ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් ඉන්ධන මිල පහළ බැස ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අඛණ්ඩව දින 05ක් පුරාවට නොකඩවා බොරතෙල් මිල වැඩි වූ අතර එක්වර බොරතෙල් සඳහා වන ඉල්ලුම අඩුවීමට හේතුකාරක වී ඇත්තේ ලෝකයේ විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනයේ ආර්ථික කටයුතු දුර්වලවීමත්, ලෝක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඇතිව ඇති අවිනිශ්චිත බව නිසාත් ය.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල දෙසැම්බර් මාසය වන විට %කින් පහළ ගොස් ඇති අතර එහි මිල සඳහන් වූයේ ඩොලර් 97.07ක් වශයෙන් වන අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.84ක් ලෙස ද සඳහන් ව ඇත.














































