එළඹෙන සතියේ දී අමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ඉහළ දැමේ යැයි අපේක්ෂාවෙන් ලෝක වෙළඳපොළ බොර තෙල් මිල පහළ ගොස් ඇත.
පසුගිය අගෝස්තු මස ඉල්ලුම වැඩිවීමත් සමග බොරතෙල් මිල යම් තරමකින් වැඩිවිය.
මේ අතර අද (14) දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩු වී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩු වී තිබිණ.














































