ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය විසින් ග්‍රාමීය ප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක් තෝරාගෙන සිදු කරන ලද සමීක්ෂණයකින් මේ මොහොතේ දී පවා සුපුරුදු ආහාර නොමැතිව අසරණ වූ පවුල් 20 ක් සොයා ගෙන තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ දුෂ්කර ග්‍රාම සේවා වසම් දෙකක් පමණක් තෝරාගෙන විවිධ නිර්ණායක පදනම් කරගෙන මෙම සමීක්ෂණය කර තිබේ. මෙසේ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක් පමණක් කේන්ද්‍ර කර ගනිමින් කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති මෙම පවුල් වලින් ඇතැම් නිවෙස් වල සති දෙකකින් බතක් උයා නොමැති බවත්,මඤ්ඤොක්කා සමග පොල් පමණක් ආහාරයට ගෙන දරුවෝ පාසැල් වෙත ගොස් ඇති බවද සොයාගෙන තිබේ. තවත් සමහරක් දරුවන් කෑම නැතුව පාසැලේදි ක්ලාන්ත වී වැටී ඇති බව ද අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,022ක් පවතින අතර මේ සෑම වසමකින්ම අවම වශයෙන් මෙසේ කුසගින්නේ අසරණ වූ පවුල් 10ක් පැවතිය හොත් ශ්‍රී ලංකාවේ එවැනි පවුල් 140,220ක් පමණ පැවතිය හැකි බවට අපට අනුමාන කළ හැකිය. නමුත් මෙම පරීක්ෂණය ඔවුන් සිදු කර තිබෙන්නේ අර්ධ වශෙයන් දුෂ්කර ගම්මාන කේන්ද්‍රකරගෙනය. නාගරික තත්වය මීට වඩා දස ගුණයකටත් වඩා වැඩි විය හැකිය.
“ඇතැමෙක්ට පැවසිය හැකියි ඔවුන්ගේ පවුල් එවැනි තත්ත්වයකට වැටී ඇත්තේ සැමියාගේ හෝ පියාගේ බීමත්කම නිසාවෙන් හෝ සූදු ක්‍රීඩාවක නැතහොත් යම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වීම නිසා බව.නමුත් එය එසේ නොවන බව සාක්ෂි ඇතුව අනාවරණය කර ගෙන තිබේ. “මේ පවුල් වල බේබදු අය නැහැ. ඇතැමි තැනක ස්වාමියා ආබාදිතයි. තව තැන් වල පියා අහිමියි, මව පියා දෙදෙනම හිටියත් තිබුන ආදායම් මාර්ග අහිමි වෙලා.මෙවැනි ගැටලුවලින් බැට කන පවුල් 20ක් පමණ මම ග්‍රාම සේවා වසම් 02 තුළින් වාර්තා වුවත් මෙවැනි තව කී දහසක් දෙනා දුක් විඳිනවා ඇතිද යන්න යන්න හිතා ගැනීමටත් අපහසුයි”. ඔවුන් පවසයි. ඔවුන් මෙම සමීක්ෂණය කරන ලද්දේ අර්ධ වශයෙන් දුෂ්කර ප්‍රදේශයක වන අතර මීටත් වඩා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ කොතෙකුත් මෙරට තුළ පවතිනවා ද සහ ඒවායේ මෙවැනි පවුල් විශාල සංඛ්‍යාවක් කුස ගින්දරින් වේදනා විඳිනවාද යන්නද තවදුරටත් ඔවුන් විමර්ශනය කරමින් සිටී.
