අද (09) සිට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට උපදෙස් ලබා දී ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදෛ්ශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කිරීම සඳහා මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දුන් බවයි .
ශ්‍රී ලංකාවේ අග රැජින වශයෙන් ද දෙවැනි එළිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා කටයුතු කරන ලදී.
ඊයේ (08) රාත්‍රියේ නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගය සඳහන් කළේ බ්‍රිතාන්‍ය දීර්ඝතම කාලයක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ අභාවය සැලවීමත් සමග ඇයගේ පවුලේ සාමාජිකයින් බැල්මොරල් මාළිගය වෙත පැමිණි බවත් ඒ අතර මුණුපුරන් වන විලියම් සහ හැරී කුමරු ද වන බවත් ය.
එමෙන්ම ඇයගේ අභාවය සැලවීමත් සමග බකිංහැම් මාළිගය ඉදිරිපිටට විශාල මහජනතාවක් එක් ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් ,දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රාන්ත 14 ක නව රජු සහ රාජ්‍ය නායකයා බවට පත්වීමට නියමිතව ඇත.
















































