ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජුලි මාසය වන විට තීරණයක් ඉඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඊයේ (09) පෙරවරුවේ වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලදී.
මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලද්දේ රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
දේශපාලන දූෂණය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම මනාප ක්‍රමය බවත්, කඩිනමින් අප එම මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමග මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් පෙන්වා දී ඇත.



















































