මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ අද (27) සිට පාතාලය මර්දනය කිරීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බවයි.
මෙම තීරණය අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවකදී ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා, බස්නාහිර සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අනෙකුත් විමර්ශන අංශ ද එක්ව ඇත.














































