English
සිංහල
15:05 ඉරිදා, ජූනි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ‘ගෝඨාගෝගම’ අවසන් කල ඓතිහාසික ලියවිල්ල.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝක ඉතිහාසයට ගිය නූතන ලෝකයේ දැවැන්තම මහජන අරගලය වුයේ බිහි වුයේ ගාලුමුවදොර පිටියෙනි. “ආදරයේ අරගලය”, නිර්පාක්ෂික අරගලය ආදී විවිධ නම් වලින් හැදින් වූ එය ‘ගෝඨාගෝගම’ නමින් ආරම්භ කල නව ගම්මානයක්ද ඉතිහාසය තුල ලියැවිණි. එම අරගලය 9 වැනිදා ඔවුන් අවසන් කලේ ලියවිල්ලක්ද සමගිනි. මෙහි පහතින් සදහන් වන්නේ එම ලියවිල්ලයි.

    ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරා විදීබට, ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන් වන අපි, මෙම ලියවිල්ල හරහා #GotaGoHome2022 ජනතා නැගිටීමේ ජයග්‍රහණය මෙයින් ප්‍රකාශ කොට සිටිමු.

    එක අරමුණක් යටතේ, සකලවිධ සීමාමායිම් අතික්‍රමණය කරමින් කඳවුරු බැඳ ගත් අපි අද ශ්‍රී ලාංකීය ජන නැගිටීමේ සුවිශේෂී සංධිස්ථානයක ජයග්‍රහණය මෙසේ සටහන් කර තබමු.

    නව මාධ්‍ය සහ අන්තර්ජාලය සමඟ හැදී වැඩුණු පරම්පරාවන් වන අපි, නිර්-ප්‍රචණ්ඩ ජන නැගිටීම්වල ඇති ශක්‍යතාවය මනාව වටහාගෙන සිටිමු. අපේක්ෂා භංගත්වයට පත් තාරුණ්‍යයේ ලෙයින් තෙත් වූ දේශයක, පරාජිත ජනතා නැගිටීම් රැසකින් පිරුණු ඉතිහාසයක් සහිත අපි, අතිශය අවිනිශ්චිත අභියෝග සහ බාධක රැසක් මැද, නිර්මාණශීලිත්වය සහ සියලු දේ වල එකමුතුකම විදහා දක්වමින් ලාංකීය ජනඅරගලවල ඉතිහාසයට ජයග්‍රාහී පිටුවක් එක් කළෙමු.

    මධ්‍යගත නායක්වයක් හෝ සංවිධානයක් නොමැතිව, මීළඟට කුමක් කළ යුතු දැයි මඟපෙන්වීමට තනි නායකන්වයක් නොමැතිව පවා අපි එක අරමුණයක් වෙනුවෙන් නොසැලී පෙනී සිටියෙමු. දශක ගණනාවක, වෛරය, ආගමික බෙදා වෙන් කිරීම් සහ අනේකවිධ වෙනස්කම් සහිත සමාජයකට අයිති වූ අපි, ඒ සියලු වෙනස්කම් පසෙකලා එක අරමුණක් වෙනුවෙන් සහෝදරත්වයෙන් නැගී සිටියෙමු. ජයග්‍රහණ, පසුබැසීම්, පවාදීම්, තර්ජන, පහරදීම්, බිය වැද්දීම්, කඳුලු ගෑස් සහ වෙඩි උණ්ඩ මධ්‍යයෙත් අපි නිශ්චිත අරමුණක් වෙනුවෙන් එක්ව පෙනී සිටියෙමු.

    1848 මාතලේ අරගලයේ සිට අද දක්වාම මේ බිමෙහි පැන නැගුණු ජන නැගීටීම් වල ඉතිහාසය විවිධ අයුරින් ලියැවී ඇත. මෙම අරගලය විසින් අපිට, ඉතිහාසය යනු හුදු එක් දෘෂ්ටිකෝණයක් සහිත වූවක් නොවන බවත්, ඉතිහාසයේ සිදුවීම් තනි තනි පුද්ගල පරිශ්‍රමයන්ට ලඝු කල නොහැකි බවත් අවබෝධ කොට දුන්නේය.

    නිදහස් ලංකා ඉතිහාසයේ පුරා දශක ගණනාවක ජනතා අරගල සහ විරෝධයන්ට සරු බිමක් වූ ගාලුමුවදොර පිටිය අපි ‘ගෝඨාගෝගම’ නමින් අත්පත් කරගත්තෙමු. #OccupyGalleface ලෙස ඇරඹි ‘ගෝඨාගෝගම’ තුල ගොඩනැගුනු මුළුතැන්ගෙය, මහජන පුස්තකාලය, සරසවිය, පාසැල, එළිමහන් වේදිකාව, වගාබිම වටා එක්වුණු අපි, අපට උරුම ගෞරවනීය, රට සහ සමාජය ගැන සිහින දකින්නට, ලොව පුරා ලාංකිකයන්ට එක්වන්නට සමාජ සංස්කෘතික ඉඩක් ගොඩනැගුවෙමු. අනෝන්‍ය වශයෙන් වගකීමෙන් සහ වගවීමෙන් බැඳුණු, සහයෝගීත්වයෙන් ද අනෝන්‍ය රැක බලා ගැනීමෙන් ද බැඳුණු, මිනිස් ප්‍රජාවක් ලෙස අපි ‘ගෝඨාගෝගම’ අරගල අවකාශය නිර්මාණය කළෙමු. මේ සුවිශේෂී ප්‍රජාව ඉතිහාසයේ එක මොහොතක, සියලු වෙනස්කම් දරාගනිමින් එකිනෙකා කෙරෙහි සහකම්පනයෙන් යුතුව එක අරමුණක් වෙනුවෙන් කැප වූ, නිර්-ප්‍රචණ්ඩ ජන සහභාගීත්වය හරහා සමාජ වෙනසක් වෙනුවෙන් කැපවූ පරමාදර්ශයක් ලාංකීය ඉතිහාසය තුල සනිටුහන් කල බව මෙයින් ලියා තබමු.

