පසුගිය දිනවල ඇල්ල රක්ෂිතය වෙත ගිය සිසුන් පිරිසක් විසින් එම රක්ෂිතයට ගිනි තබා තිබූ පුවතක් වාර්තා වූ අතර එම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි.
සිසුන් 16 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසින් මෙම අනර්ථය සිදුකර තිබූ අතර එසේ විනාශ කළ රක්ෂිතය තුළ යළිත් පැළ සිටුවිය යුතු බවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණි.
අදාළ තීන්දුවට අනුව ඊයේ (16) දිනයේ එක් සිසුවෙක් පැළ 10 බැගින් වන ලෙස පැළ 160ක් රක්ෂිතයේ සිටුවීමට ඇල්ල පොලිසියේ ද මැදිහත්වීමෙන් කටයුතු කර ඇත.
ඒ අනුව එම සිසුන් විසින් කොස් සහ පළතුරු පැළ රක්ෂිතය තුළ සිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් බන්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් මෙම අපූර්ව දඬුවම සමස්ථ සමාජයට මෙන්ම රටේ සියලුම රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට ද කදිම නිදසුනකි.
මෙම සිසුන් නීතියෙන් පීඩාවට පත්කරමින් බන්ධනාගාර ගත කිරීමට හෝ කටයුතු කළේ නම් අද වන විට තවත් අපරාධකරුවන් 16 දෙනෙකු සමාජයට බිහිවීමට ඉඩ තිබුණි.ඒ අනුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් මෙම තීන්ඩුව අගයකොට සැලකිය යුතුව ඇතුවා සේම මෙය අප රට තුළ පවතින වර්තමාන තත්ත්වයට ද හොඳ පාඩමක් වනු ඇත.
අද වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය දේශපාලන ක්‍රියාවලිය අවුල්ජාලයක් ව ඇති අතර ඊට හඬ නැගීමට තරුණයින් මහමඟට ඇද දමා අනතුරුව ඔවුන් අපරාධකරුවන් ලෙස හන්වඩු ගසමින් සමාජය තුළ කොන් කරනු ලබයි.
රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර එසේ විනාශ මුඛයට ඇද දැමීමට කටයුතු නොකරමින් අධිකරණයක් විසින් ගන්නා ලද මෙවැනි පියවර අගය කළ යුතු අතර මෙම සිසුන්ට ලබාදුන් මෙම සුන්දර දඬුවම තුළින් එම දරුවන්ට හෝ සමාජයට හෝ හානියක් නොවන අතර පරිසරයට සිදු වූ හානිය ද යම් දුරකට පිළිසකර වනු ඇත.
රටේ සමස්ත පාලන ක්‍රියාවලියට ද මෙය අපුර්ව නිදසුනක් මෙන්ම ඔවුන් මේ වන විට සිදු කරන මර්දන ක්‍රියාවලියට ද මෙය අපූරු කනේ පහරක් විය යුතුය.
බොහෝමයක් දියුණු රටවල් තරුණ ප්‍රජාව රැක ගනිමින් ඔවුන්ගේ දැනුම ආකල්ප වර්ධනයට සහ ඔවුන්ගේ සමාජ තත්ත්වයන් වර්ධනය කිරීමට කටයුතු කරන පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සිදුකරන මර්දන ක්‍රියාවලිය එතරම් රටට මෙන්ම අනාගත පරපුරට ද සුබදායී නොවනු ඇත.