ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබූ ජාත්‍යන්තර දමිළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇත.
ඒත් සමග පුද්ගලයින් 316 දෙනෙකු සඳහා පනවා තිබූ තහනම ද ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
අදාළ සංවිධාන සහ පුද්ගලයින්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුළදී කරන ලද අධ්‍යයනයන්ගෙන් අනතුරුව ලැබුණූ නිර්දේශ මත පදනම්ව මෙම තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.
මීට ඉහතදී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව මෙරට තහනම් සංවිධාන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් අසාධු ලේඛන ගත කර තිබුණි.
එම සංවිධාන අතුරින්, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානවල තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇත.
මේත් සමග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව තවත් සංවිධාන 03ක් සහ පුද්ගලයින් 55 දෙනෙකු තහනම් කිරීමට ද කටයුතු කර ඇත.















































