ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු වන හෂාන් ජීවන්ත ගුණතිලක දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අතර අද (07) දිනයේ ඔහුව මුදාහරින ලෙස තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග ලබා දී ඇත.
අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකිරීමට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් බව නීතිඥ උපාලි මොහොට්ටි මහතා ප්‍රකාශ කරන ලදී.
















































