හිනිදුම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,000 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඉන්ධන තොගය කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හිනිදුම පොලිසියට ලද තොරතුරක් මත හදිසි මාර්ග බාධක යොදා සිදු කරන ලද වැටලීමකින් මෙම ඉන්ධන තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 31 හැවිරිදි පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















































