පසුගියදා පෙට්‍රල් මිල රුපියල් 40 කින් පහත දැමීමට පියවර ගැනුණත් ත්‍රීරෝද රථ වෘත්තීය සංගම් සිය ත්‍රීරෝද රථ ගාස්තු පහත දැමීමට කටයුතු නොකළ අතර ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සතියකට හිමි වන ඉන්ධන කෝටාව ඔවුන්ට ප්‍රමාණවත් නොවන බැවින් අයථා ක්‍රම වලින් තම හයර් සඳහා ඉන්ධන ලබා ගැනීමට සිදුවන බවත් ය.
එම නිසා දැනට සතියකට ලබා දෙන ලීටර් පහක ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගතහොත් තම ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පැහැදිලි කරයි.
කෙසේ නමුත් දැනට ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (15) ප්‍රකාශ කර ඇත.














































