English
සිංහල
03:28 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ලපටියාගේ” බන්ධනාගරයේ සෙල්ලම්. කුඩු මුදලාලි අල්ලස් නොදුන්නාට බැන වැදිලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප තවමත් පයින් නැගී සිටින්නේ දුෂිත රාජ්‍යක දූශිත පද්ධතියක් තුලය. සාමාන්‍ය ජනතාවට වඩා දූශිතව තිබෙන්නේ රාජ්‍ය ආයතනවලය. රාජ්‍ය ආයතන ඇතුළු ආරක්ෂක අංශයන් දූෂිත තත්වයන් වල අයහපත් ප්‍රතිපලය නිසා ශ්‍රී ලංකාව නම් වූ විශිෂ්ඨ රාජ්‍යයේ මිනිසුන් දික් විඳිති. රාජ්‍යයේ මිනිසුන් දුක් විඳිමින් බැන වදින්නේ දේශපාලන අධිකාරියට වුවත් සැබවින්ම දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතාවලට වැට බැඳිය යුත්තේ රාජ්‍ය සේවක පද්ධතියයි. ඒවා වැළක්වීමේ ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන්ම නීතිමය ප්‍රතිපාධන තිබෙන්නේ නිලධාරීන්ට විනා රේඛීය අමාත්‍යවරුන්ට නොවේ. මැති ඇමතිවරුන්ගේ රාජකාරිය වන්නේ ප්‍රත්තිපත්තිමය තීරණ ගැනීම පමණි. ඔවුන් නිසි ලෙස ප්‍රතිපත්තිමය තීරන ගෙන තිබේද යන්න වෙනමම තීරණය කල යුතු කතාවකි.  

    අප එවැනි දූෂිත ආයතන මෙන්ම නිලධාරින්ද ගැන දිගින් දිගටම ලියා තිබෙන අතර මේ දින කිහිපය අප වැඩියෙන් ලියා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පිළිබඳවය. ඒ කතා මාලාවටම අදත් අලුත් කතාවක් ලෙස එකතුවන්නේ  කළුතර බන්ධනාගාරය ගැනයි. එය සැබවින්ම අන්ත දූෂිත නිලධරින්ගෙන් ගහන බන්ධනාගාරයක් බව කියා ඉතිහාසය මෙන්ම වර්තමානයද සාක්ෂි දරයි.  මෙම බන්දනාගාරයේ රැඳවියන් සිටින්නේ දහසකට අඩු ප්‍රමාණයක් වන අතර නිලදාරීන්ද 200කට අධික ප්‍රමාණයක් සිටී. මෙම බන්දනාගාරය තුල රැඳවියන් හට අවශ්‍ය පහසුකම් (මත් ද්‍රව්‍ය, ජංගම දුරකථන )උපරිම අයුරින් තිබෙන බව පවසන්නේ ඉන් නිදහස්ව පැමිණෙන රැඳවියන්ය . එම ජංගම දුරකථන උපයෝගී කරගෙන බාහිරින් ගෙන්වා ගන්නා බෝල තුලින් ඇතුලට පැමිණෙන තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල්  වල සීමාවක් නොමැත. මෙවැනි බෝල වලින් බන්ධනාගාරයට තහනම් මත්ද්‍රවය පැමිණීමේ කතාවක් මීට අවුරුදු කිහිපයකට පෙර වාර්තා වන්නේ වැලිකඩනි.

    මෙසේ රැඳවියන් පුනරුත්ථාපනය කරනවා වෙනුවට ඔවුන් තව දුරටත් අපරාධකරුවන් බවට පරිවර්තනය කරන නිලධාරීන්ට විවිධ අන්වර්ථ නාම ගණනාවක්ම තිබේ. එම සමහර අන්වර්ථ නාම කිසිවකුටත් පැවසිය නොහැකි ඒවාය. එවැනි එක් නිලධාරියෙකු වන්නේ “ලපටියාය”. ඔහුට  බුද්ධි වාර්තා මත ස්ථාන මාරු ලබා දුන්නද නැවතත් කළුතරටම  පැමිණෙන්නේ බන්ධනාගාර මූලස්ථානයේ දූෂිත උසස් නිලධාරියෙකුගේ පිහිටෙනි. එසේ නැවත පැමිනීමට ඔවුන් උත්සාහ දරන්නේ ආදායම  හොඳ බැවිනි. ඔහුට දූෂිත චෝදනා රැසක් තිබුණද මූලස්ථානයේ අරක් ගෙන   සිටින උසස් දූෂිතයා නිරන්තරයෙන්ම ඔහු රකිනු ලබන්නේ ඔහුගේ අතිශය සමීපතමයෙකු වන හේතුව  නිසා බව බන්ධනාගාර නිලධාරීන් චෝදනා කරති. පසුගිය කාලයේ බන්ධනාගාර  නිලධාරිනියක සමඟ තිබු අනියම් පෙමක් නිසා බන්ධනාගාර අධිකාරිවරයා ගේ දෝෂාරෝපණයට ලක් වී මෙම “ලපටියාට” ස්ථාන මාරුවක් ලබා දී තිබුණි. එයද මූලස්ථාන දූෂිත නිලධාරියා විසින් අවලංගු කර ඇත.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් මුදල් ලබාගැනීමට මෙම චෝදනාවට ලක්වන උසස් නිලධාරියා තමන් යටතේ සිටින නියාමකවරයෙකු එම ජාවාරම් කරුගේ නිවසට යවා තිබේ. එම  අවස්ථාවේදී ජාවාරම්කරුගේ  නිවස වැටලූ පොලිසිය නියාමක වරයා අත් අඩංගුවට ගෙන තිබේ.  පසුව තමන් සතු හිතවත්කම් යොදා පොලිස් අත්අඩංගුවෙන් එම නියාමකවරයා මුදවා ගැනීමට දුෂිත නිලදාරියා කටයුතු කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒවා සෙවීම බන්ධනගාර බුද්ධි අංශයේ වගකීමකි. අප ලියන්නේ තොරතුරුය. ඒවා සෙවීම සහ ඔවුන් නීතියානුකූලව සේවයෙන් ඉවත් කිරීම බලධාරීන්ගේ රාජකාරිය වේ.  මෙම සිදුවීම කළුතර බන්ධනාගාරයේ සේවයේ නියුතු  නිලධාරීන්  අතර ප්‍රසිද්ධ රහසක් වී හමාරය.  මෙම නිලධාරියා කෙතරම් දූෂිත කටයුතු සිදු කළ ද ඔහු බේරා ගැනීමට මූලස්ථානයේ දුෂිත දෙවියා සැදී පැහැදී සිටින බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසති .

    මෙම නිලධාරියා මොනරාගල බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි කාලය තුල  ගොඩනැගිලි අලුත්වැඩියාවකදී ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ගැනීමක් ද වාර්තා වී තිබේ. “නෙළුව ප්‍රියන්තගේ”  සහෝදරයා වන “හීන්  මල්ලිගෙන්” ලබාගත් මුදල් ගැන “හීන් මල්ලි”  විස්තර කියන්නේ රස කරමිනි.

    එසේම ඔහුගේ නිවාස ඉදි කිරීමට අවශ්‍ය සියලුම දැව සහ සිය විවාහයයේ සියලුම කටයුතු සදහා  මුදල් ලබාගෙන ඇත්තේ පාතාලයෙන් බව පැවසේ. එසේම “කුඩු ලාලිත” ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධව ද චෝදනා එල්ලවී වැඩ තහනම් වීමට ගියද මූලස්ථානය දූෂිත දෙවියා විසින් මොහුව රැකගෙන තිබේ.  කුඩු තිලාන්ගෙන්ද අල්ලස් මුදල් ඉල්ලා ඇති අතර  එයට කුඩු තිලාන්  එකඟ නොවූ හෙයින් තිලාන්ට මෙම නිලදාරියා  බැන වැදී තිබේ. පසුව තිලාන් විසින් දෙවරක් මෙම නිලධාරියා ඝාතනය කිරීමට පාතාල කණ්ඩායම් යොදවා තිබුණේය.  කොටා පාර දුම්රිය ස්ථානය අසල දී ඝාතනයට සූදානම් වන අවස්ථාවේදී මෙම නිලදරියගේ   ජීවිතය බේරා ගැනෙන්නේ ද  බන්දනාගාර  උසස් නිලධාරියෙක් නිසාය. 

    කළුතර බන්ධනාගාරයේ අවංකව  රාජකාරී කරන  නිලධාරීන් බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කළද ඔහු  නිළධාරීන්ට පවසන්නේ ” අපි කොච්චර අවංකව වැඩ කරත්  වැඩක් නෑ බං. හොරු සේරම ලොකු එවුන්ගේ යාළුවා මට එපාවෙලා තියෙන්නේ” යනුවෙන් බව ද වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ දූෂිතම ආයතනය ලෙසට නම් දරා තිබුනේ මීගමුව බන්ධනාගාරයයි. එහෙත් එම බන්ධනාගාරය මේ වනවිට  බුස්ස බන්ධනාගාරයට වඩා අධි ආරක්ෂිත වී ඇත.  එම දූෂිත කිරුළ මේ වන විට කළුතර බන්ධනාගාරය විසින් දිනා ගෙන තිබීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සතුටු විය යුතුය. මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයේද  අවධානය කළුතරට එල්ලවී තිබේ. එහෙත් ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ මූලස්ථානයේ හෙන්චයියන්ගේ  දූෂිත ගෝලබාලයන් රටේ සෑම තැනම බන්ධනාගාරවල රාජකාරියට යොදවා තිබීමයි. රටේ අනෙකුත් ආයතනවල සේම සුදුසුකම් සහිත බන්ධනාගර නිලධාරීන් කුණුබක්කියට වැටී  තිබේ. 

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි, “අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත”. ප්‍රථමව කල යුත්තේ දූෂිත බන්ධනගාර නිලධාරීන් බන්ධනගාර ගත කිරීමයි. එසේ නොමැති වුවහොත් “අපරාධ කරුවන් බිහිකරන ලොව එකම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ” බවට ජාත්‍යන්තර වාර්තා පවා නිකුත් වනු ඇත.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version