English
සිංහල
21:37 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගාල්ලේ කපුවා බේරගන්න පොලිස් මෙහෙයුමක්. පොලිස් ලොක්කෝ ගනනාවක් කපුවාගෙන් “සුර” දා ගෙන.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගාල්ලේ කපුවා යනු මිහිපිට උපන් කාම පෙරේතයෙක් බව දැනටත් අනාවරණය වී අවසානයි. ඔහු සමස්ත සමාජයකටම කාමුක පරපුරක් බිහි කර දී අවසන්ය. එසේ විනාශ වන දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමටද කිසිදු සාර්ථක වැඩ සටහනක් නැති ශ්‍රී ලංකාවේ හෙට දවස ගැන දැන් අලුතින් සිතීමට දෙයක් ඉතිරි කර නැත. අවාසනාව නම් පොලිස් ලොක්කෝ ගණනාවක්ම ඔහුගෙන් “කපු වැඩ” කරගෙන තිබීමයි. ඔහුගේ අපරාධ වැසි පොලිස් ලොක්කෝ ඊයේ සිටම ඔහුව බේරාගැනීමටත් වලිකන බවද වාර්තා වෙයි. එසේම CID එකට රැගෙන එමෙන් පසුවද සමහර පොලිස් ලොක්කෝ ලබා දුන් දුරකතන ඇමතුම් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොත්පත් වල සටහන්ව තිබෙන බව අපට වාර්තා වුයේ පෙරදිනය (12)

    කපුවාගේ විවිධ පැතිකඩයන් පිලිබදව සහ ඔහුගේ ම්ලේච්ච කාමුක ජීවිතය ගැන මෙන්ම රහස් පොලිස් මෙහෙයුම ගැන මව්බිම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මේ එම වාර්තාවයි.

    උපුටා ගැනීම මව් බිම වෙබ් අඩවියෙනි.!

    “විවිධ උපක්‍රම භාවිත කරමින් නොයෙකුත් තෑගි බෝග ලබා දෙමින් කාන්තාවන් සහ බාල වයස්කාර දරුවන් රවටා තම පහත් ආශාවන් ඉටු කරගන්නා වංචනිකයන් ගැන අප කොතෙකුත් අසා ඇත්තෙමු.

    මොවුන් මෙම ක්‍රියාවලිය සිදුකරනුයේ අත දිගහැර මුදල් වියදම් කරමින් හොඳ දානපතියෙකු බවට රටට ද පෙන්නුම් කරමිනි.

    ඇතැම් දේශපාලනඥයන්ගේ සහ පොලිස් ලොක්කන්ගේ සෙවණේ රැඳෙමින් ඔවුන්ගේද වුවමනා එපාකම් ඉටු කරමින් මොවුන් කරන මෙවන් අසික්කිත ක්‍රියාදාමයන්වලින් රටට හෙළිවන්නේ සිද්ධීන් එකක් දෙකක් පමණි. මිල මුදල් හෝ වෙනත් සැප පහසුකම් ලබාදීම තුළින් ඔවුහු එම ක්‍රියාදාමයන් සමාජයට වසන් කරගෙන සිටිති.

    මෙලෙස කෝටි ගණනින් මුදල් වියදම් කරමින් පාසල්වලට, විහාරස්ථානවලට විවිධ උදවු සිදු කරමින් තම හාස්කම් නොයෙකුත් රූපවාහිනි නාලිකා තුළින් සමාජයට පෙන්නුම් කරමින් ඉතා සූක්‍ෂ්ම ලෙස පාසල් දරුවන් අපයෝජනයට ලක් කළ දකුණේ ජනප්‍රිය සතර මහදේවාලයක ප්‍රධාන කපුවෙකු ඉකුත් දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඒත් සමග ම ඔහු මෙතෙක් කල් සමාජයට හොඳ මුහුණක් පෙන්වමින් කළ පහත් ක්‍රියාවන් රැසක් මුළු රටට ම හෙළිදරව් විණි.

