මීගමුව මහේස්ත්‍රාත් අදිකරණය විසින් තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය තෙක් අහෝසි කිරීමට නියෝග කර ඇත.
වයස අවුරුදු 20ක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිකාර තරුණයෙකුට මෙම දඬුවම් නියම කර ඇත.
ඒ බීමත්ව රියපදවා 36 හැවිරිදි කාන්තාවක් මරණයට පත් කිරීම ඇතුළු තවත් චෝදනා 06කට වැරදිකරු ලෙස පිළිගැනීමෙන් අනතුරුව ය.
තව ද එම සැකකාර තරුණයාට වසර 10කට අත්හිටවූ මාස 02ක සිරදඬුවම් සහ රු.50,000 දඩමුදලක් ද නියම කිරීමට මීට අදාළ නඩුව ඊයේ (19) මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී කටයුතු කර ඇත.
එමෙන්ම එසේ මියගිය කාන්තාවගේ මවට, පියාට සහ ස්වාමිපුරුෂයාට ද ලක්ෂ 02ක වන්දියක් ගෙවන ලෙස ද එහි දී නියෝග කර ඇත.














































