනපති ඝෝටාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂලාටද මේවා වැසි ගියේ “ ඔවුන්ගේ දූෂණය” ඉහලින්ම තිබු බැවිනි. ගෝඨාභයටද මේවා පවා නොපෙනී ගොස් ඇත්තේ ඔහු “ඉදිරිපිට නවත්වා තිබූ නැවක්”  නිසාවෙන් බව ද කියැවේ. නමුත් මේ වන විට “නැව්, බෝට්ටු එක තැනකට ගාල් වී තිබේ”.  එබැවින් සියල්ලම වෙනස් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හැකි වේවා යයි අප ප්‍රර්ථනා කරන අතර ඔහුගේ  ක්‍රියා පිළිවෙත පිළිබඳව අපි අවධානයෙන් යොමු කර තිබේ. කෙසේ නමුත් අප මීට පෙර පලකල සියලුම පුවත් පිලිබඳව අවශ්‍ය අවධානය යොමුකර තිබීම පිලිබදව සිරකරුවන්ගේ පැත්තෙන් සතුටු විය හැකිය.

    තවත් දූෂිත නිලධාරියෙක්ගේ දූෂිත ක්‍රියාවලිය පිලිබඳව නම් ගම් සහිතවම බලාපොරොත්තු වන්න.  

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version