    රහස් පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගැනීමත් සමග කලබල වූ දකුණේ ඇතැම් දේශපාලනඥයන් සහ දකුණු පළාතේ පොලිස් ලොක්කන් මෙම කපුවා බේරා ගැනීම සඳහා නොයෙක් බලපෑම් කළ ද රහස් පොලිස් නිලධාරීන් ඒ කිසිවෙකුටත් අවනත නොවී ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කරන්නට පියවර ගෙන තිබිණි.

    මීට සතියකට පෙර දකුණු පළාතේ පාසල් කිහිපයක අගතියට පත් මවුපියන් පිරිසක් විසින් නිර්නාමිකව සකස් කරන ලද ලිපියක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

    ඒ පිළිබඳ සිය අවධානය යොමු කළ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතා එම ලිපියේ සඳහන් කරුණු කාරණා එකින් එක පිරික්සන්නට විය.

    දරුවන් අපයෝජනයට ලක් කරන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එම ලිපියේ අඩංගු කරුණු කාරණාවල බරපතළ බව දත් අධ්‍යක්‍ෂවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාර අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතා වෙත භාර දෙන්නට විය. ඒ අනුව, එම ලිපියේ ඇති කරුණු කාරණා නිරීක්‍ෂණය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු හඳුනා ගැනෙනුයේ මෙම දරුවන් අපචාරයන් සඳහා ගොදුරු කරගෙන ඇත්තේ ‘වට්ස්ඇප්’ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ බවය.

    ඒ ඔස්සේ විමර්ශන සිදු කරද්දී නිලධාරීන් අනාවරණය කර ගත්තේ ගාල්ලේ පිහිටි ප්‍රධාන පාසල් තුනක ළමයින් කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව ය.

    ඉන් අනතුරුව එම විදුහල් තුනේ විදුහල්පතිවරුන් හමු වීමට රහස් පොලිස් කණ්ඩායමක් දකුණු පළාතට ගිය අතර එහිදී එම නිලධාරීන් විදුහල්පතිවරුන් සමග කළ සාකච්ඡාවේදී මෙම ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනුණු ජංගම දුරකතන කිහිපයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

    එම ජංගම දුරකතන කොළඹට රැගෙන ආ නිලධාරීන් එම දුරකතන දත්ත ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරය හරහා කිසියම් විශ්ලේෂණයකට ලක්කරන්නට පියවර ගත්තේ ය.

    කිසිවෙකු ජංගම දුරකතනයකට එවනු ලබන දත්ත ඉන් අනතුරුව මකා දැමුව ද එම දත්ත යළි මතු කර ගැනීමේ ක්‍රමවේදයක් ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය සතුව පවතී.

    ඒ නවීන ක්‍රමවේදය උපයෝගි කරගනිමින් එම ජංගම දුරකතනවල දත්ත මතුකර ගෙන නිරීක්‍ෂණය කරද්දී එම අංශයේ නිලධාරීන් හඳුනාගනු ලැබුවේ දකුණේ එක්තරා දේවාලයක කපුවෙකු ඔහුගේ ජංගම දුරකතනයේ ඇති වට්ස්ඇප් ඔස්සේ මෙම පාසල් දරුවන්ට දුරකතන ඇමැතුම් දෙමින් විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබා ගෙන ඇති බව ය.

    ඒ ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයේදී වැඩිදුරට ත් හෙළිවන්නේ කපුවා විසින් දුරකතනය ඔස්සේ එම දරුවන් ලිංගික ක්‍රියාවල යෙදෙන ආකාරයේ හැසිරීම් සහිත දර්ශන ද ගෙන්වා ගෙන ඇති බව ය.

    එම නිරුවත් දර්ශනවලට පෙනී සිටින දරුවන්ගේ සිරුර සහ අඟපසඟ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමෙන් පසු ඔහුගේ සිතට එම දරුවා ගැන යම් සතුටක් ඇති කරන්නේ නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා උදවු කරන බවට ත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන බව ත් කියමින් එම දරුවන් සිය නිවසට ගෙන්වා ගෙන තිබේ.

    ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි මැටරඹ සතර මහ දේවාලයට සම්බන්ධව ඔහුගේ සුවිසල් නිවෙස පිහිටා ඇති අතර එය සුඛෝපභෝගී ලෙස තැනුණු කාමර කිහිපයක් ද වේ.

    එමෙන් ම එම නිවස අසල ම සුඛෝපභෝගී පහසුකම් සහිත බස් රියක් ද කපුවා විසින් ස්ථාපනය කර තිබේ.

    දුරකතන සංවාදවලින් පසුව ඔහු සොයා එන පාසල් දරුවන් මොහු විසින් අපචාරයට ලක් කරනු ලැබ ඇත්තේ මෙම සුපිරි බස් රිය තුළදී මෙන් ම ඔහුගේ සුපිරි පහසුකම් ඇති නිවසේ ඔහුගේ කාමරය තුළදී බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම බස් රිය තුළ කාමරයක් ද සකසා ඇති අතර එහි නවීන පන්නයේ ම වැසිකිළි පහසුකම් ද ඇති බව කියැවේ. ඊට අමතරව කපුවා විසින් සිය නිවසේ දෙවියන්ට වෙන් කළ කාමරය තුළ මෙම පාසල් දරුවන් ලිංගික අපයෝජනයට ලක් කර තිබිණි.

    සිද්ධියට සම්බන්ධ කපුවා කවුදැයි හඳුනා ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු රටේ ප්‍රබල දේශපාලනඥයන් මෙන් ම උසස් පොලිස් නිලධාරීන් ද ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකු බවට ද හඳුනා ගන්නා ලදී. එමෙන් ම ඔහු වටා ආරක්‍ෂකයන් නවදෙනෙකු සිටින බවත් කපුවා නින්දට යනතුරු ඔවුන් කපුවා අසල ම රැඳෙන බවට ත් තොරතුරු සොයා ගන්නා ලදී.

    කපුවා ප්‍රබල පුද්ගලයෙකු බවත් ඔහු සමාජයේ කෝටිපති දානපතියෙකු ලෙස හැසිරෙමින් රටේ නමක් දිනා ගත් අයෙකු බැවින් ඔහු කොටු කර ගැනීම සිදුකළ යුත්තේ ඊට අවශ්‍ය සාක්කි එක්කාසු කිරීමෙන් පසු බව දත් ඩිජිටල් වෝහාරික පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඉන් පසුව දකුණු පළාතේ විදුහල් කිහිපයකට ගොස් තාක්‍ෂණය ඔස්සේ හඳුනාගත් පාසල් දරුවන් 9 දෙනෙකු සොයාගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ.

    මෙහිදී එම දරුවන් කපුවා විසින් ලිංගික ක්‍රියා සඳහා යොමු කරන ලද අයුරු රහස් පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට විය. එහෙත් නිලධාරීන්ට අවශ්‍ය වූයේ කපුවා ලිංගික අපචාරයන් සඳහා දරුවන් යොදා ගන්නා ආකාරය මුලින් ම ඔවුන්ගෙන් දැන ගැනීමට ය.

    “මේ පුද්ගලයා දකුණේ පාසල්වලට විවිධ ආකාරයේ තෑගි බෝග දෙනවා. පොත්පත්, නිල ඇඳුම්, බෑග්, සපත්තු එහෙම.”

    මෙයා මෙහෙම පරිත්‍යාග කරන්නේ යටි සිතේ වෙනත් අදහසකින්. ළමා මනසට ඒක තේරෙන්නේ නැහැනේ මෙයා මොකාට ද එන්න හදන්නේ කියලා. ඒ පරිත්‍යාග කරනනෙත් මෙයා ඒ ළමයින්ව ග්‍රහණයට ගන්න. මෙයා කපුවෙක්නේ. ඒ නිසා ළමයිනුත් මෙයාට වශී වෙලා ඉන්නේ.

