චීන නෞකාවක් මෙරට සාගර කලාපයට හෙට (19) හෝ අනිද්දා (20) දිනයේ පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව මුහුදෙන් ගොඩගැනීම සඳහා මෙම නෞකාව පැමිණෙන බව වාර්තා වේ.
එම චීන නෞකාව මාස කිහිපයක් මෙරට සාගර කලාපය තුළ රැඳී සිටිමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ.
එමෙන්ම නෞකාව ගිනි ගැනීමෙන් සාගර පද්ධතියට එකතු වූ අබලි ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1,700කට අධික ප්‍රමාණයක් එක්රැස් කර මීගමුව පමුණුගම ප්‍රදේශය ආශ්‍රිත අපද්‍රව්‍ය ගබඩා කරනු ලබන අංගනයක ගබඩා කර ඇති බව වාර්තා වේ.
එම අපද්‍රව්‍ය තොග වෙන්කර දෙපාර්ශවයම එකඟවන රසායනාගාර තුළ ඒවා පරීක්ෂා කර ඉන් පසුව බැහැර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද සභාපතිනිය සඳහන් කරයි.