මේ වන විට ශ්‍රී ලංකාවේ නීතිය පවා ක්‍රියාත්මක වන්නේ විවිද ඝනයේ අපරාදකරුවන්ට අවශ්‍ය ආකාරයටය. ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ පවා නිසි බලධාරීන් කිහිප දෙනෙකු මෙම අපරාධකරුවන් සුරක්ෂා කිරීමට කටයුතු කරන අතර බොහෝ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් පවා නීති පොත පෙරලනුයේ අපරාධකරුවන්ට අවශ්‍ය ලෙසය. එසේම අපාරාධ කරුවන්ට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියත්මක කිරීමට එරෙහිවන පොලිස් නිලධාරීන්ට ස්ථාන මරුවීම් ලබාදීමට අවශ්‍ය මෙහෙයුම් සිදුකරනුයේද අපරාධකරුවන්මය. විශේෂ කාර්ය බලකාය තුලද එවන් නිලධාරීන් අතලොස්සක් සිටී.
මෙම විනාශය මෙසේ සිදුවෙද්දී මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනය කිරීම සඳහා නව කාර්ය සාධක බලකායක් පත් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කරගෙන යයි.
පසුගියදා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර විෂ හා අන්තරායකර ඖෂධ භාවිතයෙන් වළක්වාලීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.
මෙම සාකච්චාව සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහත්වරුන් ඇතුළුව අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව ආදී ආයතනවල නියෝජිතයන් සහභාගි වී තිබුණි.
කෙසේ වෙතත් මෙම මත්ද්‍රවය හේතුවෙන් දිනෙන් දින බන්ධනාගාරවල තදබදයක් ඇතිවෙමින් පවතින බවද, මත්ද්‍රව්‍යය බෙදා හැරීම, අලෙවි කිරිම හා භාවිතා කිරීම මර්දනය කිරීම සඳහා වන නව කාර්ය සාධක බලකාය සඳහා මෙන් ම තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්තිය සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහය අවශ්‍ය බව ත් මෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගත වන පුද්ගලයින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ප්‍රජා විශෝදන ක්‍රියාවලිය වෙත යොමු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව ත් ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.
එහිදී වැදගත්ම ප්‍රකාශයක් ලෙස ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර බන්ධනාගාරගත වන පුද්ගලයින් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා සතියක් වැනි කාලයක් තුළ ලබා දීම හා මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන පුද්ගලයින් මෙන් ම මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවයි.
කෙසේ නමුත් අපරාධකරුවන් නිසි ලෙස සත්‍ය ලෙසම තෝරාගැනීම සදහා විනයානුකූල පරීක්ෂණ නිලධාරීන් මෙම කාර්ය සාධක බලකායට පත්කළ යුතුව තිබේ. එසේම වැටලීම් සදහා ත්‍රිවිධ හමුදා මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කරමින් රහසිගත කණ්ඩායමක් වෙනමම ස්ථාපනය කල යුතුව තිබේ. එවැනි ක්‍රමවේදයක් නොමැතිව මෙම මත්ද්‍රවය වෙළදාම හෝ අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීම සිහිනයක්ම පමණක් වනු ඇත.














