    “මෙයා මුලින් ම එයාගේ ගමේ පදිංචි පාසල් දරුවන්ට බයිසිකල් දුන්නා. පස්සේ ලැප්ටොප් දුන්නා. එහෙම ළමයින්ට එක එක වටිනා දේවල් දුන්නා ම ළමයින් අතර මෙයාට තියෙන භක්තිය වැඩි වෙනවා. ළමයි එකිනෙකාට හොරෙන් මෙයා ළඟට යන්න උනන්දුවක් දක්වන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ තැන්වලදී මෙයා ප්‍රයෝජන ගත්තා. මේක තමයි මෙයා පොයින්ට් කර ගත්තේ. මේ ළමයින්ගේ මවුපියනුත් මෙයාට රැවටුණා. මෙයාගේ ටාගට් එක මොකක් ද කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ. මොකද මිනිහා කපුවෙක්නේ. පූජා කරනවා. ළමයින්ගේ අධ්‍යාපනයට උදවු කරනවා. විභාගයක් තියෙන කොට ශාන්තිකර්ම කරනවා. මේ නිසා මවුපියනුත් දරුවන්ව මෙයා ළඟට යනවට විරුද්ධ වුණේ නැහැ.

    ඔන්න ඔය ක්‍රමයට මේ මනුස්සයා ගමේ පාසල් දරුවන් හතර දෙනෙක් අල්ලගෙන හිටියා. මේ හතර දෙනාට සල්ලි දීලා ලැප්ටොප්, ෆෝන් අරන්දීලා මිනිහාගේ පැත්තට නමා ගෙනයි හිටියේ.

    ඉස්සෙල්ල ම මේ ක්‍රමයට ළමයෙක් අල්ල ගත්තට පස්සේ ඒ ළමයි හරහා තව ළමයින් ගෙන්න ගන්න එක තමයි මිනිහගේ ක්‍රමය වුණේ,” විමර්ශනය සිදු කළ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඔහු වැඩිදුරට ත් පැවසුවේ ජාලගත ආවේක්‍ෂණ තුළින් මෙම හඳුනා ගැනීම් සිදු කළ බව ය. ඒ ආවේක්‍ෂණ තුළින් රහස් පොලිස් නිලධාරීන් තව ළමයෙකු මෙවන් සිදුවීමකට යොමු කර ගන්නා ආකාරය ද හඳුනාගෙන තිබිණි.

    මෙම විමර්ශනයේදී එවන් එක් සිදුවීමක් නිලධාරීන් විසින් මෙසේ අනාවරණය කරන්නට විය.

    කසුන් නවය වසරේ පාසල් සිසුවෙකි. ඔහුට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍යව තිබිණි. ඒ බව ඔහු තම පාසලේ ම මිතුරෙකු වූ ජගත්ට කියන්නට විය.

    “මට තව පන්දාහක් අඩුයි,” කසුන් කීවේය.

    “හරි මම උඹට පන්දාහට තිස් දාහක් අරන් දෙන්නම්. උඹ දහදාහක් ගනින්. මට විසි දාහක් දීපන්. හැබැයි උඹ පොඩි වැඩක් කරන්න ඕන.”

    “මොකක්ද මම කරන්න ඕන…”

    “උඹට තියෙන්නේ…”

    මේ අනුව කසුන් සිය මිතුරාට පවසනුයේ ඒ සඳහා උණවටුන දේවාලයට ගොස් කපුවා හමුවිය යුතු බව ය. මුදල්වල අවශ්‍යතාව මත ජගත් ද ඊට අවනත විය. කසුන් ජගත් රැගෙන කපුවා හමුවට යන්නේ ඉන් පසුව ය.

