තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයෙක් ඝාතනය කළ පුවතක් ගණේමුල්ල පොලිස් වසමේ ,හොරගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක් තරුණයා වයස අවුරුදු 28ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ මියගිය තරුණයා වෙළෙඳසැලකට හා එහි හිමිකරුට පහරදීමේ සිදුවීමක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් බවට පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වෙළඳසැල් හිමිකරුගේ පුත්‍රයා විසින් ඝාතනයට ලක්වූ තරුණයා ඔහු පදිංචි නිවස අසල පාලු නිවසක ඉඩමක් තුළ දී හිස කඳෙන් වෙන් වන සේ තියුණු ආයුධයකින් පහරදී තිබූ බවයි.
සිදුවීමට අදාළ සැකකරු පළා ගොස් ඇති අතර ,ඔහුව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.