ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශක අගය 17% ක වාර්ෂික ඉහළ යාමක් පෙන්නුම් කරමින් දර්ශක අංක 186.9 දක්වා ඉහළ ගොස් ඇති අතර මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළයාම නේවාසික, වාණිජ හා කාර්මික යන අනුදර්ශක තුනෙහිම ඉහළයාමේ ප්‍රතිඵලයක් බවයි.
වැඩිම ප්‍රතිශතයකින් ඉහළ යාම පෙන්නුම් කරන්නේ කාර්මිල ඉඩම් මිල 20.6% ක වාර්ෂික වර්ධනයක් සමඟ ය.
එමෙන්ම ඉන් පසු පිළිවෙළින් වාණිජ හා නේවාසික ඉඩම් මිල ඉහළයාමක් ද පෙන්නුම් කර ඇති බව ද වැඩිදුරටත් දක්වා ඇත.














