    “මෙයාට සේරම කියලා දීල ද තියෙන්නේ?” කපුවා එසේ විමසීමෙන් අනතුරුව ජගත්ව කපුවා සමග කාමරයට යවන කසුන් සියල්ල අවසානයේදී රුපියල් තිස්දාහක මුදලක් ද ලබාගෙන ඉන් රුපියල් දහදාහක් ජගත්ට ද ලබා දෙන්නේ ය. එතැනින් එහාට ජගත් සිදුවූ කිසිම සිදුවීමක් ගැන වචනයකුදු හෝ පිට නොකරන අතර ඔහුට කිසියම් අවශ්‍යතාවක් අවශ්‍ය වූ විටදී හෝ කපුවාගෙන් ඇරයුමක් ලැබෙන මොහොතකදී ජගත් සිය මිතුරා ද නොමැතිව ගොස් කපුවා මුණ ගැසී ඇත.

    මෙවන් සිදුවීම් බොහෝ ය. පාසල් දරුවන් මෙලෙස කපුවා සමීපයට ගිය අවස්ථාවන්හි ඔහු ලිංගික අපචාරවලට යොදා ගැනීමෙන් පසු ඒවා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්නටද පසුබට නොවී ඇත.

    රහස් පොලිසිය පවසන්නේ මෙලෙස දරුවන්ට පාසල්වලට වෙහෙර විහාරවලට අත දිගහැර වියදම් කිරීම සඳහා ඔහු සතුව මහ ධනස්කන්ධයක් ඇති බව ය. ඒ ඔහු දේවස්ථානය තුළ කරන මන්ත්‍ර ගුරුකම්, සෙත්ශාන්ති ඇතුළු නානාවිධ ක්‍රියා තුළින් විශාල මුදල් උපයන නිසා ය. දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන්, රෙදිපිළි ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, පාතාල නායකයන්, කෝටිපතියන් මොහු ලවා නොයෙකුත් ගුරුහරුකම් කර ගැනීම සඳහා මැටරඹ දේවාලයට පැමිණෙන අතර ඔහු එක් ගුරුකමක්, ශාන්තිකර්මයක් සඳහා දහස් ගණනින් සහ ලක්‍ෂ ගණනින් මුදල් අය කරන බව ද රහස් පොලිසිය කියයි. මේ සඳහා ඔහු විශාල මුදලක් වියදම් කර රූපවාහිනී වැඩසටහන් පවා පවත්වන අතර එහිදී ඔහු තමා කරන දේව හාස්කම් ගැන ද කරුණු කාරණා හෙළි කරයි.

    මියගිය සිය පියාගෙන් ලද ශක්තියෙන් දේව වැඩ කරන බව කියන මොහු සියලු සෙත්ශාන්ති, ගුරුකම් කරනු ලබන්නේ දේවාලය පවත්වාගෙන යන නිවසේ මිදුලේ සකස් කර ඇති පියාගේ සොහොන මත සිට බව ද වාර්තා වේ.

    මොහුගෙන් ගුරුහරුකම් සිදු කළ පාතාල කෙරුමෙකු ගැන මීට කලින් වාර්තා වී තිබිණි. මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ කැවුමා නමැත්තා මරණයෙන් බේරී සිටීම සඳහා වරෙක මෙම කපුවා මුණගැසී ඇත. එහිදී කැවුමා කපුවාට පවසා ඇත්තේ වෙඩි නොවදින සුරයක් සකසා දෙන ලෙස ය. කපුවා එවැනි සුරයක් කැවුමා වෙත ලබාදී ඇති අතර ඒ සඳහා ලක්‍ෂ 30ක මුදලක් කැවුමා කපුවාට ගෙවා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

    මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගුරු හරුකම්, සෙත්ශාන්ති, හඳහන බැලීම සඳහා අය කරනු ලබන ලක්‍ෂ ගණන් මුදල් සැකකාර කපුවා පාසල් ළමයින්ට වියදම් කරමින් මෙලෙස දරුවන් අපචාර කර ඇති බවට තහවුරු කරගත් රහස් පොලිස් නිලධාරීන් සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල උණවටුන දේවාලය වෙත ගියහ.

