English
සිංහල
11:55 සිකුරාදා, අප්‍රේල් 17, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කොතලාවල විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹට. ජනාධිපති සහ කමල්ගෙන් තවත් වැඩක්   

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට  (ඔක්තෝම්බර් 5) සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය. 

    විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි සේවාවන් අගය කළ අතර, එහි ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය හා විදේශීය සිසුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා පහසුකම් පුළුල් කරමින් වේගවත් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව සඳහන් කළේය. 

    විශ්වවිද්‍යාලයක්, තම දැනුම ව්‍යාප්ත කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් සිසුන්ට අදාළ කුසලතා, නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීමට අවස්ථාවන් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශීය පරිසරයන් තුළ අනාගතයේදී තම යුතුකම් ඉටු කිරීම සඳහා සුදුසු මනසක් ඇතිකිරීමේ පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සෑම විටම සිය ශිෂ්‍ය ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳ තීරණ ගෙන ඇත්තේ නිවැරදි ආකල්ප පිළිබඳ මානසිකත්වයන් ඇති කරමින් ඔවුන්ගේ අදාළ න්‍යායික හා ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සහ අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් බව ඔහු අවධාරණය කළේය.

    අලුතින් පිහිටුවන ලද පරිගණක පීඨය මගින් මෙම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට අවස්ථාව සැලසෙන අතර එය උපාධි අපේක්ෂකයින් හට ගුණාත්මක අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත වේ. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එහි ආරම්භයේ සිටම වේගයෙන් සංවර්ධනය වී ඇති අතර එය රටේ ඉහළම අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපතිද වන ‌ජෙනරල් ගුණරත්න අනාවරණය කළේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ලොව කීර්තිමත්ම ආරක්‍ෂක විද්‍යාපීඨ අතර 4 වැනි ස්ථානයට පත්ව ඇති බවයි. 2022 වර්ෂයේ  ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට (Times Higher Education Impact Ranking), අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 2 වන ස්ථානයට සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයට මෙන්ම ගෝලීය වශයෙන් 801-1000 පරාසයේ ඇති බවයි.

    තම ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය සහ ජීවන අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා විශ්වවිද්‍යාලයේ සම්පත්, සංස්කෘතිය සහ එහි විශිෂ්ඨත්වය උපරිමයෙන් භාවිත කරන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. 

    එහි උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම්ව පිළිගනු ලැබීය.   

    එහිදී අදහස් දැක්වූ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සඳහන් කළේ අධ්‍යාපනය සඳහා සිවිල් විද්‍යාර්ථීන් සහ හමුදා ශිෂ්‍ය භටයින් ඒකාබද්ධ කිරීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ හොඳ සංයෝජනයක් බවයි.  

    ‍උපකුලපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර, ආරක්‍ෂක ලේකම් විසින් ඔහු රචනා කරන ලද සම්පූර්ණ ග්‍රන්ථ කට්ටලයක් විශ්වවිද්‍යාල පුස්තකාලයට ප්‍රදානය කරන ලදී.

    මෙම වැඩසටහන අතරතුර ජෙනරල් ගුණරත්න, උපකුලපති සහ විශ්වවිද්‍යාල නිලධාරීන් සමග කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල දක්ෂිණ මණ්ඩපයේ සියලුම පහසුකම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ අදහස් හුවමාරුවක්ද සිදු කළේය. සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා ඔහු පැළයක් ද රෝපණය කළේය.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න , යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ, විශ්වවිද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, මෙට්‍රොපොලිටන් කැම්පස්හි මණ්ඩපාධිපති මේජර් ජෙනරල් ලාල් ගුණසේකර, අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල කළමනාකාරීත්වයේ සාමාජිකයන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් සහ උපාධි අපේක්ෂකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version