ආරම්භක වසර දෙක සඳහා ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට පොරොන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය අද (15) දින ශ්‍රී ලංකාව වෙත භාර දීමට කටයුතු කර ඇත.
කටුනායකදී අදාළ ගුවන් යානය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම සිදු කෙරුනේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසිනි.
මෙම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගෝර්මඩේ මහතා ද සහභාගී වූ අතර 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් මෙම යානය ශ්‍රී ලංකාව වෙත මෙසේ භාර දී ඇත.
මෙසේ මෙරටට පරිත්‍යාග කරන ලද ඩෝනියර්-228 ගුවන් යානය සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් වන අතර එමගින් මුහුදු කලාපවල ආවේක්ෂණ කටයුතු සිදු කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතියි.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ගුවන් යානා පියාසර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 දෙනෙකු ඉන්දියාවේදී මාස 04ක විශේෂ පුහුණුවක් ද ලබා තිබීමයි.
















































