අද (13)දින අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී ඇත.
අධිකරණය එසේ නියෝග නිකුත් කර අත්තේ ඔහු අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් බව වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සැප්. 29 වන දා සිතාසි නිකුත් කර තිබිණි.
පසුගිය සැප්. 29 වනදා අභියාචනාධිකරණය එම නියෝගය ලබා දි අත්තේ ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ය.
අගෝස්තු මස 23 වන දා පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරුන් ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර ඇති බවට ත් එම ප්‍රකාශය තුළින් අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කර නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කර ඇති බවට ත් සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
එමෙන් ම, අදාළ ප්‍රකාශය හරහා මහ ජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙළීමට ක්‍රියා කර ඇති බවට ද චෝදනා කර තිබිණි.
මේ වන විට සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.















































