English
සිංහල
16:28 බදාදා, ජූනි 10, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක ඇමතිගේ නීති විවරණයේ වැරදිමක්. ගොරක දඩමස් කරන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුවක්.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 5% ක්වත් නීතිය හරියටම නොදන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් දෙපාර්තෙම්න්තුවේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙනුත් 70% ක්වත් නීතිය නොදන්නා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේනුත් 85% ක්වත් නීතිය නොදන්නා බව පැහැදිලිවන්නේ ඔවුන් පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටතදී සිදුකරනු ලබන ප්‍රකාශයන්වලින්ය. රටක පාලකයන් විය යුත්තේ සැප විඳි පුද්ගලයන් නොවේ. ඔවුන් දුක් විඳ කටුක අත් දැකීම් ලැබුවන් විය යුතුය. එබ්‍රහිම් ලින්කන් වැනි මානව වාදීන් ලෝක පූජිත නායකයන් වෙමින් ලෝකය ගොඩනැගුවේ ඔහුද එසේ කටුක අත්දැකීම් විඳි පුද්ගලයෙකු බැවිනි . ඕනෑම ආයතනයක් මෙන්ම රටවල්ද විනාශ කලේ කුඩාකල සිට සැප විඳි අත්දැකීම් නැති පාලකයන්ය.

    නීති සැකසීමේදී ඒවා සැකසිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී තිබෙන අයිතිවාසිකම්වලට හානි නොවන ලෙසය. යම්කිසි පුද්ගලයෙකු උද්ඝෝෂන කරනුයේ තමන්ට අසාධාරණයක් සිදුව තිබෙන බැවිනි.  මානව හිමිකම් පිලිබඳව විශ්ව ප්‍රකාශනය (UDHR) මානව හිමිකම් ඉතිහාසයේ ප්‍රමුඛතම සංධිස්ථානය වේ. මේ වන විට ලෝකයේ ඉහලින්ම මානව හිමිකම් කඩවීම් සිදුවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් ජනතාව වෙත කරන පීඩා සහ රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විදින ජනතාවගේ විය හැකි බව ලෝක වාර්තා දෙස බලන විට පෙනී යයි. කෙසේ නමුත් මීට දින කිහියකට පමණ පෙර ඉරානය තුලින්ද මෙය දක්නට ලැබුණි.

    නමුත් මෙම විශ්ව ප්‍රකාශය  සැකසී තිබෙන්නේ ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම විවිධ නෛතික සහ සංස්කෘතික පසුබිම් සහිත නියෝජිතයන් විසින් කෙටුම්පත් කිරීමෙනි.  මෙම ප්‍රකාශය 1948 දෙසැම්බර් 10 දින පැරිසියේ පැවවතී එක්ෂත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම මානවයන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙනි (මෙම මහා සභා යෝජනවා 217A ලෙසද හදුන්වයි). මූලික මානව හිමිකම් විශ්වීය වශයෙන් ආරක්ෂා කල යුතු බවට එතුලින් ප්‍රථම වතාවට දක්වා ඇති අතර ලොව භාෂා 500 කට වඩා පරිවර්තනය කර තිබේ. මෙම මූලික මිනිස් අයිතිවාසිකම් ගෝලීය වශයෙන් සහ කලාපීය මට්ටමින් ස්ථීර පදනමක් ඇතිව ක්‍රියාත්මක වේ.

    මානව පවුලේ සියලුම සාමාජිකයන්ගේ නෛසර්ගික ගෞරවය සමාන සහ අහිමි කල නොහැකි අයිතිවාසිකම් පිළිගැනීම ලෝකයේ නිදහස, යුක්තිය සහ සාමයේ පදනම වන අතර මානව හිමිකම් නොතකා හැරිම සහ අවඥා කිරීම මානව වර්ගයේ හෘදසාක්ෂිය කෝපයට පත් කල ම්ලේච්ච ක්‍රියාවන්ට හේතු වේ. එයට අපට තිබෙන හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවයි. එසේම මීට දින කිහිපයකට පෙර ඉරානයේ සිදු වූ සිදුවීමද කදිම උදාහරණයකි. මිනිසුන්ට භාෂණයේ හා විශ්වාසයේ නිදහස භුක්ති විඳිය හැකි ලෝකයක් නිර්මාණය කිරීම තුලින් පමණක් බියෙන් තොරව ජීවත්විය හැකි අතර අවශ්‍යතාවයන්වලින් නිදහස්වීමට නම් මූලික මිනිස් අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගත යුතු බවද මෙම ප්‍රකාශයේ ඉතාම පැහැදිලිවම සඳහන් කර තිබේ. එසේම මින් බලාපොරොත්තුවන අවසාන විසඳුම ලෙස කුරිරු පාලනයන්ට එරෙහිව කැරලි ගැසීමට මිනිසාට බල නොකිරීමට නම්, නීතියේ ආධිපත්‍ය මගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වන අතර ජාතීන් අතර මිත්‍ර සබඳථා වර්ධනය කිරීම ආදිය ඇතුළු කරුණු ගනනාවක් එහි සඳහන් කර තිබේ.

