නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති පළමු ජනන යන්ත්‍රය මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇත.
ඒ අනුව ඊයේ (26) පස්වරුවේ සිට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව වාර්තා වේ.
නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය පසුගිය 15 වැනිදා හදිසියේ බිඳ වැටීමකට ලක් වූ අතර එහි දෙවන විදුලි ජනන යන්ත්‍රය ද නඩල්ලු කටයුත්තක් හේතුවෙන් මේ වන විට අක්‍රීයව පවතියි.














