    මෙහි ලා ‘ගෝඨාගෝගම’ බිහි නොවුණේ නම් කුමක් විය හැකිව තිබිණි ද යන්න මොහොතකට සිතා බලමු. එසේ වී නම් මේ සා විශාල ආර්ථික අර්බුද සමයක පවා මහ බැංකුව තවමත් වංචනික චෞරයන්ගේ ග්‍රහණයේ පවතින්නට ඉඩ තිබිණ. එසේ වී නම් දශක කිහිපයක් පුරා ලංකාව පාලනය කළ චෞර පවුල් පාලනය තවමත් අස්පර්ශනීය වන්නට ඉඩ තිබිණ. එසේ වී නම්, අරගලය විසින් තහවුරුකරන ලද යහපත් රටක් පිළිබඳ නැවුම් බලාපොරොත්තුව හුදු සංකල්ප මාත්‍රයක්ම පමණක් වීමට ඉඩ තිබුණි.

    අපි දකුණු ආසියාවේ බලවත්ම සහ දූෂිතම දේශපාලන පවුල්වංශයක ජනාධිපතිවරයෙක්ව බලයෙන් පලවා හැරියෙමු. පරම්පරාවෙන් පරම්පරාවට අපි පෝෂණය කළ දශක ගණනාවක කඩතුරාව අපි බිඳ දැමුවෙමු. අපි නිර්-ප්‍රචණ්ඩ, ආදරයේ අරගලයක හැඩය ලෝකයට පෙන්වා දුන්නෙමු.

    ප්‍රචණ්ඩ දේශපාලන කුණාටු මැද, දරුණු වැසි සුළං වලට මුහුණ දෙමින්, ගිනිගහන අව්වේ කැකෑරෙමින් අතිශය දුෂ්කර ජීවන කොන්දේසි හමුවේ, දින සියයක් සටන් කළ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය මෙයින් සිහිකරමු. සිය දරුවන් ඇකයේ හොවාගෙන, සමස්ත දේශයේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අරගල බිම අත්නෑර සටන් කළ ආදරණීය මවුවරුන්, අරගල බිමට පැමිණ දාහය නිවන්නට වතුර බෝතලයක්, කුසගින්න නිවන්නට බත්පතක් දෙන්නට තරම් මානුෂික වූ, මර්දනයේ ප්‍රචණ්ඩත්වයෙන් හෙම්බත්ව ගිලන් ව ඉන්නා කළ සැපදුක් විමසන්නට දුරකථන ඇමතුමක් දෙන්නට තරම් ආදරණීය වූ සියලු කාරුණික මිනිසුන්, සෝෂල් මීඩියා මත හෑෂ්ටැග් සටහනකින් අරගලය නොනිමා තබාගන්නට උත්සහ කල සියලු මිනිසුන් ඉතිහාසය විසින් මතකයේ තබාගනු ඇත.

    ඉතිහාසය නැවත නැවතත් ලියන්නට හැකි බව දැන් අපි දනිමු. ඉතිහාසය යලි හැරවිය නොහැකි දේ නිර්මාණය කරයි. ‘ගෝඨාගෝගම’ යනු හුදු භූමියක් පමණක් නොවේ, එය ඉතිහාසයේ එක් සුවිශේෂී මොහොතකි. ඒ මොහොත අපේ සාමුහික මතකයේ සදාකාලිකව පවතිනු ඇත.

    ‘ගෝඨාගෝගම’යනු අරගලයේ එක් නිශ්චිත ජයග්‍රාහී මොහොතක් මිස සමස්ථ අරගලය නොවේ. අරගලය අවසන් නැත. සියල්ලන්ට සමානව, සාමයෙන් ජීවත්විය හැකි රටක් බිහිවන තුරු එය ඉදිරියට ඇදෙනු ඇත.

    අරගලයට ජය!
    போராட்டத்திற்கு வெற்றி!
    Victory to the people!

    ජූලි 2022
    at Gotagogama ගෝඨාගෝගම கோட்டாகோகம, Sri Lanka.

    ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින්,
    2022 අගෝස්තු මස 09 දින ප්‍රසිද්ධ කරන ලදී.

    ෴෴෴

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version