    ඔවුන් දේවාලය තුළ සැරිසැරුවේ බැතිමතුන් ලෙස ය. සිවිල් ඇඳුම්වලින් සැරසුණු ඔවුන් දෙවියන් හමුවේ පුද පූජා පවත්වන්නට පැමිණයවුන් සේ සතර මහා දේවාල භූමියේ ඒ මේ අත සැරිසරන්නට වූහ. ඒ නිසා සෙසු බැතිමතුන් අතරින් රහස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.

    කපුවා කොටු කර ගත යුත්තේ තනියෙන් බව නිලධාරීහු දැන සිටියහ. එහෙත් ඒ සඳහා එකම බාධකය වූයේ ඔහු වටා සිටින ආරක්‍ෂකයන් ය. රහස් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකින් කියැවුණේ කපුවා නින්දට යන තුරු ම ඔහුගේ ආරක්‍ෂකයන් ඔහු වටා සිටින බව ය.

    එතෙක් නිලධාරීහු ඔබමොබ සැරිසැරූහ. එහෙත් ඔවුන්ගේ උකුසු ඇස් යොමුව තිබුණේ කපුවා වෙත ය. මොහු කොටුකර ගන්නට කලබල වුවහොත් ප්‍රදේශයේ ඔහු දන්න කියන පොලිස් ලොක්කෝ කලබල වන බව ද රහස් පොලිස් නිලධාරීහු දැන සිටියහ. ඒ නිසා ඔවුහු කලබල නොවී කපුවා නින්දට යනතුරු ම ඇඟිලි ගැන්හ.

    ඒ මොහොත උදා වූයේ පැය කිහිපයකට පසුව ය. කපුවා නිදා ගැනීම සඳහා දෙවියන් වඩින දෙවියන්ගේ කාමරයට ගියේ ය. ඊට ඇතුළු වීම ආරක්‍ෂකයන්ට තහනම් ය. එය හුදෙක් කපුවාට පමණි. ඒ බව දැනගත් රහස් පොලිස් නිලධාරීහු බැතිමතුන් සේ කපුවාගේ නිවෙස අසල සැරිසරමින් ආරක්‍ෂකයන් ගැන විමසිලිමත් වූහ.

    කපුවා නින්දට ගිය තැන ඔවුන් එකිනෙකා ද ඔවුන්ගේ කර්තව්‍යයන් සඳහා එහා මෙහා ගොස් තිබිණි. ඒ බව දැනගත් සිවිල් ඇඳුමෙන් සැරසුණු රහස් පොලිස් නිලධාරීහු කපුවන් සේ එක වරම දෙවියන්ගේ කාමරයට ඇතුළු වූහ. කපුවා මර නින්දේය .

    “කපු මහත්තයා නැඟිටින්න…”

    කපුවා නින්දෙන් පිබි ද දෙනෙත් ලොකු කර බැලුවේ දෙවියන්ගේ කාමරයට වැඩියේ කවුදැයි දැන ගන්නට ය.

    “කලබල වෙන්න එපා. අපි සී.අයි.ඩී. එකෙන්…” නිලධාරීහු ඔහුට කීහ. ඒ සමග ම ඔහු කලබල විය. ආරක්‍ෂකයන් එතැනට දිවගෙන ආවේ ඉන් පසුව ය. ඔවුන් ද නොදැන රහස් පොලිස් නිලධාරීන් කපුවාගේ දේව කාමරයට ඇතුළුවීම ගැන ඔවුහු පුදුම වූහ.

    ඒ සමග ම කපුවාගේ උපදෙස් මත ආරක්‍ෂකයන් දකුණේ උසස් පොලිස් නිලධාරීන් අමතන්නට විය. “කවු ද කට්ටියක් ඇවිත් සී.අයි.ඩී. කියලා මහත්තයාව අරගෙන යන්න හදනවා.”