    මූලික අයිතිවාසිකම් නීතියේ එසේ සඳහන්ව තිබෙන විට තමන්ට අසාධාරණයක් සිදු වූ විට ඒ වෙනුවෙන් කල යුතු කරුණුද පැහැදිලිවම නීතිය තුල සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පවතින්නේ සැබෑම ගැටළු වෙනුවෙන් පවතින අරගලයකි. නමුත් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන පරිදි වර්තමානයේ විරෝධතා පැන නැගෙන්නේ ගමෙන් හෝ ගොවි බිමෙන් නොවන බවත් සාමාන්‍ය ජනතාව පෙර පරිදි උද්ඝෝෂණ සඳහා කැදවීම පහසු නොවන බවත්ය. නමුත් ගොවි බිමේ නොපෙනෙන අරගලයක් තිබේ. ගොවිබිම මේ දිනවල නිහඩව සිටින්නේ රාජ්‍ය පාලනයේ වරද නිසා 50% කටත් වඩා අඩු අස්වැන්නක් නෙලාගෙන සිටින බැවිනි. නමුත් කුඹුරු වැපිරීමට ඔවුන් තව නොබෝ දිනකින්ම බිම සකස් කරන අතර ඒ සදහා සී සෑමේ කටයුත්තට වෙනදාට වඩා තුන් ගුණයක් පමණ වැඩියෙන් ගෙවීමට ඔවුන්ට සිදු වේ. ඒ ඉන්ධන මිල වැඩි නිසාය. බුද්ධි අංශවලට නොපෙනුනාට එම දුඛ්කිත ගොවි ජනතාව වෙනුවෙන් ගොවි නායකයන් අවශ්‍ය මොහොතේදී පෙනී සිටීමට කටයුතු සිදුකර තිබේ. ගොවි ජනතාව නිහඩව සිටින්නේ ප්‍රශ්න නැති නිසා බව සිතන්නේ නම් එය විශාල වැරදීමක් බව ආරක්ෂක අමත්‍යවරයා පමණක් නොව අනෙක් සියලුම ආරක්ෂක බලධාරීන් විශාල පටලවාගැනීමකි.

    තවද ඔහුට අනුව රට තුල කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමට සීමිත පිරිසක් කටයුතු කරමින් සිටි. නමුත් එයද වැරදිය.  රට තුල ප්‍රශ්න නැතිබව සිතාගෙන ඒවා හදුනා නොගෙන ඔහුකල ප්‍රකාශය නිසාම නැවතත් අරගල දීර්ඝ වේ. අප මැයි මස 28 වැනි දින වාර්තා කරන ලද්දේ “ගෝඨාභයටත් ගඩාෆිට සිදු වූ දේම සිදුවන ලකුණු” ලෙසයි. අප අද සටහන් කරන්නේ මේ අරගලය අවසන් කිරීමට නම් මර්ධනයෙන් හෝ අත් අඩංගුවට ගැනීමෙන් කල නොහැකි බවයි. නව අරගලය ආරම්භ වීමට මූලික වන්නේ ජුලි 22 එල්ල කල ප්‍රහාරයයි.

    එසේම ඔහු තව දුරටත් සඳහන් කලේ යම් ස්ථානයක උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැනුවත්  කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බවය.

    නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භුක්ති විදීමට, තමන් දුක් විදින බව මාධ්‍ය ඇතුළු ආයතන හරහා මෙන්ම පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කර තිබේනම් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන්නේ නම් ඇතිවන මහජන කැළඹීම් නැවැත්වීමට කල යුත්තේ කුමක්ද යන්න අප ඉහත සදහන් කර තිබේ. උද්ඝෝෂණයක් කිරීමට ආරක්ෂක අංශවල අනුමැතිය නොලැබුනොත් එසේ උද්ඝෝෂන කල නොහැක. ඒ ඔවුන්ගේ නීතියයි.  නමුත් පොලිස් ආඥා පනතට වඩා ඉහලින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම නීතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන අයිතීන් භුක්ති විදීමට කිසිම ස්ථානයකින් අවසර ගත යුතු නොවේ. නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය තුල අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා සීමාවන් පනවා තිබේ. ඒ අනුව එහි විවිධ අවස්ථා සදහන් කර තිබේ. ඉන් වැදගත්ම කොටස වන්නේ 15 (7) වැනි වගන්තියයි. එයට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් උද්ඝෝෂන පැවැත්විය නොහැක. නමුත් අප දුටු සියලුම අවස්ථාවන්වලදී ජාතික ආරක්ෂාවට තර්ජයනක් වන ලෙස සියලුම කටයුතු සිදුකරුණු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසිනි. ඒ අනුව රටේ පාලකයන් විසින්ම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර පාලක පන්තියම ආරක්ෂක අංශ යොදවා ජනතාවට පහර දෙති. මිනිසුන්ට භාෂණයේ, ප්‍රකාශනයේ  හා විශ්වාසයේ නිදහස භුක්ති විඳිය හැකි ලෝකයක් නිර්මාණය කිරීම තුලින් පමණක් බියෙන් තොරව ජීවත්විය හැකි අතර අවශ්‍යතාවයන්වලින් නිදහස්වීමට නම් මූලික මිනිස් අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගත යුතුබව ඉතාම පැහැදිලිව මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබද විශ්වීය ප්‍රකාශයේ ඉතාම පැහැදිලිවම සඳහන් කර තිබේ.

    කෙසේ නමුත් රජයට විරුද්ධව උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට එරෙහිව මර්ධනකාරී ක්‍රියාවක් සිදුකරන අතර අධික භාණ්ඩ මිල නිසා ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් නිර්මාණය කර තිබෙන අවස්ථාවක ජනතාව විසින් තෝරාගෙන තිබෙන රජයට විරුද්ධව අරගලකිරීමට, උද්ඝෝෂණ කිරීමට අයිතියක් ජනතාවට තිබේ. එය පොලිස් ආඥා පනතට ඉහලින්ම තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බිදී ආ කාරණාවකි. පසු ගිය මාර්තු 31 න් පසු අප දිගින් දිගටම මෙම වෙබ් අඩවිය තුලින් ප්‍රධානතම වශයෙන් පෙන්වා දී තිබෙන්නේ කුමන නීතියක් දැම්මත් ජනතාවගේ නැගී සිටීම් මර්ධනයෙන් වැළක්විය නොහැකි බවයි.  මෙම සියලුම නීති තිබියදීත් ජුලි මස 9 වැනිදා ලක්ෂ ගනනාවක් කොළඹට පැමිණියේය. ඒවා තේරුම් ගෙන විය යුත්ත, නොවිය යුත්ත කුමක්ද යන්න තේරුම් ගෙන වැඩකිරීමට පාලකයනට තවමත් අවශ්‍ය නැති අතර ඒවා භාවිතා කල යුතුබවට ඔවුන්ට අත්දැකීම්ද නැති බව හොඳටම පැහැදිලිය.

    අද (26) පැවති මාධ්‍ය සාකච්චාව.

    ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා පසුගිය මැයි 11 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ මේ උද්ඝෝෂන මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. ඔහු එය වක්‍රාකාරව සදහන් කල නමුත් සෘජුවම ඔවුන්ගේ නම භාවිතා නොකළේය. මැයි 9 වැනිදායින් පසු බොහෝ දේවල් සිදු විය. වර්තමානයේ කටයුතු කල යුත්තේ එම පාඩම් මතකයේ තබාගෙන වුවත් ඒවා සියල්ලම අමතක කරමින් ඔවුන් මේ ගමන් කරන්නේ දැවැන්ත ලේ වැගිරීමකට බව අප කණගාටුවෙන් සදහන් කරමු. ආරක්ෂක අමාත්‍යවරයාද, අපද මේ රටේ පුරවැසියන් වන අතර සියලුම පුරවැසියන්ගේ වගකීම නම් සියලුම පුරවැසියන් ආරක්ෂා කිරීමයි. අපරාධ නීතියට අනුව රටේ සියලුම පුරවැසියන් ආරක්ෂා කල යුත්තේ රජය විසිනි. එබැවින් මේ පහරදීම්, මර්ධනයන් සියල්ලම අවසන් කිරීම සදහා අවංක සාකඡ්චා කැදවා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නොව මානව වාදී ලෙස ඉදිරිය සකසන ලෙස අප නැවතත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සහ අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේය. අප පසුගිය මාස ගනනාවක් පුරාම ලියා තිබෙන දේවල් ක්‍රියාත්මක කලේ නම් පැවති  රජය තවමත් තිබෙන අතර මෙවැනි අස්ථාවර තත්වයන් ඇති නොවන බවද අප සටහන් කර තිබෙන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම සිදු වූ බවද සටහන් කරන්නෙමු.

    https://www.ravanalankanews.lk/11570/05/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b6%a9%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b7%80%e0%b7%96-%e0%b6%af%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80/51/10/
    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version