“කුලී වැඩක් හෝ සිදුකර දවසේ එදාවේල සරිකර ගැනීමට ජීවිතය යාන්තමින් ගැටගසා ගැනීමට කටයුතු කළ අය පවා පවතින අමන ක්‍රමයත් සමග සම්පූර්ණයෙන් විනාශ වී ඇත. එවන් පසුබිමක මෙවැනි දෙයක් ඔබට කීමට නොහැකි වුවද රටේ පුරවැසියෙක් ලෙස ඒ හඬ ඔවුන් වෙනුවෙන් මෙසේ සටහන් කරන්නේ ඔවුන්ට කෙසේ හෝ කුසට අහරක් ලබා දීමේ දැඩි අපේක්ෂාව පෙරදැරි කරගෙනය. ඔවුන්ට පමණක් නොව ඔබ ජීවත් වන ප්‍රදේශයේ ද මෙවැනි පවුල් ඕනෑතරම් සිටිය හැක.ඔවුන් ගැන සොයා බලන්න.තමන්ට ඇති හැකි පමණින් යම් උපකාරයක් ඔවුන් වෙනුවෙන් සිදු කරන්න ඉදිරිපත් වෙන්න. එක පවුලකට සතියකට වගේ ප්‍රමානවත් වන්න රු 3000ක හෝ ඔබට පුලුවන් මට්ටමේ දායකත්වයක් ලබාදෙන්න උත්සහ කරන්න. ඇවැසි සම්බන්ධිකරනය කරන්නම්..ඔබම පැමින මේ පිංකම ඔබ අතින් කිරිමට කටයුතු කරවන්නම් පවුල් වල පිංතුර ස්ථාන කිසිවක් සදහන් කලේ නැහැ.එය එසේ කිරීමෙන් ඔවුන් තවදුරටත් මානසික පීඩාවකට හෝ ලක් කිරීමට අප සූදානම් නැත.සම්බන්ධ වීමට කැමැති අයට ඒ සියලු විස්තර අපගෙන් ලබා ගැනීමේ හැකියාව පවතියි.ඔබටම සෘජුව සම්බන්ධ විය හැකි ලෙසම සියලුම තොරතුරු අප සතුව පවතියි.උපකාර කිරීමට කැමැත්තෙන් යම් අයෙක් වේ නම් අපව කථා කරගන්න”. සංවිධානය පවසයි. එසේ සම්බන්ධ වන පුද්ගලයන් “තානායම්පල ප්‍රජා සත්කාරක සේවය”ට සම්ප්බන්ධ කර ඒ මගින් අවැසි සියල්ලම සිදු කරන බවද “ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” පවසයි.
අපට ඇති හැකි පමණින් ඔවුන්ගේ කුස ගින්නට යම් හෝ සහනයක් ලබා දීමට හැකි නම් කරුණාකර ඉදිරිපත් වන්න.ඔබත් මමත් සිටින්නේ ද ආර්ථිකය අතින් දුර්වල මට්ටමක විය හැක නමුත් අපේ රටේ අපේම සහෝදර ජනතාවට මෙසේ කුසගින්නේ මියැදීමට ඉඩ ලබා දිය නොහැක.මේවා පාලකයන්ගේ වගකීම්, ඔවුන් උපකාර කරයි, අපට නැතිව කොහොමද අනුන්ට දන් දෙන්නේ වැනි චේතනා පසෙකලා ඔබට හැකි පමණින් සහල් කිලෝවක් හෝ මෙවැනි ඔබ දන්නා තවත් මේ රටේ දුක් විඳීන පවුල්වේ නම් උපකාර කිරීමට ඉදිරිපත් වන්න කියා අපද ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. “ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයද ” මේ සටහන තබන්නේ ඔබ සියල්ලන්ගේ ආධාර උපකාර මේ රටේ මෙසේ කුසගින්නේ පීඩා විඳින සියලුදෙනා වෙනුවෙන් යමක් කිරීමට අවධානය යොමු කරවීමටමය.
පුංචි දරුවන් කුසගින්නේ ක්ලාන්ත වන තරමට දුක් විඳින කාලයක් අප කිසි දිනෙක මේ රටෙන් අපේක්ෂා කළේ නැහැ.කොපමණ සම්පත් පැවතිය ද රටට මනා පාලනයක් නොමැති වුවහොත් ඉන් ඇති ඵලය නොමැත.මේ පිළිබඳ සඳහන් කිරීමෙන් හෝ ඔවුන්ට දොස් පැවරීමෙන් දැන් ඵලක් නොමැත.මෙරට එක් පවුලක් හෝ එක් දරුවෙක් කුසගින්නේ මියැදීමෙන් වළකා ගැනීමට සාමාන්‍ය ජනතාව වන අප කෙසේ හෝ කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.මේ ගෙවී යන්නේ සියල්ලන්ට දුෂ්කර කාල පරිච්ඡේදයක් එබැවින් ඔබේ අසල්වැසියා පිළිබඳව ද අවධානයෙන් සොයා බලා අවශ්‍ය උපකාර වේ නම් කිරීමට කටයුතු කිරීමට පුරවැසියන් වන අප වගබලා ගත යුතුව ඇත. අද ඔවුන් විදින පීඩාව හෙට ඔබට මටද විය හැකිය.
ක්ෂණික ඇමතුම් – ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය – 0710866060 – තානයම්පොල ප්‍රජා සත්කාරක සේවය – 0713395046














