    ඒ තොරතුරත් මත දකුණේ ඇතැම් පොලිස් නිලධාරීහු කලබල වූහ. ඔවුන් වහා දේව මන්දිරයට යන ලෙස පොලිස් කණ්ඩායම්වලට නියෝග දෙන්නට විය. ඒ සමග ම කපුවා අත්අඩංගුවට ගත් නිලධාරීන් මේ බව රහස් පොලිසියේ උසස් නිලධාරීන්ව දැනුවත් කරන්නට විය. එහිදී ඔවුන්ගේ උපදෙස් වූයේ කපුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් බලපෑම්වලට යටත් නොවන ලෙසත් ය.

    ඇතැම් පොලිස් ලොක්කන් විමර්ශන නිලධාරීන්ට නොයෙකුත් බලපෑම් කළද ඔවුන් ඊට අවනත වූයේ නැත. දකුණේ එක්තරා පොලිස් ලොක්කෙක් විටින් විට රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමතුම් දෙමින් කපුවා අහිංසකයෙකු බවත් ඔහු සමාජයේ වැදගතෙකු බවත් පවසමින් ඔහු මුදා ගැනීමට දැඩි උත්සාහයක යෙදිණි.

    “අපි සාක්කිත් එක්ක තමයි මිනිහව ඇරෙස්ට් කළේ…”

    උසස් රහස් පොලිස් නිලධාරියකු ඔහුට කීවේ ය.

    “එහෙනම් ඔය සිද්ධිය මීඩියා එකට දෙන්න එපා.”

    “මාධ්‍යයෙන් ගියොත් මිනිහාගේ ප්‍රතිරූපය විනාශ වෙනවා. ඔය මිනිහාගේ තරහකාරයෝ කරන වැඩ. ඔයගොල්ලන්ටත් මිනිහගෙන් ඕන උදව්වක් කරගන්න පුළුවන් හොඳ මිනිහා…”

    “ඒක කරන්න එපා. අපි මිනිහව උසාවි දානවා. උසාවියට කියලා ඇපයක් ගන්න බලන්න.”

    “එහෙනම් උසාවියට දානකම් මිනිහව ඒසී කාර් එකේ තියාගන්න පුළුවන් ද?”

    උසස් පොලිස් නිලධාරියා රහස් පොලිසියේ ලොක්කෙක්ගෙන් එසේ විමසා තිබිණි. ඒ දකුණේ පොලිස් ලොක්කා කපුවා සමග ඒ තරම් හිතවත්ව සිටි නිසා ය. ඔහු පමණක් නොව දකුණු පළාතේ තව ත් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් ඕ.අයි.සී.වරුන් පවා මොහු සමග සමීප සබඳකම් පවත්වා ඇති අතර බොහෝ අය සැක කරන්නේ ඒ කපුවාගෙන් ලබාගත් ලාභ ප්‍රයෝජන හා මිල මුදල් නිසා බව ය.

    කෙසේ වෙතත් ඒ සියල්ලට ම යට නොවී සැකකාර කපුවා අත්අඩංගුවට ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිසියට භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කර තිබිණි. මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාර කපුවා මේ මස 23දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන්නට විය.

    සැකකරු 9, 10, 11, 12 වයස් සීමාවල දරුවන් 9 දෙනෙකු සමග ලිංගික කටයුතුවල නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී. එමෙන් ම මෙම දරුවන් මොහු විසින් මිල දී ගන්නා ලද අතුරුගිරිය නිවසකට ද ගෙන ගොස් අපචාර ක්‍රියාවල යෙදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. මෙම දරුවන් අතර දකුණේ ජනප්‍රිය පාසල් කිහිපයක දරුවන් ද අතුරුගිරිය හා කැස්බෑව ප්‍රදේශයේ පදිංචි දරුවන් ද වන බව රහස් පොලිසිය සඳහන් කරයි.

    අතුරුගිරියේ මොහුට අයත් නිවස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්වී ඇති අතර එහි තිබී මෙම සිද්ධියට සම්බන්ධ සැකකටයුතු භාණ්ඩ කිහිපයක් ද රහස් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

    රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කළ සිය දේව හාස්කම් පිළිබඳ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වීම සඳහා කොළඹ පැමිණි අවස්ථාවලදී මොහු මෙම අතුරුගිරිය නිවසේ නවාතැන් ගන්නා බව ද කියති.

    පොලිසියේ උසස් නිලධාරීන් සහ ප්‍රබල දේශපාලනඥයින් සමීපව ඇසුරු කරන මොහු පෞද්ගලික ආරක්‍ෂකයන් සමග මාර්ගවල ගමන් කරන්නේ ප්‍රභූවරයෙකු ලෙස බවට ද වාර්තා වේ.

    කෙසේ වෙතත් දරුවන්ගේ ලිංගික රූපරාමු ඇතුළත් වීඩියෝ දර්ශන විදෙස් රටවලට යවා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට ත් එලෙස වීඩියෝ යැවූයේ නම් ඒ කුමක් අරමුණු කරගෙන ද යන්න සෙවීමටත් රහස් පොලිසිය විමර්ශන අරඹා තිබේ.

    කෙසේ වෙතත්, මොහු මෙවැනි ක්‍රියාවල යෙදීමේදී කිසියම් අතපසුවීමක් වුවහොත් හෝ දරුවන්ගේ මවුපියන්ගේ සැකයට භාජන වුවහොත් රුපියල් කෝටි ගණන් එම මවුවරුන්ට ලබාදී ඇති සිද්ධීන් ද රහස් පොලිසියට වාර්තා වී තිබේ.

    මෙලෙස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගාල්ල, හබරාදූව, උණවටුන මැටරඹ සතර මහ දේවාලයේ කපුවෙකු වන 44 හැවිරිදි කීර්ති කුමාර වටගොඩ නැමැත්තෙකි.

    ළමයින්ට මවුපියන්ගේ ආරක්‍ෂාව සහ රැකවරණය නිරන්තරයෙන් ලැබිය යුතු වන අතර දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිමත් වීම අවම වන අවස්ථාවලදී ඔවුන් වෙනත් පුද්ගලයන් සමඟ විවිධ හේතු උදෙසා සම්බන්ධතා පවත්වාගෙන යෑම තුළින් පහසුවෙන් ම අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමට ඇති හැකියාව වැඩි වශයෙන් පවතින බව මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය කියා සිටියි.

    ඔවුන් තනිවම පිටස්තර පුද්ගලයන් සමග විවිධ සම්බන්ධතා පැවැත්වීම ඇතුළු කටයුතු සිදුකිරීමට යාමේදී ඇති විය හැකි අනාරක්‍ෂිතභාවය සහ අවදානම පිළිබඳ ළමයින් නිරන්තරව ම දැනුවත් කිරීමත් මවුපියන් මේ පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතා වැදගත් බව ද පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටී.

    ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව සමාජ සත්කාර හා විශ්වයේ බලය පිළිබඳව දේශනා පවත්වමින් මාධ්‍යවල පෙනී සිටින මෙම කපුවා අන්තර්ජාලයේ ද දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරතව සිටි අයකු වන අතර සමාජයේ දානපතියෙකු ලෙස හැසිරුණු අයෙකු බව පවසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ළමයින් අපයෝජන කිරීමේ සිද්ධියකට අදාළ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 සහ 2006 අංක 16 දරන සංශෝධිත පනත් මගින් 360 ආ, 360 ඇ, 365 ආ යන වගන්ති මගින් විග්‍රහ කර ඇති වැරදි සිදුකිරීම මත මොහු අත්අඩංගුවට ගත් බවත් සැකකරු බී 02459/22 නඩු අංකය යටතේ ඉකුත් 11 වන දා අධිකරණයට ඉදිරිපත් කළ බවත් අධිකරණය ඔහු මේ මස 23 වන දා ගාල්ල දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව ත් කියයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ අධීක්‍ෂණය මත ඩිජිටල් වෝහාරික පරිගණක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදුකර සැකකාර කපුවා අත්අඩංගුවට ගන්නා ලදී.”

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version